සේද මාවතේ සිට


චීන පුරාවෘත්තවලට අනුව සේද රෙදි සොයාගෙන ඇත්තේ ක්‍රි.පූ 3000 දී වොහැන්ගේ මිතිකා (Mythica)  අධිරාජ්‍යයාගේ බිරිඳ වන HSI – Ling  Scin  ෂි ලිං ෂිං ය.

චීනයේ සෙජියාස්‌ පළාතෙන් සේද නූල් කටින යන්ත්‍ර සහ වියන ලද රෙදි පූරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. ක්‍රි පු 3000 ටත් එහා කාලයකදී භාවිතයට  ගන්නා ලද  යන්ත්‍ර  බවට හදුනා ගෙන තිබේ.

2007 වසරේදී  පුරාවිද්‍යාඥයන් විසින්  වසර 25000 කට පමණ ඉහතදී ඊජීප්තුවේ මමී සඳහා සේද ඇඳුම් යොදාගෙන තිබූ බව  වාර්තා කර ඇත.

එකල චීන අධිරාජ්‍ය ලිෂු (Leizu) සේද රෙදි භාවිත කළ හැක්‌කේ චීනයේ වංශවත් පවුල්වල අය සඳහා පමණක්‌ බව නියෝගයක්‌ද නිකුත් තිබිණි. එයින් පැහැදිලි වන්නේ සේද රෙදි එකල සාමාන්‍ය ජනතාවට අහිමි වූ භාණ්‌ඩයක් ලෙස පැවති බවයි.

අතීතයේ සිටම  චීනය වානිජ වශයෙන් සේද නිෂ්පාදනය කල අතර ජාත්‍යන්තර  වෙළෙදාමක්‌ වශයෙන්  පවත්වා ගෙන කර්මාන්තයක් විය. සේද රෙද්දේ තිබූ ප්‍රභාවත් බව සහ නිමාව නිසා ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන්ද විශාල ඉල්ලුමක්‌ අතීතයේ සිටම ඇතිව තිබු බව සේද මාවත නම ඇතිවීමෙන්ම සිතා ගත හැක.

යුරෝපය හා ආසියාව යා කල සේද මාවත චීනය හරහා වැටී තිබීම  සේද රෙදි ජනප්‍රිය වීමට තවත් හේතුවක්‌ විය. යුරෝපීය ජාතික වෙලෙදුන්  එකල සේද රෙදි යුරෝපයට රැගෙන ගොස්‌ ඉතා අධික මිලකට අලෙවි කළහ.

චීනයට ආවේනික තාක්‍ෂණික උපක්‍රම යොදාගෙන සේද රෙදි නිෂ්පාදනය කරනු ලැබීය. සේද රෙදි වර්ණ ගැන්වීම සඳහා ඔවුහු නොයෙකුත් උපක්‍රම භාවිතා කළහ. සේද රෙදි රතුපාට, නිල්පාට, දම්පාට, යන වර්ණවලින් යුක්‌ත විය.මේ සදහා ඔවුන්ට අවශ්‍යවු නිෂ්පාදන ද්‍රව්‍ය සැපයීමට එකල ජනප්‍රිය වෙළද මාර්ගවු සේද මාවතතේ විවිධ රටවලින් මුලද්‍රව්‍ය සපයා ගත් බව ඉතිහාසයේ සටහන් වී ඇත.

සේද රෙදිවල දම්පාටට හුරු රතුපාට නිර්මාණය කිරීම සඳහා ලංකාවේ බූවල්ලන්ගේ දැලි යොදා ගනු ලැබීය.  ලංකාව ඉන්දියාව ආශ්‍රිතව මුහුද තීරයේ සිටින බූවල්ලන්ගෙන් දීප්තිමත් වර්ණක නිකුත්වන්නේය. ඒවා තද කළු පැහැති තීත්ත වැනි ද්‍රව්‍යයක්‌ය.

එකල සේද නිෂ්පාදනයේ ඒකාධිකාරය පවත්වා ගෙන යාමට චීනය දැඩි නීතිමය ක්‍රියා මාර්ගයන් අනුගමනය කර ඇත. යම් විදියකින් හෝ පටපණු කෝෂ වෙනත් රටකට යෑවීමට උත්සාහ කළහොත් චීන ජාතිකයන්ට  මරණ දඬුවම පැමිනවීමට තරම් එම නිථී බරපතල විය.

අරාබි ජාතිකයින් දෙදෙනකු පට පණු කෝෂ දෙකක්‌ තම සැරයටියේ සඟවාගෙන චීනයෙන් රැගෙන යාමෙන් සහ   ජපන් ගවේෂකයන් විසින් පටපණු කෝෂ සමඟ චීන ජාතික තරුණ කාන්තාවන් සිව්දෙනෙකු තම රටට රැගෙන යාමෙන් සේද කර්මාන්තය ලොවට නිරාවරණය වී ඇති අන්දම අතීත කථාවල සදහන්ව ඇත.

චීනය ඉන්දියාව බ්‍රසීලය, තායිලන්තය, ඉරානය, වියට්‌නාමය  සහ කොරියාව  සේද නිෂ්පාදනය කරන රටවල් වන අතර මින් වැඩි ධාරිතාව වන
සේද    රෙදි මෙට්ට්‍රික්‌ ටොන් 2,90000 ක්‌ චීනය  විසින්  වසරකට  නිපදවනු ලැබේ. ඉන්දියාව වසරකට නිපදවන සේද රෙදි මෙට්ට්‍රික්‌ ටොන් ප්‍රමාණය 77000 කි. අනිකුත් සියලුම රටවල් බ්‍රසීලය, තායිලන්තය, ඉරානය, වියට්‌නාමය කොරියාව වසරකට නිපදවනු ලබන්නේ මෙටිට්‍රික්‌ ටොන් 20000 කටත් අඩුවෙනි.

2 comments on “සේද මාවතේ සිට

    • එකල සේද හා පට පිලි නිමයීමේ ව්‍යාපෘතියක් සහ ඒ වෙනුවෙන් වෙන්වු රාජ්‍ය අංශයක් තිබුනා. මල්බෙරි වගා බිම් අක්කර හාර පන්සීයයක් වෙන් කර ගෙන වගා කටයුතුත් කලා. පසුකාලෙක පාඩු ලබන ආයාතන ගොන්නට එක්වු මේ ව්‍යපෘතිය වහලා දැම්මා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )