නවයේ සිට හය දක්‌වා අඩුවිය.


ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිලිබදව මහජන අවධානය මේ දිනවල යොමුව ඇත. යාපනය දිස්ත්‍රික්කයේ මංත්‍රී ධුර තුනක් අඩු කිරීමට  මැතිවරන කොමසාරිස්වරයාට මැතිවරන නීතිය අනුව බල කරමින් ඇත. එහෙත් දේශපාලන පක්‍ෂ කිහිපයක් මෙය ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට හෙලීමක් ‍ලෙස රටට හදුන්වා දෙමින් ජාත්‍යාන්තරයේ අවධානය ලබා ගැණිමටත් ,වත්මන් රජය වර්ගවාදී කප්පාදුවක යෙදෙන බවට මතයක් ඉදිරිපත් කරමින් රජය අප්‍රසාදයට ලක් කිරීමට උත්සහායක යෙදෙමින් සිටී.

ඒ කෙසේ වෙතත් අපට මැතිවරන නීතී පද්ධතියේ මංත්‍රීවරුන් පත්කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබද අවබෝධයක් ලබා ගැණිමට නිමිත්තක් ඇති කර ඇති බැවින් අපි ඒ පිලිබදව අධ්‍යයනයක යෙදීම මෙය අවස්ථාවක් කර ගනිමු.

1978 සම්මත කරගන්නා ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද සීමානිර්ණය කිරීමේ  කොමිසම  කරන ලද නිර්දේශයන් පරිදි මැතිවරණ දිස්‌ත්‍රික්‌කයන් බිහිවිය.

1978 පෙර පැවති  දිස්‌ත්‍රික්‌ක 25,  කොමිසමේ නිර්දේශයේ පරිදි  මැතිවරණ දිස්‌ත්‍රික්‌ක 22 ක් බවට පත්විනි. සරල ගණිත සුත්‍රයක් මගින් එම මැතිවරණ දිස්‌ත්‍රික්‌කයන්හි සිටින ඡන්දදායකයන් ප්‍රමාණයට  සාපේක්‍ෂව මංත්‍රීවරුන් සංඛ්‍යාවක්‌ ද ඒ ඒ පක්‍ෂ ලැබු ඡන්ද ප්‍රමානය අනුව අමතර එක්‌ පළාතකට මංත්‍රීවරුන් හතරක්‌  (බෝනස් ආසන) ලබා දෙන ලදී.

පාර්ලිමේන්තුවට ජාතික වැදගත්කමක්‌ සහිත පුද්ගලයන්ගේ සේවය ලබාගැනීම සඳහා ජාතික ලැයිස්‌තුවක්‌ ද සකස්‌ වූ අතර එමගින් නියෝජිතයන් 29 දෙනකු පත්කිරීමේ අවස්ථාවක්ද නිර්මාණය කරනු ලැබීය. මේ අනුව පාර්ලිමේන්තු මංත්‍රීවරුන් 225 කින් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් ඇතිවු  අතර එහි සංයුතිය මෙසේ විය.

  1. මැතිවරණයේදී ඡන්දදායකයන් විසින් තෝරාගනු ලබන මන්ත්‍රීවරු 160
  2. පළාතකට මන්ත්‍රී ධුර හතර බැගින් බෝනස්  මන්ත්‍රීවරු 36
  3. ජාතික ලැයිස්‌තුවෙන් තෝරාගන්නා ජාතික වැදගත් කමක් සහිත මන්ත්‍රීවරු 29

මැතිවරණය සඳහා සලකා බලනු ලබන  වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ සමස්‌ත ඡන්ද ප්‍රමාණයෙන් පත්වන  නියෝජිතයන් 160 දෙනා මෙසේ  බෙදා දක්‌වනු ලබයි. ඒ සදහා සරල පොදු ක්‍රමවේදයක් සම්මතයක් ලෙස මැතිවරණ නීතීන්ට ඇතුලත්ව ඇත. එක්‌ මන්ත්‍රීවරයකු සඳහා අදාළ මැතිවරණයේදී ඡන්දදායකයන් කොපමණ ප්‍රමාණයක්‌ නියෝජනය වේදැයි දක්වා තිබේ. ඒ ඒ දිස්ත්‍රික්ක සදහා අයත්විය යුතු මංත්‍රී සංඛ්‍යාව කොපමනදැයි දක්වා තිබේ. මෙම සංඛ්‍යාවන් පාර්ලිමේන්තු මංත්‍රී ධුර 160 ඇතුලත ලියාපදිංචි වන ඡන්දදායකයන් ප්‍රමාණයන් අනුව අඩු වැඩි වේ.

ආසන 160 තුල මංත්‍රී සංඛ්‍යාව විචල්‍යවන්නේ පහත දක්වන සරල ගණිත සූත්‍රය අනුවය.

  1. සමස්ථ ලියාපදිංචි ඡන්ද ප්‍රමානය 160 න් බෙදනු ලැබීමෙන් ලැබෙන සංඛ්‍යව  X  නම් ඒ අගය එක් ආසනයක් සදහා මංත්‍රීවරයෙකු පත්වීමට  ඇතිවිය යුතු ඡන්ද ප්‍රමානය ලෙස    ගනන් ගනු ලැබේ.
  2. ඉහත ලැබු දත්තය මත ඒ ඒ දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මංත්‍රී ආසන තෝරා ගැණිමට අදාළ දිස්‌ත්‍රික්‌කයේ ලියා පදිංචි ඡන්දදායකයන් ප්‍රමාණය X  අගයෙන් බෙදා ලැබෙන අගය   අනුව අදාළ දිස්‌ත්‍රික්‌කය සඳහා ලැබෙන මන්ත්‍රීධුර ප්‍රමාණය ගණනය කර ගනු ලබන්නේය.
  3. එහිදී මන්ත්‍රීධුර 160 සම්පූර්ණ නොවුවහොත් මැතිවරණයට ලියා පදිංචි ඡන්ද ප්‍රමානය අනුව උපරිම වැඩි ඡන්ද ශේෂයක්‌ ඇති මැතිවරණ දිස්‌ත්‍රික්‌ක සඳහා මන්ත්‍රීධුර බෙදී යන පරිද්දෙන් මන්ත්‍රීධුර පිරිනැමීමෙන් මන්ත්‍රීධුර 160 සම්පූර්ණ වේ.

මෙම නියමය අනුව ලියාපදිංචි ඡන්දදායකයන් X  ප්‍රමාණයකට එක්‌ මන්ත්‍රීවරයකු පත්වන බව පැහැදිලි වේ.

මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් සෑම වසරකම ඡන්ද හිමි නාමලේඛනය යාවත්කාලීන කළයුතු අතර එම කටයුතු අවසන් වූ වහාම ඉහත සූත්‍රය අනුව අදාළ දිස්‌ත්‍රික්‌කය සඳහා මහජන නියෝජිතයන් කොපමණ සංඛ්‍යාවක්‌ තේරී පත්වන්නේදැයි ගැසට්‌ නිවේදනයකින් ප්‍රකාශයට පත්කළ යුතුය. එය මැතිවරණ ක්‍රියාදාමයට අදාළ නෛතික අවශ්‍යතාවකි.

මෙම මැතිවරන නීතීමය ක්‍රියාදාමයට අනුව  2010 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට මෙම සුත්‍රය යෙදීමෙන් ලැබු අගයන් අනුව යාපනය දිස්‌ත්‍රික්‌කයේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව නවයේ සිට හය දක්‌වා අඩුවිය.

2010 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව  යාපනයට ලැබිය යුත්තේ මන්ත්‍රීධුර හයක ප්‍රමාණයකි. මෙයට හේතුව විය හැක්කේ පසුගිය කාල වකවානුවේ යාපනේ වැසියන් විදේශ ගතවීම  සහ නිසි පරිදි  ඡන්ද හිමි නාමලේඛනයට තම නම් ඇතුලත්කිරීමට උනන්දුවක් නොදැක්වීම විය හැක.

එයට සම්මතයක් නීතියක් වෙනස් කිරීමට බලපෑම්කිරීම කොයිතරමක් සදාචාරදැයි විමසීම අප කල යුතුය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )