විදුලිය අර්බූදයක ?


පසුගිය අප්රේල් 18,19 දිනවල මේ ප්‍රදේශයට වට වැස්සෙන් පසුව පොලොව තෙමාගෙන ගලාගෙන යන තරම වැස්සක් වැටුනේ නැති තරම් . මැයි මස නිරිත දිග දෙසින් හමන සුලග වේගවත්ව ප්‍රදේශය පුරා නිරන්තර හමා යන්නේ විවිධවු වේගයන්ගෙන්. මේ නිසා වැටෙන පිණි පොදත් ගහ කොළත් මිලානව වියලි යනවා. පරිසරයද වියලිව කර්කෂ බවට පත්වෙමින් සුන්දරත්වය ඇහැට අහිමි කරමින් සිටින බවක් කඩුල්ල දිනෙන් දින නිරීක්ෂණය වෙනව.

සමනල වැවට දියවර සපයන හෝර්ටන් තැන්න ,ශ්‍රීපාද වන රක්‍ෂිතයටද පොදුවු මේ කාලගුණික විපර්යාසය නිසා වලවේ ,බෙලිහුල්ඔය යන ගංගාවන් අද ගලා යන්නේ ගලා යන්නට ඕනැ නිසා.ජලය හොදටම හිදිලා. ජාතික විදුලි පද්ධතිය අර්බූදයක පෙරනිමිති පහලවු නිසා වෙන්දෝ සමනල වැව ජල භාණ්ඩාගාරය වහා දුප්පත් වු බවක් සමනලවැව ඉස්මත්තේ ජීවත්වන කඩුල්ලට දකින්නට ලැබුන. පසුගිය දිනක දිනෙන් දින හිස්වන ජලාශය බලන්න යන්න උවමනාවක් කඩුල්ලට ඇතිවුනා.

ඉරිතැලී වියලී ගිය වැව් තලයේ ඇවිද යමින් විදුලි බලය පිලිබද ප්‍රවීනයෙක් ගේ කතා බහට ඇහුම් කන් දෙන්න කඩුල්ලට හැකියාව ලැබුනේ මේ අතරෙදියි. අපි ඔහුට ඇහුම් කන් දෙමු.

2011 ජනවාරි ඉදන් ‍අප්රේල් වෙනකම් අධික වැසි වාර්තා වුණා. පසුගිය ජුනි මස වනතෙක්‌ ගිගාවොට්‌ පැය 2146 ක ධාරිතාවක විදුලිය නිපදවන්න ශක්තිය අපේ ජලාශවලට ගලා ගෙන ආවා. 2011 වසර ආරම්භ වූයේද ගිගාවොට්‌ පැය 1100 ක පමණ නිෂ්පාදන ධාරිතාවකට හිමිකම් කියන ජල ධාරිතාවකින්. 2011 පළමු හය මස තුළ ගිගාවොට්‌ පැය 2900 ක්‌ පමණ විදුලිය නිපදවීමට ලංවිමට හැකිවුනේ මේ නිසයි.

ලක්‌ෂපාන හා මහවැලි ව්‍යාපෘතින් වල ජලය පරිභෝජනය දසදහා තෙආකාරයකට යොදාගන්නවා. පලමු වැන්න පානීය ජල අවශ්‍යතාවයන්. (කැලණි ගඟ ) දෙවැන්න කෘෂි අවශ්‍යතාවයන් (මහවැලි ගඟ ) තුන්වැන්න තමයි විදුලිය අවශ්‍යයතාවය.

කඩුල්ලට විදුලි බලාගාරවල ඉන්න නිලධාරි ගැන අත්දැකීම් තියෙනවා.සමනලවැව ජල කාන්දුව නැත්නම් වළවේ ගගෙන් ගොවිතැන් බත් කරපු කල්තොට ගොවි ජනපද ව්‍යාපාරයේ විසිදහසකට පමන ජනතාවට වෙන්නේ මේ නිලධාරි උත්තමයින්ට වැදගෙන ඉන්න. දැන්නම් මේ ගොවි ජනතාව කියන්නේ සමනලවැව ජල කාන්දුව දෙවියෝ අපේ කොටස දෙන්න කරපු තීන්දුවක් කියලා.ඒ සිතිවිල්ලෙන් මිදිලා ආයෙත් ප්‍රවීනයාගේ කතාවට ඇහුම්කන් දෙන්න වුනා.

2011 අවුරුද්දේ මෝසම් තත්ත්වය සම්පූර්ණයෙන් විකෘති වෙලා. ජනවාරි-මාර්තු මාසවල වෙනදාට වඩා වැස්ස අඩුයි . මේ අවුරුද්දේ ඇති තරම් වැස්සා. වහින අප්‍රියෙල්-ජුලි මාස වල පෑවිල්ල පටන් ගත්තා. ජල සීරාව රැක ගැනීම පිණිස වන ස්‌වභාව ආවරණය ද වනය විනාශ වී යැම දේශගුණ විපර්යාසවල මූලික අංගයක්‌ .

පරිසරය පිලිබද සිද්ධාන්තයක් ඉදිරිපත්වෙන කොට ඈත කදුවල රජය විසින්ම වගා කරලා තියෙන විදේශික වනාන්තරය කඩුල්ලට පෙනුනා. මේ වනාන්තරවල “ෆයිනස් , යුකැලිප්ටස් , රෙඩ්ගම්, ටර්පන්ටයින් “ නම් වලින් හදුන්වන ගස් වලින් පිරිලා. මේ වනාන්තර මතු පිටට වැටෙන වැස්ස පොලොවට උරා ගන්නේ නැහැ. කදු බෑවුමට ගලා ගෙන යනවා වැස්ස එවර වෙනකොටම පොලොව වියළිලා.ඉතින් කොයින්ද ජල සීරාව ඇති පරිසර පද්ධතියක් රැකෙන්නේ ?.

මේ අක්‍රමවත් වැසි නියඟ තත්ත්වය ඉදිරියේදී වඩාත් උග්‍රවනු ඇති. ජල සංරක්‍ෂණයට දිගුකාලීන වැඩපිළිවෙළකට රට යොමු නොවුණහොත් අනාගතයේ උග්‍රව පානීය, කෘෂිකාර්මික හා බලශක්‌ති උත්පාදන ජල හිඟයකට ද ගංවතුර නිසා ඇතිවන ආපදා තත්ත්වයනට ද මුහුණ දීමට අපට සිදුවෙනවා.අනාගතය ගැන කඩුල්ලට හිතෙන්නේ ඔය විදියට. අපි පරිසර පද්ධතිය විනාශ කරමින් කරන්නේ හරියට දිවිනසා ගන්නවා වගේ වැඩක් කරන්නේ.
කඩුල්ල ජීවත්වන පරිසරයේ බෙලිහුල්ඔය ආශ්‍රීතව කුඩා විදුලි බලාගාර දෙකක් තියෙනවා. ජල හිගය නිසා මේවායේ විදුලිය නිෂ්පාදනය තාවකාලිකව අත්හිටවලා.

ආයෙත් පියවි ලෝකෙට ආපු කඩුල්ල ප්‍රවීනයාට එකතුවුනා.

ජල හිඟය සමග කුඩා සහ මහ පරිමාන ජල විදුලිය හිඟ වෙනවා ඉතුරු වන එකම විකල්පය තාප විදුලියයි. ප්‍රවීනයා කියනවා. ජල විදුලිය රාත්‍රීයේ පැය 04 කට සීමාකර සම්පූර්ණ බලශක්‌තිය තාප බලාගාරවලින් ගත හැකිව තිබුණා. ඒත් පහුගිය දින කිහිපයේ ඒක කරන්න බැරිවුනා.

කඩුල්ල අතුරු ප්‍රශ්නයක් දැම්මා. ” බම්බුවද එහෙනම් ලංවිම කරන්නේ? කියලා ඒක දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවිනයා උත්තර බැන්දා.

එය එසේ නොවූයේ ඇයි?
ප්‍රවීනයාගේ පිලිතුර තාප බලාගාර පහක්‌ අක්‍රීය වීම නිසාය කියලා. පායනා කාලේදී සිංදුකිවුව පලගැටියාගේ කතාව කඩුල්ලට මතක්වුනා. වැස්ස වහින කොට ඌට වුනේ හිතලේ ගැහි ගැහී බඩගින්නේ මැරෙන්න. අපේ විදුලිබල මණ්ඩලේ ඇත්තොත් කරලා තියන්නේ ඒක.

මේ අකාර්යක්ෂඇමතාවය හින්දා විදුලිබල පද්ධතියට කෙසේවත් උපරිම විදුලි ධාරිතාව වන 2000 මෙගාවොට්‌ හෝ දෛනික විදුලි අවශ්යිතාවය වන 35 ගිගාවොට්‌ පැය ලබාදෙන්න බැරිවුනා.

ඒ නිසා අවශ්‍යතාවය මත විටින් විට ප්‍රදේශ ගණනක විදුලිය විසන්ධි කිරීමට ලංවිම පාලන මධ්‍යස්‌ථානයට සිදුවුණා.කොච්චර පාරම්බෑවත් අපේ ඇත්තන්ට අනාගය උදෙසා සැලසුම් නැහැ. නාහේ දක්වා ගිලෙන්න ආවම තමයි විසදුම් හොයන්නේ. එතකම් කරන්නේ කයිය ගහන එක.
සමනලවැවේ ඉරිතැළුන වැව් පත්ල පියමන් කරගෙන ප්‍රවීනයාගෙන් කඩුල්ල සමුගත්තා.

Advertisements

One comment on “විදුලිය අර්බූදයක ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )