සංවර්ධණය දෝංකාරයක්විය.


කොන්ක්‍රීට් කරන ලද පාරක පියමනිමින් පාරට සිදුව ඇති වින්නැහිය ගැන සිතින් සාප කරමින් මම ඉදිරියට යමි. පාර දෙපස කානු පද්ධතියක් නොමැති කමින් වැහි වතුර උතුරා ගලා ගොස් තැනින් තැන වලවල් හෑරි තිබේ. නියමිත ප්‍රමිතියට කොන්ක්‍රීට් නොයෙදු බවට සාක්‍ෂි දරන බොල්වු කොන්ක්‍රීට් පස මතුපිටින් ගැලවී ගොසිනි.පාර කොන්ක්‍රීට් කිරීම ඇරඹු තැන පාර අයිනේ සවිකර ඇති දැවන්ත දැන්වීම් පුවරුවේ අතිගරු ජනාධිපතිතුමා ගේ පටන් ප්‍රාදේශීය සභාවේ මංත්‍රීතුමා දක්වා දේශපාලන අධිකාරී හත අටක ප්‍රභූ පිරිසගේ නම් වැලත් ඇතුලත්ව අහවල් අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ එක් දිනක ජනතා අයිතියට පත් කල බව සදහන්වේ. එය අනුව පාරේ වයස යන්තම් අවුරුද්දකි.
වැය වු මුදල රුපියල් හාර කෝටියකි.ඉදිකල මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 01.07 කි.

කඩුල්ලගේ මනසට විවිධ මං ඔස්සේ අදහස් විවේචන ගලා එන්නට පටන් ගනී.මෙලෙස සංවර්ධනය සඳහා වැය කෙරෙන්නේ කිසිවකුගේ පෞද්ගලික ධනය නොවන බව සිහිපත්වේ. ණය ආධාර ලෙස හෝ වෙනත් ව්‍යාපෘති ලෙස හෝ මේවාට වැය වන හැම සතයක්‌ම ගෙවිය යුත්තේ ද මේ රටේ ජනතාව බව කඩුල්ලගේ මනස තීරණය කරයි.
සාංඝික දේපළට අත තිබ්බොත් හතර අපායේ දුක්විදින්න වන බව පන්සලේ ලොකු හාමුදුරුවෝ නිතර තිතර දේශනා කරයි. මහජන දේපලද සාංඝීක දේපලට සමානවේ. මහජන දේපල ගසා කෑම හෝ මෙවැනි ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් කර ප්‍රතිලාභ සලසා ගැනීම හෝ බරපතල පාපකර්මයකි. මෙවැනි පාපකර්ම කරන්නෝ සතර අපායේ දුක්විදින්න පෙර මේ ජීවිතකාලයේ නම් අපමන සැප සම්පත් විදිමින් සිටින බව කඩුල්ල ට සිහිපත්වේ. ලොකු හාමුදුරුවන්ගේ දේශනා වල යම් කිසි වැරැද්දක් ඇතිවී ඇතිදැයි විමසන්නට පන්සලට යායුතුයැයි සිතිවිල්ලක් පහල වේ.

සමහර ග්‍රෘමීය ව්‍යාපෘති තිබේ. ව්‍යාපෘතිය සැලසුම් , වැඩ වාර්තාව , ඇස්තමේන්තුව , සකස් කරන කාර්මික නිලධාරියාම ගමේ ප්‍රජා සංවර්ධන සමිතිය හෝ ගොවි සමිතිය නමින් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව කරයි. සතයකදු අපතේ නොගොස් අර නිලධාරියාගේ බැංකු ගිනුමට සියළු ලාබ මුදල් බැරවේ. වැඩෙත් ඔහුට අනුව අකුරට ප්‍රමිතියට නිමවේ. එහෙත් මා මේ යන මාවත මෙන්ම බාලවියේදීම විනාශයට පත්වේ.

ශ්‍රී ලංකාව පුරාම සංවර්ධනය වන ව්‍යාපෘති වලට නිදර්ශණයක් ලෙස මේ මාවත සමාන කරන්නට කඩුල්ල සාහසිකවේ. ඒ සාහසික ආදේශයෙන් මතුවන කෝටි ගණනින් වංචා මැවී පෙනෙන්ට පටන් ගනී. මෙසේ නිමවන සංවර්ධන කටයුතු වලින් රටකට, අත්වන යහපත කුමක්‌ ද?. කඩුල්ල සිතයි.

මෙවැනි නාස්තිකාර සංවර්ධණයක් හුදකලාව සිදු කළ නොහැකි බව කඩුල්ල කම්පාවට පත්ව සිතන විට මේ පිටුපස සිටින්නෝ විවිධ වරිත ලෙස මැවෙන්නට පටන් ගනී.පහල මට්ටමේ කාර්මික නිළදාරියා සමග ආයාතන ප්‍රධාණියා ත් ආයාතන ප්‍රධාණීයාට සම්බන්ධවන දේශපාලන මිත්‍රයන් – දේශපාලන මිත්‍රයන්ට ව්‍යාපෘති ලබා දෙන මැති ඇමැතිවරුනුත් පෙල ගැසේ. මේ විවිධ චරිත වලට ප්‍රතිලාභ හිමිවන හැටිත් බෙදා ගන්නා හැටිත් සිතන්නට කඩුල්ල පෙළඹේ. කඩුල්ල එවැනි දේවල් අනුමත නොකළත් ලෝක ස්වභාවය අනුව මේ දේවල් සිද්ධවන නිසා ඉබේම දෑතම කම්මුලට තබා තද කර ගනී.

සංවර්ධන ව්‍යාපෘති යටතේ කෙරෙන ඉදිකිරීම් ඇතුළු සියලු කටයුතුවලදී විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ යුතු බව සහ විවිධ ව්‍යාපෘති මගින් කෙරෙන ඉදිකිරීම් පිළිබඳ වගකීමේ සහතික හෝ තත්ත්ව පරීක්ෂණ හෝ සිදු කෙරේ නම් මෙබඳු සිතිවිලි නැගෙන්නේද නැති බව කඩුල්ලට සිතුනත්, වැට සමග ගොයම් කන විට වැටට ඒ පණිවිඩය දීමෙන් පලක් නැති බව කල්පනා වේ.

කඩුල්ල සිතන අන්දමට නම් මෙවැනි දූෂණයන් සිදුකරන දූෂිතයන්ට මරණ දඬුවම දිය යුතුව තිබේ. අපේ රටේ මරණ දඬුවම නැතිවුවත් අඩු තරමින් සිර දඬුවම් හෝ ලබා දෙන්නට නීතී රීති ඇති බවත් සිහිපත්වේ. එහෙත් අල්ලස, දූෂණය, වංචාව පිළිබඳව පුංචි එවුන් අහුවුනත් ඒවාට උදව් උපකාර කරමින් මඩිය තර කරගන්නා දේශපාලන තෝරු මෝරු අසුවූ බවක්‌ දශක හයකට ආසන්න කාලයේ කඩුල්ල අසන්නට පින්කර නොතිබු බව පිය නගමින් සිටින මාවතේ දෝංකාරය අසන කඩුල්ලට සිහිපත්වේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )