දුක් ගී අසන්න බලා ගෙන ඉන්නම්.


1971 කැරුල්ලේ නපුරු අත්දැකීම් සමග වියපත්වු කඩුල්ලට ජවිපෙ ශිෂ්‍යයන්ගේ පටන් තරුන පරපුරට කතාකරන දේවල් පිලිබදව ඇත්තේ කිසියම් උදාසීන හැගීමකි. 70 දශකයේ අපි ආශ්වාදජනකව ඇහුම්කන් දුන් ජවසම්පන්න අදහස් අපේ ගතවු දශක හතරක පමන ජීවිත කාලයේ අපේ ජීවිත ගොඩ නන්වා ගැණිමට ජවිපෙ දේශපාලන දර්ශණය ප්‍රායෝගික නොවීය.
මෙයින් ශ්‍රී ලංකාවේ පවතින අතින් අතට මාරුවෙන දර්ශණයක් නැති නායකත්වයට පත්වන එක් එක් පුද්ගලයින්ට අනුව ජරාවට පත්වු 1948-2011 ලාංකීය පාලන සමය සමාජයට හිතකරවු බවක් කඩුල්ල අදහස් කරන්නේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විරු සිසුවන් සැමරුම අමතා කරන ලද දේශණය මුද්‍රිත මාධ්‍ය මගින් කඩුල්ල විසින් කියවන විට සිහිපත් වුනේ 1948 -2011 දක්වා පැවති ආණ්ඩුත් මේ ආණ්ඩුවත් අතර වෙනසක් නැති බවය. එසේ වුනත් ජවිපෙයට අමතන්න ඇති පිරිසේ මුහුනු පමනක් වෙනස් වී 1971 සිටියාක් මෙන් එම වයසේම පිරිසක් අදත් එම දේශපාලන කතා අදහන්න බිහිවී ඇති බවයි.
1971 දී අපි සමාජය දෙස , දේශපාලන නායකත්වයන් දෙස යම් වෛරයකින් බලා සිට මේ සමාජ ක්‍රමය වෙනස් කල යුතුයැයි සිතුවාය. එහෙත් එය යථාර්ථයක් කරගැණිමට අප සිතු දෙය සත්‍යයක් නොවන බව වයසින් වැඩෙත්ම අවබෝධ විය. එදා අදතුර එක් වයස් කාණ්ඩයක් පසු කරන සිසු – තරුන පිරිසක් වයසින් වැඩෙන තෙක් මේ දේශපාලන ආශ්වාදය විදිමින් සිටින බව කඩුල්ලේ අවබෝධය බවට පත්ව ඇත.

අපි අධ්යාිපන ධවල පත්රි්කාවට එරෙහිව එකල වීදී බැස්ස උදවිය. එහෙත් අවුරුදු 40 ක් තිස්සේ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ තිබු කොටස් සක්‍රීය වෙමින් අද පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවෙන මට්ටමටම පත්වෙලා. අද විශ්ව විද්‍යාලයට යන්න ලකුණු කිහිපයක් අඩු වුන මගේ දරුවා පවා පෞද්ගලික උසස් අධ්‍යාපනයට යොමු කරන්න සිදුවෙලා.

1977 ඡේ. ආර්. යුගය ඇරඹෙන්නේ විශාල අහේණියකට රට මුහුණ දෙමින් එන්.එම්. කොල්වින් වික්‍රමසිංහලා සිරිමාවෝ මැතිණියත් සමග රට අහේණියෙන් මුදවා ගන්න වාමාංශික මුහුණුවරින් යෙදු පිළියම් අසාර්ථක වීමෙන්. ජේ.ආර් ආර්ථිකය විවෟත කරමින් රට වෙළද මධ්‍යස්ථානයක් බවට පත් කල බවයි කඩුල්ල හිතන්නේ .
මහා පරිමාන සංවර්ධණ ක්‍රමයන් ක්‍රීයාත්මක කරමින් රට යොමු කලේ වෙළද හා කාර්මික දිශාවකට. විදේශිය ආයෝජනයන් ගෙන්වා ගන්න කරන ලද උත්සහායේදී අපි අපේ ශ්‍රමය විදේශීන්ට ලාබයට අලවි කරන ජාතියක් බවට පත් කලා
.
මේ බව අනුර කුමාර දිසානායක මංත්‍රීතුමා දැක්කේ මේ විධියට ( ජුනි 22 දිවයින) “…………………………… එය සමාජයට හිතකර පරිවර්තනයක්‌ නොවේ. විටෙක රටේ නිදහස්‌ අධ්‍යාපනය අවසාන කඩඉම දක්‌වා තල්ලු කරමින් සිටියා. අනෙක්‌ පැත්තෙන් රටේ ස්‌වෛරීබව අධිරාජ්‍යවාදීන් හමුවේ පාවා දෙමින් සිටියා. තවත් පැත්තකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මිනිස්‌ නිදහස උල්ලංඝනය කරමින් සිටියා. අතිශය ම්ලේච්ඡ ක්‍රීයාමාර්ගවලට එරෙහිව අරගල කිරීමට නැගී සිටීමට අවශ්‍ය වුණා. අවාසනාවකට රටේ පොදු ජනයා ඒ අරගලයට පමා වෙද්දී ඊට මූලික අඩිතාලම තැබුවේ ශිෂ්‍ය ව්‍යාපාරයයි.

යුගයේ අභියෝගවලට මුහුණ දිය හැක්‌කේ වැනෙන මිනිසුන්ට නොවේ. පොදු ජන යහපත උදෙසා එඩිතර පරාර්ථකාමී මිනිසුන්ට විතරයි………………..”

ජවිපෙ දෙවන විප්ලවය ඇරඹෙන්නේ මේ පසු බිමත් සමග . ඒ සදහා යොදා ගන්නේ 1971 උපන් දරුවෝ. ඔවුන් අපි 1971 දුටු භීෂණයේ අත්දැකීම් දැකලා තිබුනේ නැහැ. අපි වගකීම් සහිත මිනිසුන් බවට පත්වෙලා ජීවිතයට මුහුණදෙමින් සිටින විට නාහේට අහන්නේ නැති වයසේ අපේ දරුවන්ට කතා කරන්න අයුක්තිය අසාධාරණය සහිත වෛරී වචනමාලාවක් යලිත් සක්‍රී වුනා. එයින් වු විනාශය මතින් චන්ද්රිහකාගේ ආණ්ඩුව බිහිවුනා.

අද 2011 වන විට කරලියට ගෙනා හැකි දරුවෝ 1989 භීෂණය ගැන දන්නේ නැහැ. ඒ අත්දැකීම් නොදුටු දරුවන්ගේ මනසට යලිත් කතාකල හැකියි. පාරට බස්සා ගත හැකියි. මේ කතා අපි 1971 ට ආසන්න කාලයේ අහපු කතාවලට වෙනස් වෙන්නේ කාලීන ප්‍රශ්න දවටා තිබීමෙන් පමනයි.

අනුර කුමාර මංත්‍රීතුමාට යලිත් සවන් දෙමු.
“………………….අද පරාර්ථකාමී හැඟීම් සමච්චලයකට ලක්‌කර තිබෙන අවධියක්‌. කට්‌ටක්‌ ලෙව කෑම තම ජීවිකාව කරගෙන තිබෙන සමාජයක්‌ අද තියෙන්නේ. අපට පරිත්‍යාගය පිළිබඳ අවධානය යොමු කළයුතු නම් පෙරලා බැලිය යුත්තේ අපගේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. සුඛ විහරණ ජීවිතයක්‌ තිබියදී පොදු ජනතාව, දුක්‌ විඳින දුවා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැප කළ හැකි මිනිසුන්ගෙන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමන්විතවී තිබෙනවා. එඩිතරකම, පරිත්‍යාගය පමණක්‌ ප්‍රමාණවත් නැහැ. නිවැරදිව මඟ පෙන්වන ව්‍යාපාරයක්‌ තිබිය යුතුයි.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට විවිධ කලුපැල්ලම් එක්‌කරන්න මේ ආණ්‌ඩු කොතරම් උත්සාහ කරනවාද? ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳ විකෘති චිත්‍රයක්‌ නිර්මාණය කිරීමෙන් ඔවුන් සමාජයෙන් ඉවත් කළ හැකි බව ආණ්‌ඩුව හිතනවා ඒ අන් කවරක්‌ හෝ නිසා නොවේ.

ඡේ. ආර්. ගේ දෙවැනි ගමන එම්. ආර්. පටන් අරගෙන තිබෙන නිසා. එදා ඡේ. ආර්. ගේ මූලික අභිප්‍රාය වුණේ සියල්ල ආයෝජනය සඳහා දොරටු විවෘත කිරීමයි. සෞඛ්‍ය, ප්‍රවාහනය විතරක්‌ නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේත් ආයෝජන දොරටු විවෘත කළා. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ධවල පත්‍රිකාව ගෙන ආවා. අසූ තුනේදී පෞද්ගලික වෛද්‍ය විද්යා‍ල පනත ගෙන ආවා. අධ්‍යාපනය කප්පාදු කිරීම ඡේ. ආර්. ප්‍රතිපත්තිය වුණා.

ඡේ. ආර්. විවෘත ආර්ථිකයේ පළමු ඉනිම සෙල්ලම් කළා නම් එම්. ආර්. එහි දෙවැනි ඉනිම සෙල්ලම් කරනවා.

විදේශිකයකුට අප රටේ ඉඩම් මිළට ගන්න බැහැ නීතියක්‌ තියෙනවා. ගෝල්ෆේස්‌ පිටියේ අක්‌කර දහය සින්නක්‌කරව “ශැන්ග්රියලා “සමාගමට දුන්නා. පළමු අක්‌කර හය ඩොලර් මිලියන හැත්තෑ පහකටයි දුන්නේ. බදු ගහන්නේ නැතිව ආයෝජන කැඳවනවා. මිළ දී ගන්නා මුදල හා සමානව බදු අය කළ යුතුයි.

දැන් ආයෝජන එන්නේ නෑ. එදා ඡේ. ආර්. ජයවර්ධන කාල් ගහපු වෙළෙඳපළ දැන් එම්. ආර්. තෝරාගන්නවා. ඒ අධයාපන වෙළෙඳපළ. බාහිර උපාධිය නතර කරලා තිබෙනවා. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල කැඳවීමේ අරමුණින්. මේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ආවේ අධ්‍යාපන පනතකින් නොවේ.

ආයෝජන මණ්‌ඩලය හරහා ඔවුන්ට මාලඹේ වෛද්‍ය විද්‍යාලයක්‌ ඇරඹීමත්, බියගම ෆැක්‌ටරියක්‌ විවෘත කිරීමත් දෙකම එකයි.

එදා ඡේ. ආර්. අසූවේ ජූලි වැඩ වර්ජන වර්ජකයන් රැකියාවෙන් එළියට දැමුවා. පස්‌වැනි ව්‍යාස්‌ථා සංශෝධන ගෙන ආවා. කම්කරුවන්ගේ ඔලු පලමින්, දේශපාලන පක්ෂ, ශිෂ්‍ය ව්‍යාපාර වෘත්තිය සමිති මර්දනය කරමින් එදා ඡේ. ආර්. කටයුතු කළා. ස්‌වාධීන අධිකරණ සේවා කොමිසම ඔහුගේ ආධිපත්‍යය යටතට ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහුරමින් නඩුකාරයන්ගේ ගෙවල්වලට ගල් ගැසුවා.
මීට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය එදා ඉදිරියට ආවා.”

අද එම්. ආර්. ව්‍යාවස්‌ථාවට දහ අටවැනි සංශෝධනය ගෙන ආවා. ජනාධිපති වීමේ වාර ගණන දීර්ඝ කර ගත්තා.

එදා වගේම අදත් කොමිසම් සභා තමන් අතට ගත්තා. එදා ඡේ. ආර්. මෙන්ම අද එම්. ආර්. හදිසි නීතිය දීර්ඝ කර ගන්නවා. එදා ඡේ. ආර්. කම්කරු සටනේ සිටි සෝමපාලව මරා දැමුවා. අද රොෂාන්ව මරාදමනවා. එදා ඡේ. ආර්. ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කළා. ශිෂ්‍ය සභා අහෝසි කළා. අද එම්. ආර්. ශිෂ්‍ය භාවය අහෝසි කරනවා. එදා ඡේ. ආර්. ශිෂ්‍යයන් ඝාතනය කළා. අද එම්. ආර්. ශිෂ්‍යයන්ට සිය දිවි නසාගන්න ඉඩකඩ හදනවා.

මෙරට පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස දිනාගැනීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල කාර්ය භාරයක්‌ තියෙනවා. අරගල කළයුතුව තිබෙනවා. එදා ඡේ.ආර්. රටවල් කිහිපයකට අපේ රට පාවා දෙන්න කටයුතු කළා. අද එම්. ආර්. කරන්නේත් ඒකමයි.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය මොන වැරදි කළත් අගය කළ යුතු නොබැඳි විදෙස්‌ ප්‍රතිපත්තියක්‌ ඇය අනුගමනය කළා. ඡේ. ආර්. අපේ රට ඇමරිකාවට උවමනා ලෙස අසුරුවන්න ඉඩ දුන්නා. සෝවියට්‌ දේශය සමඟ එක්‌ව කටයුතු කළ ඉන්දියාව කැමැති වුණේ නැහැ තමන්ගේ දොරකඩ ඇමරිකන් ගැති රාජ්යායක්‌ නිර්මාණය වෙනවාට. එනිසා ඉන්දියාවට අපේ රටේ දමිළ තරුණයින්ට සන්නද්ධ පුහුණුව ලබා දුන්නා. අසූ හතේදී ඉන්දියානු හමුදාව රටට ගොඩබසිනවා. එදා ශිෂ්‍ය ව්‍යාපාරය ආක්‍රමණිකයාට එරෙහිවත් සටන් පාඨ රැගෙන මව්බිම වෙනුවෙන් අරගල කළා. අද අපි ඉන්දියානු යටත් විජිතයික්‌ බවට පත් නොවී සිටින්නේ එදා ශිෂ්‍ය ව්‍යාපාරය අනෙකුත් ව්‍යාපාර සමඟ කළ අරගල නිසා.

එදා ඡේ. ආර්. වගේම මෙදා එම්. ආර්. ඇමරිකානු ආරක්‍ෂක ගිවිසුම අත්සන් කළා. ඒ අපේ වරාය, ගොඩබිම, ගුවන්තොට සියල්ල ඇමරිකානු හමුදාවකට පාවිච්චි කරන්න. එය යටත්වීමක්‌ නොවේද. අද අපේ රටේ ඉටුකරන වැඩ කොටස ගැන තීරණය කරන්නේ ඉන්දියාව. ව්‍යාපෘති සියල්ල ඉන්දියාවට දීලා ඉවරයි. කෝ ස්‌වාධිපත්‍යය.

එදා ඡේ. ආර් ට වඩා අද එම්. ආර් යටත්වෙලා. එදා ඡේ. ආර්ට එරෙහිව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට ආවා. එදා කළේ යුක්‌ති සහගත අරගලයක්‌. කාලයේ වැලිතලාවෙන් ඒ අරගලය මකා දමන්න බෑ. එදා අසූව දශකයේ අභියෝග හා සමානවම ඊටත් වඩා වැඩි අභියෝග අද අප ඉදිරියේ තියෙනවා.

දකුණු ආසියාවේ නැති ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ අද ශ්‍රී ලංකාවේ තියෙනවා. නිදහස, ප්‍රජාතන්ත්රෂවාදය, තැලෙන පෑගෙන පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කරන ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ වෙනුවට “යර්ස්‌ සර්” කියමින් නිවට නියාලු ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ බිහිකරන්න එම්. ආර්. කටයුතු කරනවා. නියෝගයන්ට අවනත වීමේ ශිෂ්‍ය ව්‍යාපාරය බිහිකිරීමේ බොළඳ අසාර්ථක උත්සාහයක ආණ්‌ඩුව සිටිනවා.

එක එක නායකයන්ට එක එක මනෝ ව්‍යාධි තිබෙනවා. (?)

නිවට නියාලු ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ හදන්න අපි ඉඩදෙන්නේ නැහැ. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරමුණ බලඇණිය වන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. ඕනෑම පරිත්‍යාගයකට සූදානම් ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ තමයි මේ. යහපත් රටක්‌ හැඳීමේ කාර්යභාරයට උරදීමේ වගකීම සමාජවාදී ශිෂ්‍ය සංගමය සතුයි………………………………. “

මේ කතා සියල්ල සත්‍යවන්න පුළුවන්. ඒත් පවතින ක්‍රමය වෙනස් විය යුතුයැයි සිතන රටේ බහුතර වැඩිහිටියන් පාරට බහින්න තරමට පීඩනයක් තාම ඇති වෙලා නැහැ. ඒ වැඩිහිටියන්ගේ දූ දරුවෝ අනාගත සිරිබර සිරි ලංකාවක් වෙනුවෙන් මෙහෙවන්න උත්සහා දරන ජවිපෙය ඒ දරුවන් නොදැනුවත්ම යකඩයින්ට තල්ලු කරන්න උත්සහා ගන්නවා. ජාතියේ උන්නතිය වෙනුවෙන් මේ කතා අහලා දරුවෝ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා. හිර ගෙවල් වල ලගිනවා. මියැදෙනවා. ජවිපෙය පලමුවන සහ දෙවන අරගලය නිමවුන හැටි අප වැනි වැඩිහිටියන්ට මතකයි. ඒවා මෙහෙයවපු අය ඉන්නා තැනුත් අපි වැනි බිම් මට්ටමේ ක්‍රියාකාරීන් සිටිනා හැටිත් අපි දකිනවා. 89 උපන් දරුවෝ මේවා දකින්නේ නැහැ.

ඔවුන්ට අසන්න මේ රණ ගී ගයන්න. අපි අපේ දරුවන්ගේ දුක් ගී අසන්න බලා ගෙන ඉන්නම්.

Advertisements

7 comments on “දුක් ගී අසන්න බලා ගෙන ඉන්නම්.

    • ඇත්තෙන්ම කඩුල්ල දේශපාලන ය හදාරපු කෙනෙක් නෙමෙයි. කඩුල්ල වැඩිහිටියෙක් ලෙස අතීතය දැක වර්මානය නිගමනය කරන අයුරුයි. ඒක බණ පොතක් කියවන වඩා වෙනස් වෙන්න පුළුවන්. බණ පොත් කියවන්න ඕනී අපි වගේ මාමලා නෙමෙයි. අනාගතය අපට වඩා ඉතිරි දූ දරුවෝ. බණ පොත්වල තියෙන්නේ යහපත්දේවල් , යහපත් ආදර්ශ අපට වඩා දු දරුවන්ට මුලාශ්‍ර බවට බණ වැදගත් වේවි.

  1. ඔය පන්ති දේසපාලනය හින්දා දුක්වින්දා කියලා බයිලාගහන ගොඩක්දෙනා මේලෝ පන්තිදේසපාලනයක් කරපු මිනිස්සු නෙවෙයි.
    ගොඩක් අය ඉහල මෑද ප0තියෙ ඉදගෙන ඉහල ප0තියෙන් යෑපෙන්න කෑමති මිනිස්සු.
    ඵයලා යෑපෙන ක්‍රමය ඵයාලාට හොද උනාට බහුතරයක් තෑලෙන හින්දනෙ මිනිස්සු වෙනසක් ඉල්ලන්නෙ.
    ඵතකොට තමුන්ගේ ආතල් කෑඩීගෙන ඵනකොට බොරුවට සාන්තිවාදී ටෝක් දෙන ඵ්ක ඵයාලාගේ පුරුද්ද.
    අපි දෑනගන්න ඔන නරියගේ බොරු වර්නනා වලට රෑවටිලා අපේ කටේ තියන් කේජු කෑල්ල නරියට දෙනවද නෑද්ද කියලා!!!!

  2. මාමේ .මේ දේශපාලනික කරුණු හරිමවැදගත් ඒවා.එදාට වඩා අදට ගැලපෙනවා.මහන්සි වෙලා ලිපිය සකස් කලාට ගොඩක් ස්තූති.මමනම් කිසිම පක්ෂෙකට අයිති නෑ කියල කියන්නේ නෑ.මම කොමියුනිස්ට් වාදය අදහන කෙනෙක්.ඒක බුද්ධ ධර්මයට සමාන කරනා අඩන්ගුවෙන වාදයක්.ඒ නිසා ලංකාවට ගැලපෙන්නේ නැහැ.මාමගේ කතාවෙන් තේරෙන්නේ පොඩිඑවුන් සිල්පද කැඩුවෙනෙතත් බහුතරයක් ලොකුඑවුන් කඩනනිසා කට්පියන් ඉඳපන් කියලනේ.අපිත් දෙනදෙයක් කාල වෙනදෙයක් බලන් ඉමු.මේ රට ලෝකවිනාසේ එනකන් හදන්න බෑ. [ දිනේෂ් ]

  3. තවදෙයක් කියන්න ඕන, ආයි විප්ලවයක් අවොත් ඔයකොචර කියෙව්වත් මාමත් එදාට අපිට උදව් කරාවි.මොකද ; බල්ලොවගේ ජීවත් වෙනවට වඩා සිංහයෝ වගේ මැරෙන ඒක හොඳ බව මාමත් දන්න නිසා.[ දිනේෂ් ]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )