සබරගමුවේ කෙරුවාව.


මගේ විවරණයත් ප්‍රතිචාර විදියටයි පලකරන්නේ.මට හිතුනා කියවන්නෝත් එක්කම මේ කතාවට සම්බන්‍ධ වෙන්න. එතකම් කියවලා බලන්නකෝ සබරගමුවේ විත්ති.කියවලා ප්‍රතිචාර පලකරන්න. මමත් එකතු වෙනවා හෙට ඉදන්.

මේ උපුටා ගැණිම 21.05.2011 සිළුමිණ පත්‍රයෙන්.

“……………….සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් සෑම වසරකම මැයි 13 සහ 14 යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විශේෂ පූජාවක් පවත්වයි. මෙවර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍යය සහ වෙසක් දිනට ආසන්නම දිනෙක එකී පිංකම යෙදී තිබුණි.

සබරගමු මහ ඇමැතිවරයා සිරිත් පරිදි මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ උදෙසා මහ දනක් ද සංවිධානය කෙළේය. අස්ගිරි මහා නායක උඩුගම ශ්‍රී රතනපාල නාහිමි ද දනට වැඩම කර සිටියහ.

සියල්ලට මත්තෙන් උන්වහන්සේට කිසියම් පොතක් පිළිගන්වමින් මහ ඇමැති වරයා සඳහන් කළේ ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ අනුශාසනා පරිදි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සබරගමුව පළාත් සභාව දැවැන්ත වැඩ පිළිවෙළකට මුල පුරා ඇති බවය. නා හිමි ඇතුළු සෙසු හිමිවරුන්ට පිළිගැන්වූ බෞද්ධ ඇදහිල්ල නැමැති එම දහම් පඬුර පිටපත් හාර ලක්ෂයක් මුද්‍රණය කර එය සබරගමුව පළාතේ සියලු පාසල් දූදරුවන්ට නොමිලේ බෙදාදීමට පියවර ගෙන ඇතැයි මහ ඇමැතිවරයා කීය.

සබරගමුවේ රජයේ සේවකයන්ගේ දහම් දැනුම ඔවුන්ට වැටුප් වර්ධක ලබා දීමේදී සාධකයක් කර ගත යුතුª යැයි ආණ්ඩුකාර තුමා යෝජනා කර තිබෙනවා. පසළොස්වක පෝ දාට සබරගමුවේ රාජ්‍ය සේවක දායකයින් තම තම පන්සල්වලට පැමිණෙන්නේ දැයි සොයා බලන්නැයි අපි අපේ පළාතේ විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ආණ්ඩුකාරතුමා යෝජනා කළේ පන්සල්වලට රජයේ සේවකයන් පෝ දා පැමිණි විට අත්සන් කිරීමට පොතක් තැබිය යුතු බවයි.

අපි දැනටමත් ඉරිදා දිනවල සබරගමුව පළාතේ උපකාරක පන්ති තහනම් කර තිබෙනවා. ඒ දහම් පාසල්වලට දරුවන් කැඳවීමේ අටියෙන්.

ඒ වගේම දහම් පාසල් සඳහා ඕනෑම පාසල් ගොඩනැඟිල්ලක් භාවිත කරන්නත් අප අවසර දුන්නා. දහම් පාසල් සඳහා ගුරුවරුන් මදි පාඩු නම් අපේ පාසල් ගුරුවරුන් ඒ සඳහා යෙදවීමටත් ඒ වෙනුවට ඔවුන්ට හිලවු නිවාඩු ලබාදීමටත් අප යෝජනා කර තිබෙනවා.

පාසල්වල උදේ පන්සිල් දීමට ගමේ පන්සලෙන් සුදුසු හිමිනමක් දිනපතා වැඩම කළ යුතු යැයි අප විදුහල්පතිවරුන්ට දුන් තවත් උපදේශයක්. ඒ වගේම දහම් පාසලේ විභාග ලකුණු පන්තියේ විභාග ලකුණුවලට එකතු කිරීමටත් අප ක්‍රමවේදයක් සකසා තිබනෙවා.

”සබරගමුව පළාතේ මෙම සම්බුද්ධත්ව ජයන්ති වැඩපිළිවෙළ ගැන පසු ගිය දිනෙක ජනාධිපතිතුමා බොහොම ප්‍රසාදයෙන් කතා කරලා තියෙනවා හාමුදුරුවනේ” මහ ඇමැතිවරයා වේඬරුවේ උපාලි හිමි දෙස හැරෙමින් පැවැසීය.

මේ පිළිසඳර අතරතුර අස්ගිරි මහ නාහිමි බෞද්ධ ඇදහිල්ල කුඩා පොත් පිංච මහත් රුචියෙන් කියවනු දක්නට ලැබිණි.

”මේ හැම දේම කරන්න වි.ජ.මු.ලොකු බණ්ඩාර ආණ්ඩුකාර තුමාගෙන් මටත් පළාත් සභාවටත් ලැබෙන්නේ ලොකු හයියක්.

එවැනි පරිණත දැන උගත් ආණ්ඩුකාරවරයෙක් ලැබීම සබරගමුවේ අපේ වාසනාවක්” මහ ඇමැතිවරයා සඳහන් කෙළේය.

පසුගිය වෙසක් පුන් පෝ දා බොහෝ ආගමික ශාසනික සාමාජයීය වැඩ කටයුතුª මැද මහීපාල හේරත් රඹුක්කන සිය මහ ගෙදරට ගොඩ වූයේ පෙහෙවස් සමාදන්ව සිටි සිය මෑණියන් බැහැදැකීමටය.

මහ ඇමැතිවරයා එහි යන විටත් හේරත් මාතාව කුඩා අකුරෙන් යුත් සතිපට්ඨාන සූත්‍රය සහිත දහම් පුස්තකයක් කියවමින් සිටියාය………………………………….”

9 comments on “සබරගමුවේ කෙරුවාව.

  1. ඔය පොත් අත්සන් කිරිල්ල ගැන නම් මම මුකුත්ම කියන්නෙ නෙ.. ඒකෙ හොන්ද නරක අපිට ඉස්සරහදි දැනගන්න ලැබෙයි.

    නමුත් ඔය “බෞද්ධ ඇදහිල්ල ” කියන පොත ගැන නම් මටත් යමක් කියන්න තියනව. මම පොඩි කාලෙ සියලූම ගාථා පාඩම් කලේ ඔය පොතෙන්.. ඒ කාලෙත් ඔය පොත මුද්‍රණය කරල සියලුම පාසැල් වලට එවල තිබ්බ. මම හිතන්නෙ වි.ජ.මු. ලොකු බණ්ඩාර සංස්කෘතික අමාත්‍ය වරයා විදිහට හිටපු කාලෙදි.. මම මෙ කියන්නෙ මම 1 පංතියෙ වගෙ කාලේ.. (89/90 වගේ කාලේ ) ….

    ඇත්තටම මට නම් මුලින්ම පිරිත් පොත වුනේ මෙ පොත. තෙරුවන් නමදින තැන ඉංදල පිරිත් දේශනා පවා එහි තිබුනා… අපි පොඩි කාලේ (පිරිත් පාඩම් නැති කාලේ අපි ඔය පොතෙන් බලාගෙන තමයි ගෙදර පිරිත් කියුවෙ …

    අලුත් මුද්‍රණයත් පරණ පොතමද කියල නම් දන්නෙ නැ…හැබැයි ඒ පොත කහ පාට පිටකවරයක් තියන පොඩි දිගටි පොතක්…. !!! ( මට හොඩි පොතේ පිටකවරෙ මතක නැතත් මෙකනම් මතකයි..🙂🙂 )

    මට නම් කියන්න තියෙන්නෙ “බෞද්ධ ඇදහිල්ල ” නැවත මුද්‍රණයනම් ගොඩක් හොඳ වැඩක් කියලයි…..

    • වි.ජ.මු. ලොකු බණ්ඩාර මහත්තයා සංස්කෘතික අමාත්‍ය වරයා විදිහට හිටපු කාලෙ මෙවැනි ආගමික වැඩ සටහන් බොහොමයක් කරලා තිබුනා. උන්නැහේ කොහොමත් මේ වගේ වැඩටත් ඉන්න තැන ඉදන් යමක් කරන්නත් හිතට වැදෙන්න කතා කරන්නත් දක්‍ෂයි.
      මාත් පරිහරණය කරන පොතක් තියෙනවා. ධම්මපදය පාළි -සිංහල- දෙමළ- ඉංග්‍රීසි සංස්කරණය කියලා.(1994 තුන්වන මුද්‍රණය) කියලා.මමත් අවුල්වුනාම දිගෑරගන්නේ මේ පොත.
      මේ ලගදී පරිත්‍යාගයක් ලෙස පොත් හතරක් ලැබුනා. බෞද්ධාගම සම්බන්‍ධව.
      වටිනාකම රුපියල් දාහක් විතර ඇති.
      පාසල් වලට බෙදා දුන් “බෞද්ධ ඇදහිල්ල ”නව මුද්‍රණයක්.
      අත්සන් කිරිල්ල එහෙම නම් කාලීනව ගැලපෙන්නේ නැති ප්‍රයෝග.ඊලගට එස්.බී දිසානායක ඇමතිතුමාගේ සංකල්ප ගණයට අයත් සංකල්ප.

  2. මම මේ ගැන මුකුත් කියන්නේ නෑ. නමුත් මේ ලිපියේ අන්තර්ගතය නිවැරදි නෑ. සබරගමුව පළාතේ රාජ්‍ය සේවකයන් අතර මහ ඇමති හා ආණ්ඩුකාරවරයා ගැන ඇත්තේ පැහැදීමක් නොවේ. යමක් ලියන විට ඒ ගැන සොයා බලා නිවැරදි දේ පමණක් ලියන්න.

    • සබරගමුව පලාතේ රාජ්‍ය සේවකයාට ,
      මේ ලිපිය උපුටාගත්තේ 21.05.2011 දින සිළුමිණ පත්‍රයේ සතියේ දේශපාලනය ගැන ලියන ලිපියෙන්. සිළුමිණත් පලාත් සභාව වගේම යාන්ත්‍රණයක් සහ අධිකාරිත්වයක් තියෙන පත්තරයක්.
      කියන්නකෝ මේ විරසකභාවය.
      එතකොට මේ ලිපිය තවත් නිරවුල් වේවි.
      මොකද ගමන දෙපැත්තටද ? .

      • රජයට සම්බන්ධ මාධ්‍ය ආයතන පුවත් පල කරන්නේ රජයට වාසිදායක වන අයුරිනි. බොහෝ අවස්ථාවලදී සත්‍ය වසන් කරයි. සිලුමිණ ද ඇතුලු රාජ්‍ය මාධ්‍ය පිළිබඳ අවබෝධයෙන් යුතුව අධ්‍යයනය කලොත් ඔබට මෙය පැහැදිලි වේවි. පුද්ගලික මාධ්‍ය ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා අප අවබෝධයෙන් යුතුව මේවා බැලිය යුතුයි.

        ඔබට හැකියාවක් ලැබුනොත් සබරගමුව පළාත් සභාවේ සේවය කරන කිහිපදෙනෙකු සමග මධ්‍යස්ථව කතා බහ කර බලන්න. යථාර්තය වැටහේවි. මගේ කිසිම විරසකයක් නෑ. මම ඇත්ත වටහා දෙන්නයි උත්සහා කලේ.

        බොහෝ රාජ්‍ය ආයතන වල (99 %) ගමන දෙපැත්තට නොව සියලු දිශා වලටමය. කිසිම සැලැස්මක් නැත

  3. රජයට සම්බන්ධ මාධ්‍ය ආයතන පුවත් පල කරන්නේ රජයට වාසිදායක වන අයුරිනි. බොහෝ අවස්ථාවලදී සත්‍ය වසන් කරයි. සිලුමිණ ද ඇතුලු රාජ්‍ය මාධ්‍ය පිළිබඳ අවබෝධයෙන් යුතුව අධ්‍යයනය කලොත් ඔබට මෙය පැහැදිලි වේවි. පුද්ගලික මාධ්‍ය ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා අප අවබෝධයෙන් යුතුව මේවා බැලිය යුතුයි.

    ඔබට හැකියාවක් ලැබුනොත් සබරගමුව පළාත් සභාවේ සේවය කරන කිහිපදෙනෙකු සමග මධ්‍යස්ථව කතා බහ කර බලන්න. යථාර්තය වැටහේවි. මගේ කිසිම විරසකයක් නෑ. මම ඇත්ත වටහා දෙන්නයි උත්සහා කලේ.

    බොහෝ රාජ්‍ය ආයතන වල (99 %) ගමන දෙපැත්තට නොව සියලු දිශා වලටමය. කිසිම සැලැස්මක් නැත.

  4. මේ කාලේ සංකල්ප බොහොමයි.
    ගම නැගුම , දිවිනැගුම වගේ. මේ ඔක්කොම අපේ රාජ්‍ය මාණ්ඩලික නිලධාරියා කරන්නේ කඩදාසිවල. මම උදාහරණයක් සටහන් කරන්නම්. කොළඹින් එන උපදෙස් පහල මට්ටමට ගලා එන්නේ දිස්ත්‍රික් ලේකම් හරහා. එතුමා ලියුමක් ගහනවා පිටපත කොළඹට… එතුමාගේ පහල නිළධාරියාට….පහල නිලධාරියාගේ ලියුම ඊලග කෙනාට යවන්නේ පිටපත දිස්ත්‍රික් ලේකම්ට ඇරලා…………….. ඔහොම පිටපත ඉහලට පහලට ලියුම ගිහිල්ලා සංවර්ධනේ කෙරෙන්නේ ලියුම් වලින් විතරයි . වැඩ වලින් නෙමෙයි.
    හැම සංකල්පයක්ම රැවටිල්ලක් වෙන්නේ ඔහොමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )