වෙසක් අමාවක.


වෙසක් හද ගෙවී යන්න පටන් අරන් .වෙසක් හදත් එක්ක හිතේ පිරුණ දේවල් ගැන ලියන්න හොදම දවස අද .
වෙසක් සතියේ මුල සදුදයි – අද බ්‍රහස්පතින්දයි හෙට සිකුරාදයි නිවාඩුවට එක් කලහම පසුගිය සිකුරාදා ඉදන් එක දිගට දවස් නවයක්ම නිවාඩු. දවස් තුනයි වැය කරන්න ඕනී.මේ වැඩේට අත නොගහපු රාජ්‍ය සේවකයෝ ඉන්නවනම් එයාගේ ගෙදරට එහා වත්තේ කාර්යාලය තියෙන කෙනෙක් වෙන්න ඕනී.
ඉතින් කොහොමද ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්‍ෂම වෙන්නේ ?.

මේවා හිත හිතා රාජ්‍ය සේවකයෙක් එක්කම ගෙදරින් එළියට බැස්සා . අවුරුද්දට මග ඇරුන නෑ ගමනක් යන්න.

අඩියක් දෙකක් යන්න උනේ නෑ මෙන්න බෞද්ධ කොඩියත් මානගෙන ගැටයෙක් පාරට පැන්නෘ . “අංකල් අංකල් කඩල “ දාගෙන යන්න ප්ලේට් දෙක තුනක් කියාගෙන. වාහනේ පාරේ මැදම තියාගෙන කඩදාසි පිගන් වලට දුන්න කඩල ටික වාහනේ පිටු පස්සේ හිටපු සැදැහවතුන් අතට දීලා ආයෙත් පාරට බැස්සා.
ඒ අස්සේ එතනම තව ගැටයෙක් කියනවා “ උන් නම් කඩල ටික දා ගත්තා මචං” කියලා.

දාන පාරමිතාවේ තරම කියලා හිත හිතා තව ඉස්සරහට යන කොට සිසිල් පැන් දන්සැලක් . ඈත දිහාම දැක්කා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම විධි අනුගමනය කරමින් කෝප්ප පිරිසිදු කරන හැටි. කෝඩියල් පාර සැන්ඩි කරන හැටි හිතෙන් මවා ගෙන පාරේ කොඩිය හරස් කරපු උපාසක මහත්තයට බැගෑපත් වුනා මේ දැන් බීපු හැටියේමයි කියලා” හා යන්න යන්න” කියාපු උපාසක මහත්තයා අනිත් පැත්ත හැරිලා “ බලාපන් කෝ මුන්ගේ ලොකු කම කිවුවා “.
මේවා විද විද ඉස්සරහට ඇදුනා මහා විහාරයක් ඉස්සරහා මල් දන්සැලක් අනික් පැත්තේ අයිස් ක්‍රීම් කඩේකින් අයිස් ක්‍රීම් දන්සැලක්. අයිස් ක්‍රීම් දන්සැලේ පෝලිම හය හත්සියකින් සන්නද්ධයි. මල් දන්සැල පාළුවට ගිහින් . මහ අවුවේ අයිස්ක්‍රීම් පොලිමේ සැදැහැවතුන් !.

නෑ ගමන ගිහින් ආපහු ආවා ගෙදරට හවස් අතේ.

ගෙදර ගාවා පන්සලට යන්න හිතාගෙන. ඊයේ දවස ගැන හිතන කොට පන්සල් යන්න හිත හදා ගන්න බැහැ. …… පන්සලේ හාමුදුරුවෝ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ජයටම සංවර්ධනේ පටන් අරන්.

හාමුදුරුවෝ ගිය වෙසක් එකට නම් එතෙර සංචාරෙක………….. සිංගප්පූරුවට බෞද්ධාගම ප්‍රචාරය කරන්න වැඩලා. පන්සලේ දොර අගුල් දාලා තිබුනා මතකයි. අපිට මලක් පූජා කරලා පහනක් පත්තු කරන්න පන්සලේ පහසුකම්වත් සලස්වන්න උන්නාන්සෙට සිහිපත් වෙලා තිබුනේ නෑ. අද උදේ සිල් ගත්ත උදවියට බණ කියන හැමුදුරුවෝ මේ බවත් සිහි කලා “ මට මේ පාරත් සිංගප්පූරුවට මැලේසියාවට බැංකොක් වලට වඩින්න තිබුනා. ඒත් මේ ගම්වාසී දුප්පත් අම්මලා තාත්තලාගේ මේ අයියලා අක්කලගේ නංගිලා මල්ලිලාගේ හිත සුව පිණිස මම ඒ ආරධනා සියල්ල පිලිකෙව් කලා “කියලා . එහෙම කිව්වේ මට මේ පාර මොකෙක්වත් එන්න කිව්වේ නෑ කියලා හිතෙන් බැන බැන වගෙයි කියලා මට හිතුණා.

පන්සලේ චෛත්‍ය තියෙන්නේ කදුගැටයක් උඩ තැනිතලා බිමක. ගිය පොසොන් පෝයට හුණු ගාලා සුදු පිළියම් කලාට පස්සේ චෛත්‍ය පැත්තේ කවුරුවත් බලලා නැහැ . මුළු ගමටම චෛත්‍ය පෙනන්නේ කළු පුස් හැදිලා කළු පාටට.මේ වෙසක් පෝයට කලින් කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු වෙලා ගමෙන් සල්ලි එකතු කරලා සුදු පාට තීන්ත ගාලා පිරිපහදු කරලා බලන්න ආසාවේ බෑ.
ගිය වෙසක් පෝය දවසේ කට්ට කරුවලේ තිබුන චෛත්‍යය මේ පාර නම් ෆ්ලෑෂ් ලයිට් දෙකක් දෙපැත්තෙන් හයි කරලා එළිය කරලා ගමට පේන්නේ චෛත්‍ය විතරක් හද පායලා වගේ. කවුදෝ කට කැඩිච්ච කොල්ලෙක් කියනවා “ලයිට් බිල යයි කියලා හිතාගෙන “ ඕක නිවා දමයිද දන්නේ නෑ” කියලා .
තව එකෙක් උත්තර බදිනවා “එක ලයිට් එකකට සප්ලයි දුන්නේ – අහවලාගේ ගෙදරින් එයා ඒක හැමදාම පත්තු කරන්නම් කියලා පොරොන්දු වුනා “ කියලා
.ඒ ලයිට් එක හරි චෛත්‍යට එලිය දෙයි කියලා කොල්ලෝ හිත හදා ගෙන.
ලයිට් දෙක පූජා කරපු සැදැහැවතාට නිවන් දකින ජාතිත් දක්වා හොදට පෙනීමත් දැකීමත් ලැබේවා කියලා හිතින් ප්‍රාරථනා කලා කොල්ලෝ රොත්ත.

ගම වටේ රවුමක් යන ගමන් කුලගන සමිතියේ කාන්තාවෝ රොත්තක් ගෙදරට ගොඩ වෙලා . නිවැසියන්ට ටාගට් එකක් දෙන්න හදනවා .හාමුදුරුවන් වැඩ වාසය කරන දෙමහල් මන්දීරයේ එක් කොටසක් දෙමහල් නැති නිසා ඒ කොටස දෙමහල් කරන්න ඕනිළු . එයාල තීරණය කරගත්තාළු ඒ මහලත් දෙමහල් කරගන්න. එක ගෙදරකින් රුපියල් දෙදහස ගානේ එකතු කරන්න. මේ කතා අහන ගමන් ගාන හදලා බැළු. පවුල් තුන්සීයයක් විතර ඉන්න ගමේ රු ලක්ෂ හයක් එකතු කර ගත හැකියි. ඒත් මේ ගමේ හරි හමන් ගෙයක් නැති කී දෙනෙක් ඉන්නවද ? මේ කුල කාන්තාවන්ගෙන් කී දෙදෙකුට මේ ප්‍රශ්නේ තියෙනවද?.

මොනව කරන්නද ? පාංශකූලෙට හාමුදුරු නමක්වත් නැතිවුනොත් කොච්චර අවනම්බුද ? . සිතිවිල්ලක් ඇවිත් බෙල්ල මුලම හිර කලා . පෑන ගත්ත ගමන් 2000/= දෙන්නම් ටික ටිකවත් කියලා ඒ ගොල්ලෝ පිටත් කලා.

පහුගිය මාසේ පිංපොත පෙරලලා බැළුවා. පන්සලේ බුදු මැදුර තින්ත ගාලා පිලිවෙලක් කරලා තිබුනා. බුදු මැදුරේ තිර රෙදි අළුත් කරලා නව පෙනුමක් අරන්දීලා තිබුනා. අට පිරිකර සහිත මහා දානමය පුණ්‍යකර්මයකට කර දීලා තිබුනා. මේවා කියෙව්වට වැඩක් නැහැ උණ ලෙඩ්ඩු වතුර ඉල්ලන්න වගේ පන්සලෙන් පින් කරන්න ඇනවුම් එනවා. හා කියනවා මිසක බෑ කිව්ව දාට පාංශකූලෙට වෙන්නේ මොනවද ? කියලා හිතෙනවා.

පුංචි එව්වෝ ටිකක් වෙසක් කූඩුවක් හදලා . උන්ගේ තරමට වෙසක් කූඩූ රාජයෙක්. මාමේ කුඩුව බලන්න එන්නම ඕනි කියලා පුංචි එව්වෝ රොත්තක් කඩුල්ල පැන්නා. ඒත් එක්කම කඩුල්ලේ ලීයක් අරින සද්දෙට එබීලා බැළුවා. තරුන මහත්තුරු දෙන්නෙක් . මගේ ඇග හීතල වෙලා. ගෙදරට කැන්දන්නේ නැතිවම මොකක්ද උවමනාව කියලා විමසලා බැලින්නම් වෙසක් කූඩුවක් හදලා නිරාවරණය කරන්න සම්භාවණිය ආරධණාවක්…………………………

පින් කරන්නත් හිතෙන්න ඕනි. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්න ඉඩ තියෙන්නත් ඕනී. බලහත්කාරයෙන් පින් කරන්න බැහැ ආනිශංස නෑ කියලා හාමුදුරුවෝම කියනවා නේ . දැන් කාලේ අපි කරන්නේ බලහත්කාරයෙන් පින් කරගන්න එකයි.එතකොට නිවන් යන්න පින් එකතුවෙන්නේ නැහැනේ.

හැමදාමත් අපිට උත්සව. අප්රේල් මාසෙට අවුරුදු උත්සව ,- මැයි මාසෙට වෙසක් උත්සව – ජුනි මාසෙට පොසොන් උත්සව – ඊට පස්සේ පෙරහැර කාලේ. අවුරුද්දේ උත්සව ටික විතරක් මාස හතරක් මෙහෙම ගෙවිලා ගියාම අපිට අපි ගැන හිතන්න මාස අටක්ම තියෙනවා නේ.

3 comments on “වෙසක් අමාවක.

    • වෙසක් එක්ක දැක්ක අදුරයි සටහන් කලේ. බලහත්කාරයයි ස්වේචඡාවයි කියන්නේ ක්‍රම දෙකක්. සද්දේ දාගෙන බජව් මැද්දේ කරන දන්සැලක දන්සැලට ගොඩ නොවදින කෙනෙකුට ලැබෙන ප්‍රතිචාර වගේම අපි නිවාඩුවලට තියෙන ලැදියාව ගැන හිතන්න ඉඩ ති‍යලා සැහැල්ළුවෙන් කරපු වියමනක්. ලිපියේ ආරට යොදා ගත්තේ කොළමක් ලියන ස්වරූපයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )