දේශද්‍රෝහීන් .


වැඩ කරන පන්තිය තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් නොලැබෙන විට ඒවා ලබා ගැණිමට තද ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට පෙළඹෙයි. මෙම ක්‍රියාවන් වර්තමානයේ ආණ්ඩුව හදුන් වන්නේ දේශද්‍රෝහී වීමක් ලෙසය. වැඩ කරන පන්තිය – පාලනයේ යෙදී සිටින දේශපාලක අම්බරුවන්ට වඩා ජීවන ප්‍රශ්න වලින් පීඩිතව සිටින බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. ඔවුන්ට සිතු පැයේම තම සුභසාධණය සකස් කර ගැණිමට හැන්ද තිබේ. එහෙත් ජනතාවට එවැනි පහසුකමක් තිබේද ? චක්‍රලේඛ , ආයතන සංග්‍රහ , මුදල් රෙගුලාසි, භාණ්ඩාගාර අනුමැතිය, කැබිනට් ඇපෟවල් වැනි දේශ සීමා ඉක්මවා යන්නට දේශපාලකයින්ට මිස අනෙක් අයට පහසු කම් නැත. හැකියාවක්ද නැත.

එම පහසුකම් ඇති අය කර ජනතාව විසින් පත්කරන දේශපාලකයින්ට ‍පත්වු පසු පෙනෙන්නේ තමන්ගේ මාලිගාවල වටේට ඉදිකර ගන්නා තාප්පය තෙක් පමණය. ඉන් එහා සිටින තමන් පත් කල ජනතාව යලිත් පෙනෙන්නේ මැතිවරණයක් ආ දාට පමණය.

වැඩකරන ජනතාව යනු රාජ්‍ය සේවකයා පමනක් නොවේ. එදිනෙදා ආදායම් ලබා වියදම පියවා ගන්නා සියල්ලෝම වැඩ කරන ජනතාවය. ඔවුන්ගේ ආදායම විවිධ විය හැක. වියදමද , අවශ්‍යතාද විවිධ විය හැක. මේ සියල්ලන්ටම පොදු පිලිවෙතකින් සැලකීමට පරිසරය සකස් කිරීම රජයක් විසින් කල යුතුය.

එසේ සිදුවන බව අපට 1948 ලැබුනායි සදහන් නිදහසෙන් පසු මේ රටේ පාලනය කල රජයන් විසින් සිදු කලාද යන්න ප්‍රශ්ණයක් පමනක් බව සදහන් කළයුතුය.
හැන්ද ඇති අය යහමින් බෙදා ගැණිමත් , පිගාන අල්ලා ගන සිටින්නන්ට පටි තද කර ගන්න උපදෙස් දී මත් අද දකින්නට ඇති ක්‍රියා පිලිවෙත බවට පත්ව ඇත.

ආණ්ඩුව තම දුක් ගැණවිලි ගැණ කතා කරන ජනතාව දේශද්‍රෝහීන් ලෙස හදුන්වන අතර යහමින් බෙදා ගන්නා පාලක පක්ෂය දේශප්‍රේමීන් බවට නිර්වචනය කරන අන්දම අප දිවා රෑ අසන්නේය.

මේ දේශද්‍රෝහීන් තමන්ට සිදුව ඇති අසාධාරණය සාධාරණ ක්‍රමවේදයන් මගින් දේශප්‍රේමීන්ට කියාදෙන්නට කොයිතරම් උත්සහා කලත් දේශප්‍රේමී දේශපාලකයන්ට ඒවා කණ පාරේ යන්නේ නැත.මේ පීඩනයන් තමන්ගේ නිරුවත වසා ගන්න පිරුවට කර ගැණිමට සුදානම්ව‍ අසාධාරණයන් සාධාරණය ඉටු කරදීමට පීතෘත්වය පතා ඉදිරිපත් වන තවත් දේශප්‍රේමීන් කණ්ඩායම්ද රට තුල ඇත. ඔවුන්ද දේශප්‍රේමීන් ලෙස කඩුල්ල දකින්නේ නැත. මොවුන්ගේ න්‍යාය වී ඇත්තේ” කල දුටු කල වල ඉහගන්නට වලි කෑම ” ලෙස කඩුල්ල දකින්නේය.

‘කලක් උනුත් එකයි – මුනුත් එකයි’ කී අය කරන විගඩම් දෙස බලා ගෙන “මුන් ඔක්කොම එකයි ” – යන නිගමනයට අද අපට පැමීණිමට සිදුව ඇත. ඒ දේශපාලකයො කියා ගන්නා බඩජාරීන් ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමෙන්ය.

විරුද්ධ පක්‍ෂය ලෙස හදුන්වන්නෝ රජය ඉදිරිපත් කරන සෑම වැඩ පිළිලෙකම දෝෂ දකින්නේය. සමහරක් දෝෂ කලින් දැක්කත් සද්ද නොකර සිට ඇණ ගත්තාට පසු බඩ යන තෙක් බෙරිහන් දෙන්නේය. එසේ නොවී දන්නා දෙය දකිනා දෙය කලින් පෙන්නා දී නිවරදි කරන්න උත්සහා කරන්නේ නැත.

අනෙක් පැත්තෙන් 1948 සිටම අපේ රටේ ආණ්ඩු කරන පැත්ත සර්ව නිර්දෝෂීය . සියළු දේ දත් “සුප්‍ර බුද්ධ “ ලාය.සියළු දේ දත් හෙයින් ඇහුම් කන් දෙන්නේ නැත.අසන්නට අකමැති තැන කියා දීමෙන් වැඩක් නැතැයි ජාන තුලම පැලපදියම් වී ඇති නිසාදෝ විරුද්ධ පක්ෂ කණ්ඩායම් සිරිතක් ලෙස කරන්නේ බැන අඩ ගැසීමය.

මාරුවෙන් මාරුවට පාලනය මාරුව විරුද්ධ පක්ෂසයට ගිය විට ආණ්ඩු පක්ෂායට බැන අඩ ගසන මේ අය තමන් ආණ්ඩුවේ සිටින විට සැලසුම් කර ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට කල් ගතවු ප්‍රතිපත්ති අණ පනත් වලට පවා විරුද්ධ පක්ෂ යට ගිය විට තදින්ම විරුද්ධ වන්නේය.

මෙවැනි පිරිසක් සමග යන ජනතාවට කාගේ පිහිටක් ද? දෙවියනුත් දැන් දේශපාලකයන් සමග සිටින විට…………………… කඩුල්ල සිතන්න ඉඩදී පණ්ඩිත් අමරදේවගේ හිත පිරෙන ගීතයකට මාරු විය.

වක්කඩ ලග දිය වැටෙනා තාලෙට
තිත්තපැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්න ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත දේදුනු පාටින්
කටරොඩුමල් වැට වටකෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් හැළුනා

ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්

වැස්ස පායනකම් කළුලා හිනාවෙනු ඇත. නියගය ආදා කළු ලා නියවනු ඇත.

Advertisements

One comment on “දේශද්‍රෝහීන් .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )