විකාරම කතාවක්


නින්ද යනවානම් …
සිත සන්සුන් කර ගත යුතු බැවින් ඇදට ගොස් තදින් ඇසි පියාගෙන සිටිය යුතුයැයි මට සිතේ කොතරම් වෙලා සිටියත් නින්ද නොයේ.
බණ්ඩාරනායක ඝාතනය සිහිපත් වේ. එතුමා චීවරධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කරයි. මේ නඩුවේ විත්තිකරුවෝ අතර තවත් චීවරධාරියෙකුද සිටී.ඇමතිණියකද සිටී. එය පෞද්ගලික කෝන්තරයක්ද ? . නැත්නම් පෞද්ගලික කෝන්තරයක්ම පමනක්ද ?. එකල සිදුවු වමට නැඹුරු චීනය රුසියාව සමීප කරගත් එතුමාගේ දේශපාලනය එතුමාට මරු කැදවූවාද ?.එකල ආණ්ඩු ක්‍රම වෙනසක කතා බහ පැතිරෙමින් තිබිණි. 1948 නිදහස තවත් අර්ථවත් කරන කතා පැතිරෙමින් තිබිණි.මේ සියල්ලට තිතක් සැපයු ඝාතනයක් බවට බණ්ඩාරනායක ඝාතනය හැදින්විය හැකිද ?. ප්‍රශ්න වැලකි.

1971 කැරැල්ල සිහිපත්වේ. 1970 සිරිමාවෝ මැතිණිය බලයට පත්කිරීමට සේවයක් අනියමින් හෝ කල ජවිපෙය සිරිමාවෝටම එරෙහිවෙයි. ඇගේ ගමන් මගද බණ්ඩාරනායක ගමන් මගට සමානවේ. එකල පුවත් පතක “ ජේවීපිය සිඅයිඒ කෙමනක්ද ? “ යයි විමසමින් ලිපියක් පල කර තිබු බව සිහිපත්වේ. ජනරජ ව්‍යවස්ථාව බ්‍රිතාන්‍යයට තිබු අවසාන ගැතිභාවයද නැති කල ව්‍යවස්ථා වෙනසකි. ජනසතු ව්‍යාපාර තවත් පුළුල් ලෙස පවත්වා ගෙන යයි. ඇගේ චීනයට රුසියාවට ගැති බව අමරිකාව නුරුස්සයි.

1977 ජේ.ආර් ධාර්මිෂ්ඨ සමාජය එලි බසී. ත්‍රිකුණාමලය තෙල් ටැංකි අමරිකාවට – වැනි පුවත් සමග එලි දකින , යංකි ඩිකී ගේ අමරිකා ගැතිභාවය ඉන්දියාව නුරුස්සයි. ඒ තත්වය තුලින් ප්‍රභාකරන් පන ලබයි. .

1989 පෞද්ගලීකරණයට ජවිපෙය අනියම් පදනමින් කොන්ත්‍රාත්තුවක් නොදැන හෝ දැන කලා යයි සිතේ. නැත්නම් එජාපය ජවිපෙ භිෂණය සහ ජවිපෙ නම යොදා ගනිමින් තේ, රබර් වැවිලි වලට අදාල කර්මාන්ත ශාලා, ගොවි ජනතාවට පොහොර, කෟෂි රසායන, බිජ සැපයු ගොවි ජන සේවා මධ්‍යස්ථාන , ලංගම බස් රථ ගිණි තබමින් විනාශ කලාද යයි සිතේ. පසුව ජනතා විරෝධයකින් තොරවම මෙම ආයාතන පෞද්ගලිකරණයවේ.

අපිට ණය ආධාර යහමින් බෙදා දෙමින් ඒ අරමුදල් පොලිත් සමග ආපසු ගන්ට න අපි පීඩනයට පත්කර අප අවුල් කර තබා ගන්නත් , අපව පාලනය කරන්න රුකඩ, නැත්නම් ජායා මාත්‍රික ස්වදේශිකයන් අප රට තුල තබා ගන්නත් බටහිරයන් කැමැත්තක් දක්වන්නේ යැයි සිතිවිල්ලක් ඇතිවේ. ප්‍රභාකරන්ලා පෝෂණය කරමින් විජේවීරලාටද නොදැනෙන සේ ඔවුන්ගේ මෙහෙයුම් සදහා යොදා ගනිමින් බටහිරයන් දක්ෂ ලෙස කටයුතු කරයි.

දෙනෙත පියා ගෙන සිටියත් නින්ද නොයයි.

මැද පෙරදිග තෙල්වලට කෙල හලන ඇමරිකාව අමරිකාවට ගැති බව නොදක්වන පාලකයින් පලවා හරිමින් , තෙල්වලට තියෙන කෑදර බව සනාථ කරනා උප්පරවැට්ටි සිහිපත්වේ. ගඩාෆි යොදා ගනිමින් එවකට පාලනය පලවා හැරීමට කටයුතු කල ඇමරිකාවම අද ගඩාෆිගේ මිදුලට බෝම්බ දමයි. ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් රුසියාවට නැඹුරුවු පාලනයට අභියෝග කිරීමට ඇමරිකාව නිෂ්පාදනය කල ඔෂාමා පාකිස්ථානයේ සැගවී සිටියදී ඇමරිකාව මරා දමයි. ඔහු ඇමරිකාවට අවශ්‍ය පරිදි ත්‍රස්තවාදී කටයුතු දිගින් දිගටම කලා නම් විමුක්තිකාමියෙක් වේ. එසේ නොවු බැවින් ත්‍රස්තවාදීයෙකු ලෙස අවසන් ගමන් යයි.

එජාසංවිධාණය යොදා ගනිමින් තවමත් අපට පොල්ල පෙන්නයි. අපි ඇමිටිල්ලන් බව සිහිපත් කරගෙන ජීවත් විය යුතුවේ . ඉන්දියාව චිනය ජපානය අද වෙන විට ඇමරිකාවේ ආර්ථිකයේ විශාල කොටසකට අයිතිවාසිකම් කියමින් සිටී. මේ තෙරටම අමරිකාව අහිමි කර ගන්නට අකමැතිවාක් මෙන්ම අමරිකාවද මේ තෙරට පාලනය කර ගන්නා ක්‍රම සහ විධි අත්හදා බලමින් සිටී. එයට පාකිස්ථානය, ශ්‍රී ලංකාව භුගෝලීයව වැදගත් ස්ථානයක ඇතැයි සිතන බව කඩා හැලෙන නිදිමත මැදින් සිහිපත්වේ.

අලි පෙම් කෙලින විට පෑගී කුඩු පට්ටම් වන තණ පිටියක් වැනි පරිසරයක අපි රෙද්ද උස්සා ගෙන කෑ ගහමින් සිටී . පුරුද්දට බෙරිහන් දී අප සැනසුවත් බලවතුන්ට රිදවන්නට බැරි බව මේ මෝඩයෝ දැන සිටියත් නොදන්නා තාලෙට හුදී ජන පහන් සංවේගය උදෙසා වේදිකාව කඩා වැටෙන තාලෙට ගුගුරවයි.

අප එයට වඩා පරිස්සමින් කටයුතු කළ යුතුයයි උපදෙසක් හීනෙන් මෙන් ඇසේ. නැත්නම් ඇමරිකාවට අපිත් උස්සා ගෙන යන්න බැරි කමක් නැතිද නොවේ. උස්සා ගෙන ගොස් අතරමග ඉන්දියන් සාගරයේ මුතු ඇටය පේන නොපෙනෙන තැනක අපිව හලා ගෙන යාම සීල් කාරයින්ට එතරම් කජ්ජක් ද නොවේ.

ජනාධිපතිවරණයට පෙර විරුද්ධ පක්ෂ පොදු අපේක්ෂදකයා ගේ වේදිකාව සිහිපත්වේ. ගමන් බිමන් කතා බහ මැතිවරණයේදී වියදම් වු අරමුදල් සිහිපත්වේ. ජනාධිපතිවරණයෙන් පසු විරුද්ධ පක්‍ෂ පොදු අපේක්ෂකයාට අත්වු ඉරණම සිහිපත්වේ. වර්තමාන ආණ්ඩු පක්ෂය පරාද වුනා නම් ඒත් සිදුවන්නේ මෙයමදැයි උපකල්පනයක් ඇතිවේ.
දැන හෝ නොදැන බටහිරයන්ගේ මර උගුල් වලට අපි හසුවන හැටි සිතෙන්නට පටන් ගනී.

මට නින්ද ගොස් ඇතිදැයි මටම නොදැනේ.

Advertisements

3 comments on “විකාරම කතාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )