Aside


අද 22යි.
වෙරළු ගෙඩිය හත් කඩකට කපා ගෙන කියලා කරපු වියමනට සහෘදයෙක් ප්‍රතිචාරයක් එකතු කරලා තිබුනා . සහෘදයට වියමන කියවන කොට කේන්ති ගිය ස්වරුපයක් ප්‍රතිචාර දක්වන්න යොදා ගත්ත වචන වල තිබුනා.
කඩුල්ල බහුජන හිත සුව පිනිස ඒ ප්‍රතිචාරය ඉවත් කලා. ගැලපෙන්නේම නැති නිසා.

අපි මවු කුසේ ඉදලා මෙලොව එලිය දකින්නේ මවු කුසේ සිට පිහිටා ඇති ස්වභාවික ගමන් මගේ කෙළවරින්. අපි මවු කුසේ කලලයක් ලෙස වැඩෙන්නට පටන් ගන්නේ බැහරක පවතින තවත් සංයෝගයක් මවු කුසේ දී එක්වීමෙන්. ඒ සදහා ස්වභාව ධර්මයා නිර්මාණය කරන ලද ක්‍රියාවලියට අවශ්‍ය සංයෝග රැගෙන යන්නේ තවත් ඉන්ද්‍රියක්. මේ ඉන්‍න්ද්‍රියයන් දෙකම හදුන්වන්නත් අපි යොදා ගන්නා වචන වලට සාධාරන අරැතක් තියෙන වචන තියෙන්න ඕනී. ඒත් කේන්තියක් ආ හැටියෙම පිටවෙන්නේ *** ,*** , ** වගේ පරුෂ වචන.
ශිව ආගම අදහන අයට ශිව ලිංගය පුද සත්කාර කරනු ලබන සංකේතයක්.
භාෂාව සුමට විදියට පාවිච්චි කරන එක වැදගත් කියලා කඩුල්ලට හිතෙනවා. පසු ගිය දවසක “දිණමිණ” පත්‍රයේ පල කරතිබු ප්‍රවෘත්තියක යොදා ගත්ත වචනයක වැරද්ද පෙන්නලා වියමනක් පල කර තිබු සහෘදයෙක් ………………………****, ***, ***, මේ මේ වගේ වචනත් අනාගතයේදී “දිණමිණ” පාවිච්චි කරයි කියලා අනුමාන කරගෙන වචන ගොන්නක් වියමනට ඇතුලත් කරලා තිබුනා. වියමන ලියපු සහෘදයගේ කේන්තිය වචන ටිකෙන් අපූරුවට පෙනුනා.

දැන් බ්ලොග් අවකාශය වයස් සීමාවකින් තොරව විවෘතයි. පුංචි පුංචි දූ දරුවොත් තොරතුරු හොයන්න මේවාට පිවිසෙනවා. මේවා කියවනවා. ඉතින් ඒ ගොල්ල ගැනත් ලියන අපි හිතන්න ඕනි .හිතට ආපු විදියටම ලියන එක හොද නැහැ.

මේ කතාව අතරට අත්දැකීමකුත්කඩුල්ලට මතක් වුනා.
උසස් පෙල කාලේ තරුන මදයට අළුත් සංස්කෘතියක් අපේ ඔළුවලට ඇවිත් තිබුනා. ඉල ඇට පේලිය දිහාට ඇගිල්ලෙන් ඇන්නම අමුතු කිතියකුත් එක්ක *** , නැත්තනම් ** වගේ වචනයක් කටින් පිටවෙනවා. එක දවසක අපේ තාත්තාත් ලග ඉන්න වෙලා වක මිත්‍රයෙක් මගේ ඉල ඇට පේලියට ඇගිල්ලෙන් ඇනලා කටින් පිටවුන ප්‍රතිචාරයට , තාත්තා ප්‍රතිචාර දැක්වුයේ අත පුරෝලා කම්මුලට එල්ල කරපු ප්‍රහාරයකින්. එදා ඉදන් අද වෙනතුරාවට කිතියත් කටින් පිටවෙන පරුෂ වචනයත් දෙකම නතර වුනා . තාත්ත මට තේරෙන විදියටම හොද සහ නරක කියලා දුන්නා.

මේ වියමනට සිරසක් නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )