ලිබියා අර්බුදය 03


………………………………………………..ලිබියානු කැරලිකරුවන්ට සන්නිවේදන උපකරණ ලබාදීමට බ්‍රිතානය තීරණය කළ බව බ්‍රිතාන්‍ය නිවේදනය කළේය. මෙම සන්නිවේදන උපකරණ ප්‍රයෝජනයට ගැනීමෙන් ගඩාෆිගේ හමුදා ප්‍රහාරවලට සාර්ථකව මුහුණදීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් විලියම් හේග් පවසන්නේ ගඩාෆි හවුලේ ඥාතීන්ට සහ ආධාරකරුවන්ට පණවා ඇති තංහචි ඉවත් කිරීමට නම් ඔවුන් ගඩාෆිට ලබාදෙන සහාය නතර කළ යුතු බවය. මෙම තහංචි එක්‌සත් ජාතීන්ගේ අනුමැතිය ඇතිව පනවා ඇත. ඔවුන්ට පනවා අති තහංචි අතර ප්‍රධාන වන්නේ විදේශීය බැංකුවල ඇති වත්කම් අත්හිටුවීම සහ යුරෝපා සංගමයේ රටවලට යැමට වීසා ලබා නොදීම ආදිය වේ.

මේ අතර ගඩාෆි රජයේ විදේශ ලේකම් මවුස්‌සා කවුස්‌සා බ්‍රිතාන්‍යට පැමිණ පලාගොස්‌ ඇති අතර ඔහුට විරුද්ධව ඇති තහංචි ඉවත් කිරීමට තීරණය කර ඇත. ……………………………………………………..මේ 07 දිවයින වාර්තා කර .ිබු ප්‍රවෘත්තියකි.

බටහිරයන් අපේ රටේ කළදේම ලිබියාවේද කරනු බව පැහැදිලිව දක්නට ලැබෙන්නකි. තවමත් අපේ රටේ සිදුවන මැදිහත්වීම් විමසා බලන විට එරටද දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදාගෙන බටහිරයන්ට නතු රටක් නිර්මාණය කර ගැණිමේ උත්සහායක් ඇති බව පැහැදිලිය.

ලිබියාවේ සිදුවීම් කඩුල්ල නිරීක්‍ෂනය කල ආකාරය මෙසේය.

සැගවී සංවිධාණය වන විරෝධතා ප්‍රසිද්ධ වේදිකාවේ සක්‍රීය වන්න පටන් ගන්නේ 2011 පෙබරවාරි 17 වැනි දාය.

    1. පෙබරවාරි 18 වැනි දා වන විට පාලනය කර ගත නොහැකි තලය‍ට පැමිනෙන විරෝධතාවයන් මැඩලීමට මැදිහත් වන ලිබියා ආරක්‌ෂක හමුදා අතින් විරෝධතාකරුවන් 35 දෙනකුට වෙඩි තැබුවැයි චෝදනා එල්ල වි ය. මේ පසුබිමත් සමග බෙන්ගාෂි ඇතුළු තවත් නගර ගණනාවක්‌ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් ගේ පාලනයට යටත් වන්නේය.

    2. මාර්තු මුල සතිය වන විට මෙම තත්වය උත්සන්න වූ අතර විටෙක කැරලිකරුවන් විසින් කර්නල් ගඩාපි රජය පෙරලා දමන මට්‌ටමට කටයුතු සිදුවිය. එහෙත් මේත් සමග ම ගඩාපි රජය විසින් කැරලි මර්දනය කිරීම සඳහා සාර්ථක ක්‍රියා මාර්ග ගනු ලැබේ.

    3. එම ක්‍රියාමර්ගයන් “කැරලිකරුවන් අතට පත් වූ බොහෝ නගර යළි ලිබියා ආරක්‌ෂක හමුදාව විසින් අත්පත්කරගනු ලබයි.

    4. මේ අතර, මාර්තු 17 වැනි දා වන විට සියලු රාජ්‍යතාන්ත්‍රික තර්ක විතර්ක මැද එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය, ලිබියාවට එරෙහි ව ගුවන් තහනම් කලාපයක්‌ හා ගුවන් ප්රතහාර සම්මුතිය අනුමත කරන්නේ ය.

    5. මාර්තු 17 වන විට ලිබියාවේ තත්වය ද වෙනස්‌ වෙමින් තිබුණි. ගඩාපි හමුදාව විසින් මේ වන විට රාස්‌ ලනූෆ්, බ්‍රිගා, අඩාබියා යන නගර කැරලිකරුවන් වෙතින් නැවත අල්ලාගෙන සිටි අතර බෙන්ගාශි නගරය අල්ලා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබිණි.

    6. මේ අතර, මාර්තු 19 වැනි දා රාත්‍රියේ ලිබියාවේ ත්‍රීපොල් අගනුවර ඉලක්‌කවලට හා බෙන්ගාශී ඉලක්‌කවලට ප්‍රංශ ගුවන් ප්‍රහාර එල්ල වීමත් සමග ම ලිබියා ආක්‍රමණය ඇරඹෙන්නේ ය. මෙහෙයුම ආරම්භයේ ම ප්‍රංශ ගුවන් ප්‍රහාර සමග ම ඇමරිකාව විසින් ටොමෝහෝක්‌ මිසයිල 100 පමණ ලිබියාවේ ගුවන් ආරක්‌ෂක පද්ධති මතට එල්ල කරන්නේ ය.

    7. ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 64 දෙනකු මියගොස්‌ 100 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇති බව ලිබියා රූපවාහිනිය ප්‍රකාශ කළේ ය.

    8. මාර්තු 21 වන විට ඇමරිකාවේ ඉවසීම සීමා වන සෙයක්‌ දක්‌නට ලැබුණි. වාර්තාකරුවන් විසින් මෙහෙයුමේ වත්මන් හමුදා නායක ජෙනරාල් කාර්ටර් හැම්ගෙන්, “කවදද නායකත්වය බාර දෙන්නේ- යනුවෙන් ඇසූ විට ඔහු ප්‍රකාශ කළේ “මම දිනයක්‌ නම් හරියට ම දෙන්නේ නැහැ. ඒත් ඉස්‌සෙල්ලාම කරන්න තියෙන දේ තම්යි මොකද්ද මේ යුද්ධ කරන සංවිධානය කියලා හඳුනා ගැනීම” බව ය.

    9. එක්‌සත් ජාතීන්ගේ සම්මුතියට වහා ප්‍රතිචාර දක්‌වමින් මාර්තු 18 වැනි දා ලිබියානු විදේශ අමාත්‍ය කෞසා මෞසා ප්‍රකාශ කළේ ලිබියාව විසින් සියලු මෙහෙයුම් නවතමින් වහා සටන් විරාමයක්‌ ප්‍රකාශයට පත්කරන බව ය.

    10. සම්මුතිය අනුමත වීමත් සමගම තම රටට විදෙස්‌ මැදිහත්වීමක්‌ දැන් යථාර්ථයක්‌ විණැයි ද ගඩාපි අවසන් යෑයි ද කියමින් කැරලිකරුවන් ප්‍රීති ඝෝෂා කළ බව බටහිර මාධ්‍ය නිවේදනය කළේ ය.
    11. ගුවන් තහනම් කලාපය සම්මත වීම පිළිබඳ අදහස්‌ දක්‌වමින් පෘතුගීසි රූපවාහිනියකට ගඩාපි ප්‍රකාශ කළේ “එය නියම යටත්විජිත නගරයක්‌, උන්මාදයක්‌, පිස්‌සුවක්‌, ආඩම්බරයක්‌” ලෙසයි. තවදුරටත් ඔහු කීවේ- ලෝකය අපත් සමග පිස්‌සන් වන්නේ නම් අපිදු එසේ වන බව ය.

අද ලිබියාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )