පැත්තකින්

අප්‍රේල් 09.

බොහෝම දවසකින් වැදගත් දෙයක් වියමන් කර ගන්න බැරිවුනා. අප්‍රේල් මාසේ අවුරුදු මාසේ. සිංහල හින්දු අවුරුද්ද කියලා කලකට පෙර හදුන්වපු අවුරුදු උත්සවය දැන් දැන් සිංහල අළුත් අවුරුද්ද කියලා හදුන්වන්න පටන් අරන් වගෙයි. කඩුල්ල පරණ විධියටම සිංහල හින්දු අළුත් අවුරුද්ද කියලම හදුන්වනවා නම් කැමතියි.

මාර්තු අන්තිම සතියේ ඉදන් රෙදි පිළි සොයාගෙන සාප්පු ගානේ ගිය උදවිය දැන් දැන් ආහාර වර්ග රැස් කරන්න පටන් අරන්. 11, 12 වෙන කොට එලවළු ,මාළු මස් වලට අවධානය යොමු වෙයි. 12 වෙනිදා වෙන කොට අවුරුදු කන්න ලෑස්ති වෙලා…….. අප්‍රේල් මාසේ ඉවර වෙන්න හදන කොට “ අවුරුද්ද අපිව කෑවා ”කියලා කියන අයත් අපේ අතර ඉදියි.

මේ දවස් වල කඩුල්ලගෙත් හිත විවේකයෙන් නැතිව වගෙයි. වියමන් කරන්න ගොනු කර ගත්ත තේමා විකාශණය කරගන්න බැරිව දළ සටහන් බවට පත්වෙලා ඔහේ තියෙනවා. ඔය අස්සේ අද කඩුල්ලගේ මොබයිල් එකට sms එකක් ආවා.

ඒකත් හොද නිර්මාණයක් .

කෙල්ලෝ කොල්ලන්ගේ හිතවතා වන මොබයිල් ෆෝන් සමාගම් වල වෙළද තේමා පාඨ වලට විවාහයයි – ජීවිතෙයි ආදේශ කරලා.
“…………….ඔන්න කෙල්ලයි කොල්ලයි හදුනගත්ත අළුත ජීවිතේ හරියට tigo වගෙ. ‘- Express your life” එකක්.
සතියක් හමාරක් ගතවෙලා අඅදහස කියාගන්න කම් etiselat වගෙයි අප්පේ “ ඔබ ගැනමයි”
කතා බහ කරගෙන වැට කඩොළු සීමා ජයගෙන විවාහ වුනා කියමුකෝ. බැන්ද දවසේ ජීවිතේ Dialog වගෙයි “ Keep your touch”
ඔන්න ටික දවසක් ගිහින් දරු මල්ලන් බලන්නත් ලගයි . ජීවිතේ Mobitel වගේ “We care always”වෙලා.

කාලය ඉක්ම වෙන්න – ඉක්ම වෙන්න hutch වල නිතර නිතර ඇහෙන වගේ මේ දෙන්නත් “ ග්‍රහකයා සම්බන්ධ් කල නොහැකිය” කියන කතාවට මැච් වෙන විදියට ජීවිතේ ඕම්ලට් කරගෙන .

තවත් ටික දවසක් යන කොට රණ්ඩු සරුවල් වෙලා නොගැලපීම් ඉස්මතුවෙලා වෙන් වෙන්න හදන කොට…… divas එකටත් ලං වෙලා .

ඒ අවස්ථාව හරියට Airtel කියන්නා වගේ “ ඒක සිම්පල් ප්ලෑන් එකක්”………………. ”

මේක කෙටියෙන් ටයිප් කරලා තිබුනේ . කඩුල්ල කතාව පොඩ්ඩක් සංවර්ධණය කරලා දිනපොතේ සටහන් කලා .

අද හවස පොදු ප්‍රවාහන සේවයේ කොට කොටා ගෙදර එන කඩුල්ලට දාර්ශණිකයෙක් උපදේශයක් දුන්නා. “කරදර ලහට අපි ගිහින් කරදර අපිට කරදරයක් කරගන්න එපා – කරදර අපි ලගට අවාම විතරක් ඒවායින් නිදහස් වෙන්න හිතන්න” කියලා. සමහර විට එයි කියලා හිතන කරදර අපි ලගට නෑවිත්ම පිට පාරෙන්ම යන්න පුළුවන් කියලා කඩුල්ල ඌණ පූරනයක් එතකු කලා. මේ කතාව හොද අදහසක් කියලා හිතාගෙන කඩුල්ල දිනපොතේ පිටුව වහන්න පෙර ඒකත් සටහන් කලා.

කියන්නා වගේ “ ඒක සිම්පල් ප්ලෑන් එකක්”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )