පැත්තකින්


විසි අට වෙනිදා.

කඩුල්ලට මතකය අරගෙන දශක හතරකට පෙර ඉගන ගත්ත උසස් පෙළ පන්තියට යන්න සිද්ධ වුනා. පංතියේ හිටියේ කෙල්ලෝ හය දෙනයි. හතලිහක් විකර හිටපු පංතියේ පේලි තුනක අපේ මේස පුටු තිබුනා.ගුරු මේසේ වම් අත පැත්තේ තුන් දෙනා තුන්දෙනා පේලි දෙකක මේ කෙල්ලෝ හය දෙනා වාඩි වෙලා හිටියා. පිටුපස්සෙම පේලියේ හිටියේ කොල්ලෝ තුන්දෙනෙක්.

උන් තුන් දෙනා ගෙන් එකෙක් මම.

අපි ඔක්කොටම මොකක් හෝ නමක් පට බැදිලා තිබුනා. උප්පැන්න සහතිකේ නම පංතියේදී ඇහුනේ නාමලේඛණය ලකුනු කරන කොට විතරයි. මේ එක කෙල්ලෙක් රට කජු කන්න බොහෝම කැමතියි. ඒක නිසා ඒකී “රට කජ්ජි ”වුනා.

අද “රට කජ්ජී “ සිහිපත්වීමට සු‍විශේෂ හේතුවක් ඇතිවුනා. දිනපොතෙ සටහන ඈ වෙනුවෙන් වෙන්වුනා.

කඩුල්ල මේ පන්ති සගයින්ගෙන් කි.මි 175 ක් විතර දුරින් පදිංචි වෙලා ඉන්නේ . මින් දශක හතරකට පෙර සිටම කාලයෙන් කාලයට තැපෑලෙන් එන ලියුමක , සන්නිවේදනය දියුනුවු වකවානුව වන විට දුරකතනයක, අපි සම්බන්ධතා ආරක්ෂා කර ගෙන පවත්වා ගෙන ගියා.

අපේ නඩේ රස්සාවල් ලැබුවා,සමහරු පිටරට ගියා ,විවාහ වුනා , දරුමල්ලෝ ලැබුවා , දරුමල්ලෝත් විවාහ වුනා. නඩේ වයසට ගියා. මේ ජරමර අස්සෙත් බොහෝ පංති සගයින්ගේ සංනිවේදණය – කඩුල්ලත් සමග පවත්වා ගෙන ගියා.

ලංකාව පුරාම විසිරිලා හිටපු – විවිධ රාජකාරි වල නිරත වෙලා හිටපු මේ නඩය කඩුල්ලට ප්‍රයෝජනවත් ජාලයක් වුනා. පණිවිඩයක් තීබු පමනින් දුර බැහැර ඉන්න කඩුල්ලගේ නගරයේ අවශ්‍යතා සැනෙකින් ඉටුවුනා.

අහල පහල හිටි අය සංවිධාණය වෙලා එක එක පවුල් වල නිවෙස් වල මාස දෙක තුනකට වරක් රැස්වෙලා කාලා බීලා උසස් පෙල පංතිය සමරන පුරුද්දක් මේ කණ්ඩායමට තිබුනා. මේවාට දීගතල ගිය කෙල්ලෝ හය දෙනා බොහෝම විට එක්වෙන්නේ නෑ. උන්ගේ මහත්තුරුත් එක්ක මේ නඩේට පෑහෙන්න අපහසුකම් තිබුනා. කඩුල්ල ඉන්න දුර ප්‍රමාණය නිසා ඉද හිට මේ සමාගමට එක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නෑ .

ඒත් කඩුල්ලට මේ කන්ඩායමෙන් කෙල්ලෝ කොල්ලෝ නොබලා පවුල් පිටින් ඉදුම් හිටුම් සමග සංග්‍රහ කිරීමේ අවස්ථාව අවුරුද්දට කිහිපයකට සැරයක් කරන්න සිද්ධ වුනා.
කඩුල්ල පදිංචි ප්‍රදේශය මේ කන්ඩායම හදුනාගෙන තියෙන්නේ දූ දරුවන් එක්ක ඇවිත් විවේකයක් ගන්න සුදුසු ප්‍රදේශයක් කියලා . මේ නඩේට පහසුකම් සැලැස්වීම තමයි කඩුල්ලගේ ගෙට්ටු ගෙදර් එක. මේ වැඩේට කඩුල්ලිත් පුදුම ඉවසීමෙන් කඩුල්ලට – සහයෝගය දෙනවා .

රට කජ්ජී ගැන නොකියා මේ වැල් වටාරම් ලියවෙලා දිනපොතේ පිටුව පිරුනා. මතකය අවදි උනහම ඒ ඔස්සේ ගලා ආ දේවල් නතර කරන්න හිතුවේ නැහැ.

මාස දෙකකට පෙර දුර කතනයේ අනෙක් කෙළවරේ රට කජ්ජි – මම මෙහා කෙළවරේ.
“උඹට පුළුවන්ද පුංචි දානයක් දෙන්න ? ”
මම – “ලොකු දඩයක්ද ? ”
මේ විහිළු නෙමෙයි. – අපේ මහත්තයත් එක්ක කුකුල්පනේ සුදස්සි හාමුදුරුවෝ බදුල්ලට වැඩියා. අද පාන්දරින් පිටත් වෙලා.හොරණ එනවා.
එන ගමන් උඹෙන් හීලි දානේ ….දෙන්න පුළුවන්ද?.
ඒ තමයි රට කජ්ජී කඩුල්ලට කරපු අවසාන නියෝගය. ඊට සති දෙකකට විතර පස්සේ මම කරපු දානෙව පින් දුන්නා. මම ටෙලිපෝනයෙන්ම පෙරලා ඒ අවස්ථාව ලබා දුන්නාට රට කජ්ජීට පින් දුන්නා.

අද මට සිද්ධ වුනේ රට කජ්ජී ට – මම පෙරළා අනුමෝදන් කළ පින් සමග – ඈ දශක හයක් තිස්සේ රැස් කල සියළු පින්ද රැගෙන අප අතහැර ගිය බව අහන්න.

රට කජ්ජී

Advertisements

2 comments on “රට කජ්ජී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )