Aside

පලාත් පාලන මැතිවරණ පැවත්වු සතියේ දින පොත ලියුවාට පසුව දින පොත ලියන්න බැරිවුනා. දවසින් දවස සටහන් තබන්න හිතා හිටියත් පාත් වෙන මොකක් හෝ අකුණක් නිසා ලියා ගන්න බැරිවෙනවා.
මාර්තු 26 වෙනිදා
නිව්යෝර්ක් වල පදිංචි මගේ සහෝදරයා එහාට ගිහින් අදට හරියටම අවුරුදු පහයි. දුවත් පුතත් එක්ක පවුලම එහාට ගියේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයව වඩා එහේ සල්ලි වලට ගන්න අධ්‍යාපනේ දුවටත් පුතාටත් ලබාදෙන්න.
පසුගිය මාසේ සති හයක නිවාඩුවට සියරටට ආපු සහෝදරයා නැවතත් අපෙන් වෙන්ව දු දරුවන් ලගට ගියෙත් අද.
අවුරුදු පහකට පෙර අද වගේ දවසක අපෙන් සමුගත්තා වගේ ඉතාමත් අමාරුවෙන් අපෙන් නැවතත් සමු අරගෙන කටුනායකින් ගුවන් ගතවුනා.
මාර්තු විසි හය මගේ ජීවිතයේ සමුගැණිමේ දිනයක්ද ? කඩුල්ල හිතන්න පටන් ගත්තා.

මාර්තු 27 වෙනිදා

ඔස්ට්‍රේලියාණු ජාතික දියණියක කඩුල්ලට මුණ ගැහුණා. අපි හත් අට දෙනෙක් සහෝදර බුරුත්තක් එකිනෙකාට හැඩරුවෙන් සමාන . මේ දියණියට පුදුමයක්. පවුලේ කී දෙනෙක් ඉන්නවාද මගෙන් ඇහුවා. කඩුල්ල අත් දෙකේම ඇගිලි පෙන්නලා එක ඇගිල්ලක් නමලා නවය පෙන්නුවා. කෙල්ල හිනා වෙනවා.
මම කිව්වා අපේ අසල්වාසියෙක් ගැන.
අපේ ගෙදරට කිට්ටු ගෙදරක ආත්තම්මාට දරුවෝ දා හතරයි !. ආත්තම්මා ඉතාම නිරෝගීව දු දරුවන්ගේ, මුනුපුරු මිණිපිරියන්ගේ , සහ එයාලගෙත් දූ දරුවන්ගේ හුරතල් බලලා අප අතහැර ගියේ අනු වෙනි වියේදී. මේ දු දරු සමාජය සිංහල අවුරුද්ද සමරන්නේ පවුලේ අවුරුදු උත්සවයක් ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයක පවත්වලා. වාර්ෂික අධ්‍යාපන ., විනෝද චාරිකා යන්නේ බස් තුණක විතර සෙනගත් සමග. එයාලගේ සුබ සාධක සමිතිය මේ සියල්ගේම අනුග්‍රහය හා සංවිධාණය කරන ප්‍රබල සංවිධාණයක්.

ලාංකීක ආදර්ශමත් සංස්කෘතිය ගැන කෙල්ලට පුදුමයි. බටහිරයි අපියි වෙනස් වෙන්නේ මේ සංස්කෘතික ලක්ෂණ නිසා. පුංචි පවුල රත්තරන් වෙලා අපි අපේ පවුල්වල සාමාජික සංඛ්‍යාව දක්වන්නේ අතේ එක ඇගිල්ලක් .නැත්නම් ඇගිලි දෙකක් පෙන්නලා. අපේ අම්මලා තාත්තලා දරුවෝ දුසිමක් හැදුව කිවුවාම අපිට පුදුමයි කන්න බොන්න දීලා අධ්‍යාපනය දීලා.අඩුපාඩුවක් නැතිව ඉඩකඩම් ගේදොර ඉතිරි කරලා.අපිට අඩිතාලමක් නිර්මාණය කරලා – කරලා තියෙන වික්‍රමය අපිට හිතා ගන්නවත් බැහැ.

එදා ඒක පුද්ගල ආදායමයි අද ඒක පුද්ගල ආදායමයි වටිනාකමින් සමානයි කියලා කඩුල්ල හිතනවා. ඒත් එදා පරිභෝජන ලැයිස්තුවට වඩා අද පරිභෝජන ලැයිස්තුව දිගයි.අපි හැමදාමත් බැංකුවට ලීසිං සමාගම්වලට වෙනත් මුල්‍ය සමාගම් වලට ණය වෙලා ඉන්නේ රට ජාත්‍යන්තර මුල්‍ය සංවිධාණ වලට ණය වෙලා ඉන්න ගානට. අපත් දැන් බටහිරයෝ ගානට වැටිලා. අපේ දු දරුවන්ට අඩිතාලමක් හදන්න අපිට පුදුම තරගයක් දෙන්න වෙලා තියෙන්නේ.
ඔස්ට්‍රේලියාණු ජාතික දියණිය අවදි කල සිත නන්තාර වුනා මේ වගේ සිතිවිලි අතර.නොවැදගත් වුනත් දිනපොතේ සටහන් කලා සිතුවිලි ටික.

මාර්තු මස 28 වැනිදා දින පොත යලිත් සටහන් කරන්න හිතා ගෙන වහලා දැම්මා.

නන්තාරවු සිතිවිලි

One comment on “නන්තාරවු සිතිවිලි

  1. හ්ම්… මමත් ඉස්සර හිතුවක්කාරි ලියන්න ගත්තේ දින පොතක් විදියට ලියනවා කියලා…එත් දැන් නම් එක කසල ගොඩක්…හෙහ්… ඔයා නම් හොදයි..හොද පිලිවෙලට ලියනවා… අදමද මන්දා ගොඩ උනේ…කොහොම උනත් ඉස්සර ත් මේ හැමදේම තිබ්බට ඉස්සර මේ වගේ තරගකාරිබවක් තිබ්බේ නැතුව ඇති..දැන් කොච්චරක් නම් විෂ වායුද…ලමයාගේ උප්පැන්නේ ඉදලාම තරග..එකෙන් මෙකෙන් දැන් පුංචි පවුල රත්තරන් එක දරුවායි අම්මයි තාත්තයි..තව ඉස්සරහට ලමයි නැතිම වේයිද මන්දා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )