පැත්තකින්

දින පොත

බ්‍රහස්පතින්දා

පලාත් පාලන මැතිවරනය අද පාන්දරම ඡන්ද පලට ගිහින් කඩුල්ල සතු පරමාධිපත්‍ය නැවතත් පවරලා ආවා. මේක ආයෙත් හම්බුවෙන්න‍ ඡන්දයක් තියන්නම ඕනී. එතකන් පරාමාධිපත්‍යට වකුටු වෙලා නිදාගන්න සිද්ධ වෙනවා.
අද පැවත්වුන පලාත් පාලන මැතිවරණයෙදී නාමයෝජනා ප්‍රති‍ක්‍ෂෙප වුන පලාත්පාලන ආයාතන හැර මහ නගර සභා තුනක්‌ නගර සභා 30 ක්‌ හා ප්‍රාදේශීය සභා 201 ක්‌ ඇතුළු පළාත් පාලන ආයතන 235 ක්‌ සඳහා නියෝජිතයන් 3022 දෙනකු තෝරා පත්කර ගැනීමට අපේක්ෂ කයෝ 29098 දෙනෙක්‌ තරග කරනවා.

හෙට වෙන කොට ඡන්දදායකයාගේ තීරණය බලාගන්න පුළුවන් වේවි.

සිකුරාදා.

ඡන්ද ප්‍රතිපල වාර්තා වෙන්නේ මේ විදියටයි.

පළාත් පාලන ආයතන 234 න් 205 ක බලය ලබා ගැනීමට සන්ධානය සමත් වූ අතර එක්‌සත් ජාතික පක්ෂආයට ජය ගත හැකි වූයේ ආයතන 09 ක්‌ පමණයි.
දෙමළ ජාතික සන්ධානය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) උතුරේ හා නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන 12 ක බලය හිමිකර ගෙන තියෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණට කිසිදු ආයතනයක බලය හිමි වෙලා නැහැ.
ඔවුන් පසුගියවර බලය ලබාගෙන තිබූ තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවද මෙවර පරාජයට පත් වෙලා. එහි බලයත් හිමිවූයේ එජනිසයටය.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට ආයතන 4 ක්‌ද, ජාතික කොංග්‍රසයට ආයතන දෙකක්‌ ද, ස්‌වාධීන කණ්‌ඩායමකට හා කඳුරට ජනතා පෙරමුණට එක්‌ ආයතනය බැගින්ද හිමි වෙලා.

2006 පළාත් පාලන මැතිවරණයේදී පැවැති පළාත් පාලන ආයතන 228 ක්‌ සන්ධානය ජය ලෙන තිබුනා . එජාපය ආයතන 39 ක බලය හිමිකර ගෙන තිබුනා.
එදා එජාපයට බලය තිබූ පෑලියගොඩ, වත්තල, මාබෝල නගර සභා සහ වත්තල ප්‍රාදේශීය සභාවේ බලය සන්ධානයට හිමිවූ අතර වසර 21 ක්‌ පුරා එජාප පාලනය යටතේ පැවැති කතරගම ප්‍රාදේශීය සභාවද මෙවර සන්ධානයට හිමි වෙලා.

බද්දේගම, වැලිගම, හපුතලේ, හැටන්, නාවලපිටිය, හොරණ යන නගර සභා එජනිසයටත් කුලියාපිටිය, කඩුගන්නාව, සීතාවකපුර, කළුතර නගර සභා එජාපයටත් හිමි වෙලා.
අලුතෙන් පිහිටුවනු ලැබූ මහනගර සභා අතුරින් දඹුල්ල මහනගර සභාවේ බලය එජනිසයටත් බණ්‌ඩාරවෙල මහනගර සභාවේ බලය එජාපයටත් අක්‌කරෙයිපත්තුව මහනගර සභාවේ බලය ඇමැති එම්. එල්. එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්රාසයටත් හිමිවුනා.

ත්‍රිකුණාමලය, මන්නාරම නගර සභාවලත් නවීතන්වේලි, මාන්තෙයි, නැගෙනහිර වව්නියා, වව්නියා දකුණ ප්‍රාදේශීය සභා දෙමළ ජාතික සන්ධානයටත් ජය ගැනීමට හැකි වු බවයි සදහන් වන්නේ..

    මෙවර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 55.65 සන්ධානයට . එම පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 3338401 ක්.

 

    එජාපය ඡන්ද 2032891 ක්‌ ලබා ප්‍රතිශතය සියයට 33.89 ක්.

 

    දෙමළ ජාතික සන්ධානය ඡන්ද 70171 ක්‌ද ජනතා විමුක්‌ති පෙරමුණ ඡන්ද 181270 ක්‌ද ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඡන්ද 88592 ක්‌ද ජාතික කොංග්‍රසය ඡන්ද 14082 ක්‌ද ලබාගෙන තියෙනවා.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය සන්ධානය සතුකර ගත්තේ එක්‌ වැඩි ඡන්දයකින් වීමද විශේෂත්වයකි.
මේ එක ජන්දයට මංත්‍රීධුර දෙකක් හිමිවීමත් ‍මේ මැතිවරණ ක්‍රමයේ සුවිශේෂවු එමෙන්ම අවධාණයට ලක්විය යුතු ලක්‍ෂණයක් බව කඩුල්ලට සිහිපත් කරනවා.

අත්තනායක මහත්තයාට මේ මැතිවරණය අප්‍රබංශයක් වී ඇති හැටි කඩුල්ල දැක්කා. විග්‍රහයක් ලෙසට බක පණ්ඩිත කතාවක් ඉදිරිපත් කරමින් බඩ පිණුමක් ගසා ඇති බවක් ද ඒ අතර සිහිපත් වුනා.
මැතිවරණය පැවැති දින පෙරවරු 7.00 සිට පස්‌වරු 2.00 දක්‌වා කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 25 ක්‌ වූ බවට වාර්තා වූ බවත්, එහෙත් එම ප්‍රමාණය පස්‌වරු 4.00 වන විට සියයට හැටක්‌ වී ඇති බවත් පැය දෙකක කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 35 කින් ඉහළ යැම අස්‌වාභාවික තත්ත්වයක්‌ බව තිස්‌ස අත්තනායක සට පට ගා මාධයයට කියා දැම්මා.

අපි දවසේ වැඩ කරලා ඡන්ද පලට ගියා කියලා ෆුල් ටයිම් නා ගන්න තිස්ස අත්තනායක උන්නැහේට හිතුනේ නෑ.

මැතිවරණය පිළිබද ඊලග හොදම විග්‍රහ අපේ ටිල්වින් සිල්වා මහත්‍තයා ගෙන්. එතුමා ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තුමා බව කඩුල්ල හයි ලයිට් කර සදහන් කරන්නේ පාඨක සුභ පිද්ධිය උදෙසාමයි.
මෙම මැතිවරණයෙන් පරාජයට පත් වූයේ ජනතාව මිස ජනතා විමුක්‌ති පෙරමුණ නොවේ යෑයි ද මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් සැබෑ ජනමතය සැබෑ ලෙස ප්‍රකාශ වී නැතැයිද ටිල්වින් මහතා ප්‍රකාශ කරන අයුරු රූපවාහිණි චැනලයකින් කඩුල්ල ඉතා උනන්දුවෙන් බලා සිටියා.

රටේ සම්පත්, ඉඩකඩම් විකුණමින්, වැව් පද්ධතිය විනාශ කරමින් සහ බඩු මිල ඉහළ දමමින් ආණ්‌ඩුව ගෙනයන වැඩපිළිවෙළ මෙම මැතිවරණයේ දී ජනතාව අනුමත කළ බවට මින්පසු ආණ්‌ඩුවට තර්කයක්‌ ගොඩ නඟාගත හැකි බව ගමටත් – නගරයටත් ගැලපෙන සේ කතාවට ඌණ පූරණයක් එකතු කරපු ටිල්වින් සිල්වා මහත්තයා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්‌ඩව මැදිහත්වීමට ජනතා විමුක්‌ති පෙරමුණ ක්‍රියාත්මක වන බවට ප්‍රතිඥා වකුත් දුන්නා.

එජනිසයට ඡන්ද 3338401සංඛ්‍යාවක් ලැබෙන විට ජනතා විමුක්‌ති පෙරමුණ ලබාගෙන තියෙන්නේ ඡන්ද 181270 යි. ඉතින් ටිල්වින් සිල්වා මහතාගේ කතා අසන පිරිස ගැන ගණණය කරගන්න පුළුවන්.
රටට වැඩදායි ලෙස ටිල්වින්ලා කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ටිල්වින්ලාට ඕන ලෙස රට කිසිදා වෙනස් වන්නෙත් නෑ.
ඒ බව තේරුම් ගත්තත් ටිල්වින්ලා වෙනස් නොවන තවත් රහස් ඇත්දැයි කඩුල්ල ට හිතන්න ඉඩක් විවර වුනා.

3338401ට ඕන විදියට රට යන්න හැර 181270 ඕන විදියට රට අවුල් වන හැටි බලන්න කඩුල්ලට මනාප නැත.

    අමතර කතාවක් වුවද කඩුල්ලට විශ්ව විද්‍යාල පද්ධතියේ අවුල් වියවුල් සිහිපත් වුනා. කඩුල්ල ජීවත් වෙන්නේ සබරගමුව විශ්ව විද්‍යාලය අද්දර. පුංචි පිරිසක් නිසා විශ්ව විද්‍යාල මාස ගානක් වසා තබන්නට ඉඩ කඩ ඇති කොට ඉන්න අයටත් – එන්න ඉන්න අයටත් අධ්‍යාපන අවස්ථාව නැති කිරීම අවුල් වියවුල් ඇති කරන පුංචි පිරිසට සාපයක්. නිදහස් අධ්‍යාපනය සටන් පාඨයක් කර ගන්නා උදවිය නිදහස් අධ්‍යාපනය පැවතීමට ඉඩකඩ අහුරන එක නම් මහම තකතිරු වැඩක්.

බලය ජවය ශක්තිය

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )