Aside

දිනපොත

අද 17යි.
දවස් තුනක කතා බහ පුළුවන් තරම් කෙටියෙන් ලියන්නයි අදහස.
දිනය සදුදා.
හවස් යාමේ වැඩ ඇරිලා යන ගමන් මිත්‍රයෙක් මගේ මේසේ ඉස්සරහ පුටුවට බර උනා. ආ ගිය කතා දිග හැරගෙන පැයක් විතර අපේ පිළිසදර ඇදී ගියා මිත්‍රයා කවි ලියනවා . පොතක් පසුගිය කාලේ පල කලා. මේ නිර්මාණ ගැන මිත්‍රයා කතා කරන්නේ බොහෝම තෘප්තිමත්ව.
ඒත් බිරිද නම් මේ මිත්‍රයාගේ නිර්මාණකරණය ගැන කියන්නේ “ කොහෙද ඉතින් ලියන්න පටන් ගත්තොත් ලියලා එවර වෙන කම් ලෝකෙ පෙරළුනත් දන්නේ නෑ ” වගේ කතාවක්.
කවි ලියන මිත්‍රයාගේ වැඩියෙන්ම තේමාවන් වන්නේ අපේ සමාජය තුල ඇතිවන විවිධාකාර සිදුවීම් .පරිසරයට ආදරේ කරන මිත්‍රයා පරිසරය ගැනත් කම්පා වෙනවා මේ වන විපර්යාස වලට.
කඩුල්ල කියවලා තෝරාගත්ත වියමන් විස්සක් විතර මුද්‍රණය කරමු කියලා මිත්‍රයා යෝජනා කරනවා. මම“ පොත් නිකම් දෙන්න වියදම් කරන්න බැහැ ඕවට සල්ලි නැහැ ” කියලා අකුලා ගන්නවා.
අන්තිමට මිත්‍රයා ලිපි තෝරන්න කඩුල්ල මුල ඉදලා කියවලා බලන්නම් කියලා මගෙන් සමු ගත්තා.

අගහරුවාදා.

මගේ දිවා කාලයේ අළුත් නවාතැන කතා උල්පතක්. ඒත් මේ කතා ගොනු කරන්න තියෙන විවේකයයි පහසුකමයි නම් බින්දුවයි.
හිතුවක්කාර දරුවෝ ඉන්න අම්මලාට තියෙන්නේ පුදුමාකාර වේදනාවක් අම්ම කෙනෙක්ගේ කදුළු අදුරන්නේ නැති වයස අවුරුදු පහලොවක විතර හිතුවක්කාර පුතෙක් දැකලා මට හිතුනේ පුතා හිතුවක්කාර කරගෙන තියෙන්නේ අම්මමයි කියලා. පුතාගේ පෙනීම පරීක්ෂා කරගන්න වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න ඇවිත් ඉදිද්දියි කඩුල්ල මේ අම්මයි පුතයි මුණගැහුනේ.
අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පුතාගේ ඇස් බලලා ඇස් නීරෝගි බව පලකරලා තියෙනවා. වෛද්‍යවරයා පුතාගේ දිනපතා වර්යා රටාව ගැන තොරතුරු අහන කොට පුතා දවසේ වැඩි කාලයක් ටෙලිවිෂණයෙයි කම්පියුටරයේ ගේම්ස්වලයි ගත කරන බව හෙළි වෙලා.
වෛද්‍යවරයා මේ චර්යා රටාව වහාම වෙනස් කරන්න අම්මටයි පුතාටයි උපදෙස් දීලා.
වෛද්‍යවරයා මුණ ගැහිලා පුතා එළියට බැස්සේ ප්‍රචණ්ඩකාරීව. පුතා අම්මගෙන් ප්‍රශ්ණකරනවා “ ඒ මෝඩයා මොනවද දන්නේ ? ” කියලා. පාලනය කරගන්නත් අවට හිටි පිරිසගේ අවධාණයෙන් මිදෙන්නත් බැරි උන අම්මා අඩනවා.
පුතා පුංචි කාලෙම මේ වගේ කතා කියන කොට අම්මලා පුතාගේ හපන්කම අගේ කර කර හිනා වෙනවා. (අපි පුංචි කාලේ නම් මේ වගේ කතාවක් කියුවොත් අපිට හමුවෙන්නේ හොද කනේ පාරක්. ) පුතා වැඩිවියට පත්වෙන කොට වෙන අවමානය එදා හිතුවානම් මේ වින්නැහිය වෙන්නේ නැහැ.
එතන හිටපු ගුරු මහත්මියක් අර අම්ම සනසන අතරවාරයේ “ලමයිට ආදරේ කරන්න තියෙන්නේ එක විදියක් නෙමෙයි විදි කිහිපයක් තියෙනවා. පළමු විදිය සාර්ථක නැත්නම් ඊලග එකට යන්න වෙනවා ” මතයක් ඉදිරිපත් කලා .

බදාදා.

හෙට පලාත් පාලන මැතිවරණය. ඡන්දදායකයින්ට නම් කිසිම ගානක් නැහැ අපේක්ෂකයින්ට නම් උණ හැදිලා වගෙයි.අපේ නිවස ඉස්සරහත් අපේක්ෂක උත්තමයෙක් ඉන්නවා. උදව් කාරයේ ටික එකතු කරගෙන ආරම්භවුන සාකච්චාව රෑ 10 , 11 වෙන කොට ඇහුනේ පැදුරු පාටියක් වගෙයි. හෙට උදේ පාන්දර වෙන කොට පෝස්ටර් පෝලිමක් ගහන්න ඕනි කියලා හිතා ගෙන කොළු නඩය රැස් කරගෙන ඇති කියලා කඩුල්ල හිතුවා.

මේ මෝඩ මිනිස්සු හිතන්නේ නෑ ඡන්දදායකයා ඡන්දේ දෙන්නේ මොන පක්ෂයටද මොන අපේක්ෂකයටද කියලා මැතිවරණ දවසේ උදේ නෙමෙයි ඊට කලින් තීරණය කරන බව.

කඩුල්ල දරණ දේශපාලන මතිමතාන්තර වලට ප්‍රතිවිරුද්ධ මත දරණ මිත්‍රයෙක්ගේ ව්‍යාපාරික ස්ථාණයකට කඩුල්ල ගොඩවුනා.

මිත්‍රයා නිවාඩු පාඩුව හිටපු නිසා “කොහොමද මිත්‍රයා ඡන්දේ ? .” කඩුල්ල ප්‍රශ්ණයක් ඉදිරිපත් කලා. “මොනවද මහත්තයා අප්රේල් 12 වෙනිදට පස්සේ සජිත් එනවා . ඒ එනකම් එජාපය තියෙන්න එපාය. ඒක හින්දා මමයි නෝනයි එජාපයට ඡන්දේ දීලා අහල පහලින් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂනකයෙකුට මනාප තුන තුන දෙනාවා.

මම ළමයින්ට නම් කිවුවා ජනාධිපතිත් සන්ධානේ – පාර්ලිමේන්තුවත් සන්ධානේ – පළාත් සභාවත් සන්ධානේ මේක වෙනස් උනොත් ගමට වැඩක් වෙන්නේ නෑ. ඒක හින්දා සන්ධානේට ඡන්දේ දෙන්න කියලා.

කඩුල්ල තවත් අතුරු ප්‍රශ්ණයක් ඉදිරිපත් කළා. කාටද ඉතින් මනාප ?.

ඉස්සෙල්ලා හිටපු සභාපති – සභාපති වෙන්න ඉස්සෙල්ලා හිටපු හැටි අපි දන්නවා දැන් කෝටිපතියෙක්. මේ හම්බු කරගෙන තියෙන සල්ලි ඔක්කොම මහජන මුදල්. ඒක හින්දා එයාට මනාප දෙන්න එපා ඊට ඉස්සෙල්ලා වාරයේ සන්ධානෙන් පත්කරලා හිටපු දැන් උප සභාපතිට මනාප දෙන්න කියලා ළමයින්ට කිවුවා. මිත්‍රයා උත්තර බැන්දා.

ඉතින් එයත් මේ පාර කෝටිපතියෙක් වෙයිනේ ? කඩුල්ල හරස් වුනා.

නෑ මනුස්සයා හොදට බොනවානේ. ගියපාරත් බොනවා හැරෙන්න හම්බු කර ගත්තේ නෑ. යාළු මාළුවෝ බොන්න අරන් දීලා එයාලාගේ මඩි තර කරගත්තා. මේ මනුස්සයා බීවා විතරයි. මහජන මුදල් වුනත් බෙදිලා ගියා. මේ පාරත් සභාපති වුනොත් මනුස්සයා බි බී ඉදියි. එතකොට සජිතුත් ඇවිල්ලා එජාපයේ කාලේත් එන කොට – දිනන්න ලේසියිනේ .

ව්‍යාපාරික මිත්‍රයාගේ තියරියත් නරක නෑ කියලා කඩුල්ල හිතුවා.හෙට ඡන්දෙයි – මනාපයි දෙන්න අදහසක් ඇති කරගෙන පල්ලම් බැස්සා.

බ්‍රහස්පතින්දා මොනවද උනේ කියලා ආයේ දවසක දින පොතෙන් පස්සේ බලමු.

දවස් තුනක කතාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )