උදෘතය

සෝමාවතී චෛත්‍යය

සෝමාවතී චෛත්‍යය

සෝමාවතී චෛත්‍යය පිලිබද සටහනක් කර ඇති වර්තමාන පුවරුව

සෝමාවතී චෛත්‍යය වර්තමාන ඉදිකිරීම්

සෝමාවතී චෛත්‍යය වර්තමාන ඉදිකිරීම්

සෝමාවතී චෛත්‍යය වර්තමාන ඉදිකිරීම්

සෝමාවතී චෛත්‍යය වර්තමාන ඉදිකිරීම්

රජරටට ගංවතුර කළ හානියක් වියමනේ සෝමාවතියට ගිය ගමනක් සටහන් කර ඇති. ඒ වියමනත් සමග මේ සටහන් එම ලිපියේ ඌණපුරණයක්.
කඩුල්ල සෝමාවතී චෛත්‍ය අභියස නතරවුනේ බෝහෝම නිස්කලංක දවසක. වන්දනාමාන කරන්න කවුරුත් ඇවිත් හිටියේ නෑ. කඩුල්ලත් ගමන් සගයත් සමග චෛත්‍ය කාර්ය මණ්ඩලය විතරයි ප්‍රදේශයටම හිටියේ. අපි දෙන්නා ඉන්නවා දැකලා එතනට ආපු පන්සලේ ආවතේවයට ඉන්න උපාසක මහත්තෙක් අපේ කතා බහට එක්වුනා. එතුමා සෝමාවතී ඉතිහාසය දිග හැරියේ මේ විදියට.

සෝමාවතිය යන නම සඳහන් කෙරෙන සෑම මොහොතක ම මෙරට මහ ජනතාවගේ සිහියට නැගෙනුයේ බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින චෛත්‍ය රාජයෙකි. සෝමාවතී චෛත්‍ය රියන් 100 කින් උස හා වට ප්‍රමාණය රියන් 150 ක් වනසේ ගිරි අභා රජු විසින් ඉදිකරවන ලදි. බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත්ව ඇති බවයි සැලකෙන්නේ .
සෝමා දේවියගේ ඉල්ලීම පිට සෝමාවතී ස්තූපය ඉදිවෙන්නේ සෝම නුවර යි. වංශ කතාවල සඳහන් වන පරිදි වරාහන සන්ධි නම් විල කෙළවර තමයි සෝම නුවර ඉදිවන්නේ.
එය සේරු නුවරට කි.මී. 30 හෝ කි.මී. 40 පමණ දුරින් පිහිටා තිබෙන්නේ. සෝමාදේවිය තමන්ට වන්දනා කිරීම සඳහා ස්තූපයක් ඉදිකරවා දෙන ලෙස තම සැමියා වන ගිරි අභයගෙන් ඉල්ලීමක් කරනවා.
මේ කාලයේ මිහිඳු මාහිමි ළඟ මුල්වරට පැවිදි වූ ලාංකික භික්ෂුව වන “අරිට්ඨ හාමුදුරුවන්ගේ “ පරපුරේ “මහින්ද” කියලා හිමි නමක් මේ ප්‍රදේශයේ බණ භාවනා කරමින් ඉඳලා තියනවා.

උන්වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තබාගෙන තිබූ දකුණු දළදා වහන්සේ තමයි සෝමාවතී ස්තූපයේ තැන්පත් කර තිබෙන්නේ. මේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළ කාල වකාවනුවක් පිළිබඳ ව සඳහන් වෙන්නේ නෑ.
මෙය අශෝක අධිරාජයාගෙන් ලංකාවට ලැබෙන්න ඇති බවට අනුමාන කළ හැකියි.
මේ දළදාව නාගලෝකයේ නාරජු විසින් පූජා පැවැත්වූ දළදාව ලෙස කට වහරේ ඉතිහාසයට එකතු වෙලා තියෙනවා.

“එහෙත් පොලොන්නරුව සහ අනුරාධපුර ඉදිකර ඇති චෛත්‍යයයන් සසදා බලනවිට සෝමාවති චෛත්‍ය එතරම් විශාල නැහැ. මේ තරම් වැදගත් බුදුරජානන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරනු ලැබු චෛත්‍යයක් සදහා කරනු ලැබු ඉදිකිරීම ප්‍රමානවත් නැහැ කියලා’’ මම කියුවා .

ඔහු ගේ පිලිතුර වුනේ ” මේ චෛත්‍ය ඉදිකර තියෙන කාලවකවානුවත් අරමුණත් ගැන හිතපුවහම චෛත්‍යයේ ප්‍රමාණය කුඩා වීම පිළිබද යම් හැගිමක් ගන්න පුළුවන්’ බවයි.

සෝමාවතී චෛත්‍ය ඉදිකරන කාල වකවානුව ආශ්‍රිත කාලය වනවිට ලංකාවේ දේශපාලනික එක්සේසත් භාවයක් තිබුණේ නැහැ. උතුරින් මහවැලි ගඟෙන් එහා එළාරගේ පාලනයක් තිබුණේ.
මේ අතරතුර සෝම නුවර, සේරු නුවර, ගිරි නුවර, කැලණිය වැනි ප්‍රාදේශීය රාජ්‍යය කීපයක් රට පුරා තිබුණා. එවකට කැලණියේ සිටි ශිව රජතුමාගේ බෑණා වන අභය සමඟ කාවන්තිස්ස රජුගේ නැගණිය විවාහ වී ගිරි ප්‍රදේශයට එනවා.
මේ විවාහය රට එකමුතු කිරීම සඳහා කාවන්තිස්ස රජු විසින් ගත් දූරදර්ශී පියවරක් විදියටත් හිතන්න පුළුවන්.

පසුකාලීන ව කාවන්තිස්ස විසින් “ආවා’’ කියන ඇමතියාත් සමඟ ගැමුණු කුමාරයා ගිරි ප්‍රදේශයට පිටත්කර හරින බව ධාතුවංශයේ සහ ජිනකාල මාලියේ සඳහන් වෙනවා.
පසුකාලීන ව ගිරි අභය කියන තමන්ගේ මාමාත් සමඟ ගැමුණු කුමාරයා ගැටුමක් ඇති කර ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගිරි අභය සහ සෝමාදේවිය සේරුනුවර වාසය කළ ශිව කියන මිත්‍රපාලකයා වෙත ගොස් සේරු නුවරට නැඟෙනහිරින් සෝම කියන නුවර ඉදිකරගෙන ජීවත්වෙනවා.
වර්තමානයේ සෝමාවතිය රක්ෂිත භූමියේ දකුණු දිග සීමාව වනුයේ සුංගාවිල හා පෙරියාරු අතු ගංගාවයි.
සුංගාවිල ඇතුළු ගොවි ජනපද ආරම්භ කිරීමට පෙර මේ රක්ෂිත පෙදෙස වර්තමාන පොළොන්නරුව පැරැණි නටඹුන් නගර සීමාව දක්වා ව්‍යාප්ත ව පැවැති බවට ඓතිහාසික සාධක තියෙනවා .

මහාවංශය සඳහන් කරන පරිදි මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153 – 1186) විසින් ගිරිතලේ වැවේ සිට සෝමාවතිය නමින් ඇළක් මඟින් කදුරුවඩමන් (කදුරුවෙල) ප්‍රදේශයට ඇළක් මඟින් ජලය ගෙන ගොස් තියෙන බව සාධක තියෙනවා. මේ ඇළ මාර්ගය මෙනමින් හැඳින්වීමට ඒ කාලය වන විටත් ඇළ මාර්ගය වැටුණු ප්‍රදේශය සෝමාවතිය නමින් හඳුන්වා
තිබෙන්න ඇති.

සෝමාවතිය චෛත්යප ආශ්‍රිතව නිර්මාණකරණය සඳහා ද ඉතා බහුල ව යොදා ගෙන තිබෙනුයේ ගඩොල් ය. ශිලාමය නිර්මාණ සාපේක්ෂ වශයෙන් අඩු ය. කලාපයේ ම දක්නට ලැබෙන්නේ මීන්විල ගල් පර්වතයත්, කන්දකාඩු ගල් පර්වතයත් පමණි. වඩාත් වැඩි වශයෙන් පාෂාණ පර්වත හමු වනුයේ කුම්භනාච්චි, ත්‍රිණෝමඩු, සේරුවාවිල දෙසට වන්නට ය.
මෙකී හේතු නිසා කලාපයේ ගෘහ නිර්මාණ ඉදිකිරීම් වලදි අවශ්‍ය ගල් කුට්ටි කර කිලෝමීටර 10 – 20 ත් අතර දුරකට ප්‍රවාහනය කර තිබෙන බව හිතන්න පුළුවන් .

මේ කතා බහ අවසන්වන විට ඉර බැහගෙන යන ලකුණු ඇවිත්. අපේ උපදේශක මහත්තයාම ආපසු ගමනට කාලය හොද බව සිහිපත් කලා .
කඩුල්ල එතුමා නුවර පලාතේ ඉදලා ඇවිත් මේ වනමැද කරන සේවයට ප්‍රශංසා කරලා ආපසු පිටත් වුනා සෝමාවතී චෛත්‍ය අභියසින්.
පොලොන්නරුව නවාතැනට එන අදහසින්.

සෝමාවතී චෛත්‍යය

Advertisements

3 comments on “සෝමාවතී චෛත්‍යය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )