මැදින් මස – අදට සටහන්


අද පලවෙනිදා.
ලබන සතියේ පවත්වන්න සූදානම් සමුපාකාරිකයන්තේ කාන්තා සමුළුවක ඇජන්ටා එක සකස් කරන්න සංවිධායිකාවක් මගෙත් එක්ක කතා බහක. ඇගේ එක් මාතෘකාවක් ” කාන්තා හිංසනය”. මේක බොහෝම ජනප්‍රිය මාතෘකාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සංවිධානයක් පවත්වාගෙන යන මගේ යෙහෙළියන් රැලක් මට මතක් වුනා .මේ රොත්තම ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තිකයන් කියා බෙදන රේඛාවට ඉහළ සමාජ පාන්තිකයෝ.මේයාලගේ සංවිධාණය රාජ්‍ය නොවන සංවිධාණයක් ලෙසයි ගනන් ගන්නේ. කාන්තාවන් පුරුෂාධිපත්‍යයෙන් ගලවා ගැණිම, කාන්තාවන් හිංසනයට ලක්වීම වැලක්වීම, කාන්තා සුභ සාධණය සදහා මග පෙන්වීම , වැනි තේමාවන් කර ගෙන කාන්තා කටයුතු සදහා මැදිහත්වීම මෙයාලගේ ” හොබි එක”. ඒත් මෙයාලගේ වැඩ ගැන බලපුවම සමස්ත සමාජයේ කාන්තා සංහතියට වඩා මෙම සංවිධාන පලදායි වෙලා තියෙන්නේ මෙයාලට.මේ හැම සංවිධණයක්ම ” කෑම දිරවන්න අටවාගන්න ව්‍යාපාර නෙමෙයි. කෑම හොයන්න අටවා ගන්නා ව්‍යාපාර” .

අද 05යි.

ගෙදර දොරේ ඉවුම් පිහුම් කටයුතු වලදී සුළු පරිමානයෙන් එකතුවන කුණු කසල බැහැර කරන්න සීමිත ඉඩකඩක ජීවත්වන නාගරිකයන්ට බලවත් ගැටළුවක්. ඉඩකඩ සහිත ඉඩමක ජීවත් වන ගම්බද අපිට මේ බැහැර කරන අපද්‍රව්‍ය ගැටළුවක් නෙමෙයි.පුංචි සම්පතක්.

කඩුල්ලට නගරයේ තාවකාලිකව ලැගුම් ගන්න සිද්ධවුනා පසුගිය මාසේ සිට. මේ ලැගුම් ගැණිම උදව්වක් උදෙසා කලත් කඩුල්ලගේ විවේකය පාවා දුන් කරුමයක්.

ලැගුම් ගත් ස්ථානය ඉදිරිපිට නිවෙස් වලින් බැහැර කරන කුණු කසල කඩුල්ල ලැගුම් ගත් ස්ථානය ඉදිරිපිට ගොඩ ගහන පුරුද්දක් අසල්වාසී නිවෙසියන්ට තිබෙනවා. කඩුල්ල තාවකාලික නේවාසිකයෙක්. මේ වැඩේ නතර කරන්න කඩුල්ල පැන්නොත් ලෙඩ ගොඩක් වෙනවා.

ඉස්සෙල්ලම කලේ කඩුල්ල ආදර්ශවත් වන එක. දවසේ එකතු කරන කුණු කසල බකට් එක පිටින්ම නගර සභාවේ වාහනයට බැහැර කරන්න කඩුල්ල පටන් ගත්තා. ටික දවසක් යන කොට මේක බලාගෙන හිටිය අසල් වාසීන් එක්කෙනා දෙන්නා මේ ආදර්ශයට එකතු වුනා. දැන් කුණු නිවෙස ඉදිරිපිට ගොඩ ගැහෙනවා අඩුයි. කුණු එකතු වෙන්න නගර සභාවෙන් කොන්ක්‍රීට් සිලින්ඩරයක් තබා තිබුනා. හිමින් සීරුවේ නගර සභාවේ බලධාරීන් එක්ක කතා කරලා මේ සිලින්ඩරය නගරසභා වාහනයක්ම එතනින් බැහැර කරගත්තා.

නගර සභා සේවකයොත් කුණු එකතු වෙන ස්ථානය හරියට පිරිසිදු කරන්නේ නෑ. දවසක් පුංචි ඒක පුද්ගල ශ්‍රමදානයක් කරලා කුණු නැතිවන්නම ස්ථානය විමුක්ති කලා. තාමත් කුණු දමන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මේ අතර නගර සභාවත් ස්වෙච්ඡාවෙන්ම “ මෙම ස්ථානයේ කුණු දමන්න එපා “. කියලා සදහන් දැන්වීම් පුවරුවක් ගෙනත් ප්‍රදර්ශණය පිණිස එතනම තියෙන ලයිට් කනුවේ එල්ලල ගියා.

කඩුල්ල ආයෙත් පාරක් ශ්‍රමදානෙක යෙදිලා නගරසභාවේ වාහනයට අනුන්ගේ කුණු එකතු කරලා පටවා දුන්නා.

මේ විදියට ගෙවුන පසුගිය සති දෙකකින් පස්සේ අසල්වාසීන් සමග කුණු ගැන වචනයක්වත් කතා නොකර නගර සභාවේ වාහනයට කෙළින් ම ගෙදර දොර අපද්‍රව්‍යය ටික එකතු කරගෙන ඇවිත් පටවන්න අසල්වාසීන් පුරුදුවුනා.

කඩුල්ලට මේ වැඩේ නම් සතුටක් වුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )