Quote

රජරටට වැස්ස කළ හාණියක්.

වැස්සත් ගංවතුරත් පහව ගොසිනි.රජරටට වැස්සෙන් වු හානිය දස අතම දිස්වෙමින් තිබිනි. මේ පරිසර විපර්යාසය දකිමින් කඩුල්ල පසුගියදාක බදුල්ල – මෛයියංගනය – ගිරාදුරුකෝට්ටේ – දෙහි අත්තකන්ඩිය – සිරිපුර – දිඹුලාගල ඹස්සේ පොලොන්නරුව බලා ගමන් ගත්තාය.
කරළින් බරවු වී ගොවි බිම්වලින් අස්වැන්න නෙලමින් සිටි මෛයියංගනය – ගිරාදුරුකෝට්ටේ – දෙහි අත්තකන්ඩිය ගොවීන් තම අස්වැන්නට යම් තරමකින් වු හාණිය ගැන කතා කලාය. පොලොන්නරුව ගොවීන් කිරෙන් බරවු තම වී ගොවිපලවල් ගැන බොහෝ කම්පිතව සිටි බවක් අසන්නටත් දකින්නටත් ලැබිණි.
කඩුල්ල මේ ගමනේ සැලසුම් කල කාර්යභාරය ඉටු වීම පමාවන හේතු මතුවුයෙන් එක් හවසක සෝමාවතී චෛත්‍ය දැක බලා ගැණිමේ අදහසින් පොලොන්නරුව රෝහල හන්දියෙන් ආරම්භ වන සෝමාවතිය යන දිවෙන මග ඔස්සේ යතුරු පැදියක තම සගයාත් සමග දුෂ්කර ගමනක යෙදුනාය. අප තඹාල- අරලංගවිල -සුංගාවිල පසුකරමින් කි.මි 30 ක් පමණ අබලන් තාර යෙදු මාර්ගයේත් ජනශූන්‍ය කිමි .12ක් පමන දුර ගෙවා සෝමාවතී අභය භුමිය මැදින් සෝමාවතී චෛත්‍ය පිහිටි භුමියට ලගාවුනෙමු.
අභයභුමියට පිවිසි අපට ගංවතුර නිසා මියගිය ගව ආදි නොයෙක් සතුන්ගේ වියලී යන මළකුනු බොහෝ සංඛ්‍යාවක් දක්නට ලැබිණි.
අප ඇස ගැටුන මේ දර්ශණ අභය භූමියතුලදී ලබා ගත් ඒවාය.

වියලි යන මළකුණක්

 

වියලි යන මළකුණක්

 

ගංවතුර නිසා විනාශවු මාර්ගය

 

ගංවතුර නිසා විනාශවු මාර්ගය

සෝමාවතී චෛත්‍ය වැද පුදා ගැණිමට යාම මේ දිනවල නම් තෝරා ගත යුතු නැත.එය වෙනදාටත් වඩා දුෂ්කර ගමනකි.
බදුල්ල – මෛයියංගනය – ගිරාදුරුකෝට්ටේ – දෙහි අත්තකන්ඩිය – සිරිපුර – දිඹුලාගල ඹස්සේ පොලොන්නරුව බලා දිවෙන ගමන් මගද ඉතා අබලන්ය.අප ආපසු ඒම සදහා පොලොන්නරුව – දඹුල්ල-කුරුණෑගල- කෑගල්ල -අවිස්සාවේල්ල ට පැමිණ ඒ 4 මාර්ගයට පිවිසීමට තෝරා ගත්තාය.

රජරටට වැස්ස කළ හාණියක්.

One comment on “රජරටට වැස්ස කළ හාණියක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )