Gallery

ඇඩිසම් බංගලාව – හපුතලය.


ඇඩිසම්.

හපුතලේ නගරය ඈත අතීතයේ ඉදලා අපි කාටත් මතක තියෙන නමක් ඇති නගරයක්. තේ සහ කෝපි වැවිලි ආරම්භයත් සමගම හපුතලේ හරහා කොළඹ සිටත් දකුණු පලාතේ සිටත් උඩරටට බඩු භාණ්ඩ ප්‍රවාහණයත් ගමනා ගමනයත් සිද්ධවෙලා තියෙනවා. හපුතලේට ලගා වෙන්න මේ හැමෝටම බෙරගල සිට ආරම්භ වන කිලෝ මීටර් හයක විතර දුර්ගය පහු කරන්න ඕනී. දැන්නම් කාපට් අතුරපු පාරේ නවීන පන්නයේ වාහන වලට මේ දුර්ගය “ සුරුස් “ ගාලා යන ගමනක්. ඒත් ඒ කාලේ මේ දූර්ගය දැක්ක ගමන් “බඩ දනවා.” ඒකනේ කිව්වේ. “හපුතලේ කන්ද දැක්කම බඩදනවා – පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා” කියලා.

මේ හපුතලේ ඉදලා බොරලන්ද -වැලිමඩ හරහා නුවරඑළියටත් බොරලන්ද සිට හෝර්ටන් තැන්නටත් යන්න මාර්ග පහසුකම් තියෙනවා .

මේ ගමන් අතරවාරේ හපුතලේ නහරයේ සිට කිලෝ මීටර් හය හතක් ගෙවන විට අපට ඇඩිසම් තාපසාරාමයට යන අතුරු මග මුණ ගැහෙනවා. හෝර්ටන් තැන්නට සහ නුවරඑළිය සංචාරයකට යන අපිට නරඹන්න වැදගත් තැනක් හැටියට ගම් වාසීන් “ ගල් බංගලාව “ කියලා හදුන්වන ” ඇඩිසම් තාපසාරාමය” ත් හදුන්වා දෙන්න පුළුවන්.

ඇඩිසම් බංගලාව 1887 දී“තෝමස් ලෙස්ටර් විලර්ස් “ කියලා එංගලන්තයේ ස්කොට්ලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිසම් කියන ගමෙන් ලංකාවට සංක්‍රමණය වුන වැවිළිකාර සුද්දෙකුගේ නිර්මාණයක්. මේ බංගලාව ආශ්‍රිතව “ග්ලැනෝර්” කියලා තේ වත්තක් තියෙනවා. ඒ වත්ත මේ වැවිළිකාර සුද්දගේ වගාවක්.

මේ වැවිලි ඉඩම් අවට පදිංචි ව සිටි අපේ මුතුන් මිත්තන්ට නම් මේ සුද්ද වහ කදුරු වෙන්න ඇති. මුඩු බිම් වගා පනත පෙන්නලා ඉඩම් ටික අත්පත් කර ගෙන වත්ත පාවුලට මුතුන් මිත්තන් පලවා හැරියට.

1927 ආරම්භකරලා – 1931 දී නිම කරපු මේ බංගලාව සුදු බාස් උන්නැහේලා (ඉංජිනේරුවන් ) සහ වැවිලි කර්මාන්තය සදහා යොදවා ගන්නා ලද ඉන්දියාණු කම්කරුවන් යොදවා මෙම ගොඩනැගිල්ල නිමවු බව ප්‍රකාශිතයි.

1948 -1951 කාලයේදී සේදවත්ත සමාගමට විකුණන ලද මෙම බංගලාව ඉන්පසුව අයිතිකාරිය වුයේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ විත්තිකාරියකවු විමලා විජේවර්ධණ මහත්මියයි.
1951 සිට රෝමාණු කතොලික සභාවට අයක් බෙනඩිකාණු නිකායේ තාපාසාරාමයක් ලෙස පවත්වා ගෙන යාමට මිළදි ගෙන ඇත්තේ විමලා විජේවර්ධන මහත්මියගෙන් කියලයි සදහන් වන්නේ.

ඇඩිසම් බංගලාව ඉදිකිරීම් සදහා කළුගල් සහ දැව එංගලන්තයෙන් ගෙන්වා ඇති අතර මේ ගොඩනැගිල්ලේ වහල ටියුඩර් – ජැකඩීන් ගෘහ නිර්මාණ කලාවට අනුරුපව නිර්මාණය කර ඇත. වහල බුරුම තේක්ක දැවයෙන් සෙවිලි කර ඇත.

මීට අවුරුදු 200 කට වඩා ඉහතදී දුෂ්කර ප්‍රවාහණ පහසුකම් තිබු යුගයක සියළු ගොඩනැගිලි ද්‍රව්‍ය එංගලන්තයෙන් ප්‍රවාහණය කරමින් සැදු මේ ගොඩනැගිල්ල සුද්දන් අපේ රට හප කර සාරය උරා ගත් අන්දම ජීවමානව දක්වන උදාහරණයක්‍ කියලයි කඩුල්ල හිතන්නේ.

ඇඩිසම් Adisam

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )