දැයට කිරුළ


තවත් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන ප්‍රදර්ශණයක් .
කඩුල්ල මතකය අවදි වන්නේ හැත්තෑ දශකයේ පැවත්වු කර්මාන්ත ප්‍රදර්ශණය. ඉන් ඉතිරි වෙලා තියෙන්නේ ග්‍රහ ලෝකාගාරය විතරක්මද කියලා කඩුල්ල හිතෙනවා ඊට පස්සේ ඩඩ්ලි සේනානායක රජය කාලේ වගා සංග්‍රාමය තේමා කර ගෙන ප්‍රදර්ශණ මාලාවක් පැවත්වුනා අපිත් ඒකේ උසස් පෙල ශිෂ්‍යයන් වශයෙන් දායකත්වය දැක්වුවා .ඒත් මේ වගේ මහා පරිමාන යේ ඒවා නෙමෙයි. ඩඩ්ලිට හෙලිකොප්ටරයේ යන ගමන් මානම් පතන් පෙන්නලා “මේ සර් කුඹුරු ” කියාපු අපේ ඇත්තො නුවරඑළියේ එලවළු පාත්ති වලින් ගලවා ගත් සරුසාර එළවළු වර්ග එක රැයින් ප්‍රදර්ශණ භූමියේ පාත්තිවල ඉන්දවා අසිරිමත් බව මැවුවා. “ ගම් උදාව “ වර්ගයේ දැයට කිරුළත් ප්‍රදර්ශණයත් ගම් උදාව කලා වගේ ප්‍රදර්ශණයට පෙර ගම් පියස එළි පහලි කර මං මාවත් පිළිසකර කර අවසානයේ පවත්වන දවස් හත අටක පුංචි මගුලක් !.
රජය අතහැර වියදම් කරන්නේ ප්‍රතිරූප ගොඩ නගාගන්න නම් ,තියෙන ප්‍රතිරූප වලට සුදු හුණු ගාන්නනම් මේ ප්‍රදර්ශණ වලින් අනාගතයට ඉතිරි වෙන ප්‍රයෝජනයකුත් නැත්නම් ඇති වැඩේ මොකක්ද කියලා හුදී ජන පහන් සංවේගය උදෙසා සටහන් කරන්න කඩුල්ලට සිද්ධ වෙනවා.
බුත්තල ප්‍රදර්ශණ භූමිය ගම් උදාව නිසා බිහිවූවක්. නන්තාරව වු සම්පත් පසු කාලයේ සබරගමුව ටිශ්ව විද්‍යාලයේ එක් පීඨයක් පවත්වා ගෙන යාමට යොදා ගෙන තිබුනා. පසුව විශ්ව විද්‍යාලයේ අප්පොච්චිලා මව් ආයතනය සමීපව ජීචත් වීමේ අභිලාෂය උදෙසා මේ සම්පත පාළුවට හැර බෙලිහුල්ඔයට සම්ප්‍රාප්ත වුනා. බෙලිහුල්ඔයට සම්ප්‍රාප්ත වුනත් මේ අප්පොච්චිලාට බුත්තල පරිශ්‍රයේ තිබුන සම්පත් තාමත් නෑ.
පසු අන්තර්කාලයේ මේ බිම ගැන නොයෙක් ව්‍යාපෘති ආරම්භ කිරීම ගැන කතා වෙමින් සිට මහත් ධන සම්භාරයක වියදමකින් අද දැයට කිරුළ ප්‍රදර්ශණ භූමිය බවට පත්වෙලා තියෙනවා.
කඩුල්ල පසුගිය දාක ප්‍රවෘත්තියක් දැක්කා මේ බිම උද්යාණයක් හැටියට පවත්වා ගෙන යාමේ අදහසක් තියෙනවා කියලා ඇමති වරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඇමතිතුමා ඇත්තටම කිවුවද නැත්නම් සිහිනයක් දැකලා ඒ ගැන කිවුවද දන්නේ නැහැ. නිල ප්‍රකාශණයක් හෝමේ බිම ගැන යම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි තාම දැකලා නැහැ. දැක්ක කෙනෙකේ ඉන්නවනම් සටහන් කලොත් කඩුල්ලත් දැනුවත් වෙනවා.

රජයේ සියළුම අංශවාගේ දැයට කිරුළක් කරගෙන සහභාගි වෙලා ඉන්නවා .ඒ නිසා පාසල් සිසුන්ට නම් රාජ්‍ය අංශය පිළිබදව දැනුම වඩා ගන්න හොදම තැනක්දැයට කිරුළ.

රජයක් මුදල් ආයෝජනය කරන විට අනාගත ලාභ අපේක්ෂාවෙන් එම කටයුත්තේ යෙදෙනවා නම් කොයිතරම් හොදද ?. රජය වියදම් කරන්නෙ අපේ බදු මුදල් සහ අපි සහ අපේ අනාගතය උගසට තබා ජත්‍යන්තර අරමුදල් වලින් ලබා ගන්නා මුදල්.රට සදාකාලිකවම ණය සහ ණය පොලි ගෙවමින් මගුල් කනවාට වඩා තියෙන හැටියව” ලුනුයි බතුයි හරි කන එක” අපේ අනාගතයට වඩා අපේ දූ දරුවන්ගේ අනාගත යහපතට හොදයි කියලා කඩුල්ල හිතනවා.

2 comments on “දැයට කිරුළ

    • මේ අවුරුද්ද පටන් ගත්තේ අවිවේකයෙන් .තාමත් කොහේවත් යන්න විවේකය හදා ගන්න බැරි වුනා මමත් කැමරාවත් එක තැන .ලියන්න ඕනිවට ලියනවා මිසක් වියමන් වලට මගෙත් කැමැත්තක් නැහැ. කාලගුණය යහපත් වුනාම විවේකයත් ලැබුනාම ලියන්නම්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )