පුද්ගලිකයි රහසිගතයි 28 ,29


27
ඊයෙයි අදයි පලාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීපු ප්‍රධාණ පක්‍ෂ දෙක ඊයෙත් අදත් වෙන වෙනම නගරේ වාහන පිරිවරා ගෙන ගිහින් ෂෝ එකක් දැම්මා .කඩුල්ල වාඩි වෙලා හිටපු තැන ඉදන්ම බලා හිටියා නාඩගම දිහා. මුන්ට තියෙන විසේ කියලා හිතාගෙන. මොකාටවත් කැමැත්තක් ඇතිවෙන්නේ නෑ කරන විකාර දකින කොට. මනාපේ ,චන්දේ කියන්නේ කැමත්තනේ. නැති කැමැත්තක් කතිරයක් කරන්නේ කොහොමද ? කඩුල්ල හිතන්න පටන් ගත්තා.
ප්‍රධන පක්‍ෂ දෙකම සමහර තැන්වල නාමයෝජනා ප්‍රතික්‍ෂෙප කරගෙන. මේක සරල හිස්තැන් පුරවන ලියවිල්ලක්.ඒකත් කර ගන්න බැරි වාහේලා රට කරවන්න වලි කනවා. චන්දදායකයින්ට වලක්වන්න බැරි කාරිය දෙවියෝ කරලා !.

28,29
මිනිස්සු කොයිතරම් ආත්මාර්ථකාමි ස්වරූපයෙන් හැසිරෙනවාද? කියලා කඩුල්ලට හිතන්න සිද්ධවුනා. කඩුල්ල අසල පදිංචි තරුණ නීතීඥයෙක් මෙවර පලාත්පාලන චන්දේ ට ඉදිරිපත් වෙනවා. මනුෂ්‍යයා කටුස්සෙක් වගෙයි ස්වරූපය වෙනස් කරගන්නේ තමන්ගේ අවශ්‍යයතාවය පෙරට තබා ගෙන.
විශ්ව විද්‍යාලයේ යනකම් අපේ යහපත් අසල්වාසියෙක්. විශ්ව විද්‍යාලයේ සිට ඇවිත් නීතිඥයක් විදියට දිවුරුම් දුන්නට පස්සේ අසල්වාසීන් කහබිලියා වගේ වෙලා ඔළුව කෙලින් කරගෙන කෙලින් බලා ගෙන යන බර චරිතයක් බවට පත්වුනා.බිරිදක් එක්කර ගෙන ආවට පස්සේ පෙර තත්වය තවත් උග්‍රවුනා. ලෝකෙටම මම විතරයි මේ වගේ වැඩක් කර ගත්තේ කියලා හිතාගෙනද කොහේද.
අසල්වාසීන් ප්‍රතිචාර දැක්වුයේ වසංගත රෝගියෙක් එන කොට ඒ රෝගියා මග අරින්නා වාගේ.මනුස්සයාට අවට සමාජය ගැලපෙන්නේ නැතිව ගියා.
මේ මනුස්සයත් පලාත් පාලන මැතිවරණයේදී චන්දේ ඉල්ලනවා.නාම යෝජනා දුන්න දවසට පස්සේ දවසේ බොහෝම ලෙන්ගතුව කඩුල්ලට “අයියේ” කියලා ආමන්ත්‍රණය කලා .
“අනේ අපොයි මෙහෙමත් මල්ලිලා!.”

    නාමයෝජනා දිනට කලින් දවසේ කඩුල්ලට ඔයා කියලා ආමන්ත්‍රණය කරපු මේ උගත් සහෝදරයා නාමයෝජනාවට පසු දවසේ අයියා වුනා !.
    මේ පිටුව අවධාණය ලබා ගන්න මේ වියමන පිටපත් කලා. කඩුල්ලට ආ විට පෙබරවාරි සටහන් වලට යොමුවන්න ආරාධනා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )