පුද්ගලිකයි රහසිගතයි.


පුද්ගලිකයි රහසිගතයි – පිටුව මගේ දින පොත . පිටුවට පබ්ලිසිටි එකක් දෙන්න මේ උපුටා ගැණිම.වියමන් සොයන අයගේ අවධානය මීට පස්සේ යොමු වෙයි කියලා කඩුල්ල හිතනවා.

……………………………………………………………………………………

මේ පිටුව මගේ දිනපොත කරගන්න හිතුවා. හැමදාමත් එකම දේවල් කියවලා එපා වෙනවාට වඩා අළුත් යමක් කියවන්න මේ පිටුවෙන් පුළුවන් වේවි. කඩුල්ල තමන්ගේ දවස ගැන ලියනවා. අප්‍රසන්න නැත්නම් කියවන්න.

අද ජනවාරි 10 යි.
වැස්ස පෙරේදා රෑ පටන් ගත්තේ. තාමත් වහිනවා. නැගණහිර පලාතට ගංවතුරෙන් ගොඩක් හාණියි. මධ්‍යම කදුකරයේ නාය යාම් ගැන වාර්තාවෙනවා. මධ්‍යම පලාතේ පාසල් වලට අද දවසේ නිවාඩුත් දීලා. මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ ජීවත්වෙන කඩුල්ලට වැස්ස විතරයි. හාණි නෑහැ.
පහුගිය දවස් ටිකේ සමරිය. කඩුල්ලයි කඩුල්ලියි ජීවිතේ විවේකයක් බලා ගෙනම අවුරුද්ද පටන් ගත්තේ. අවුරුදු ගානක් දරා ගෙන ආපු වගකීමක් බෙදා ගන්න හම්බු වුනා 2010 දෙසැම්බර් මාසේ 02 වෙනිදා.
ඒත් කඩුල්ලිට නම් තාම හිතේ විවේකයක් නෑ වාගෙයි.
පුළු පුළුවන් වෙලාවට ක්ලික් කරලා බලන්න මේ තීරුව ලියන්න මම උත්සහා කරනවා. කැළබිලි ,සංසුන් වීම් ,සතුටු විම්, දැහැන් ගතවීම්,ලී – නොලී සංවේදනා සටහන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට බලධාරින් ගේ සංශෝධනත් තියෙන්න පුළුවන්.

අද 11යි.
වසර ගණණාවකට පස්සේ තද සීතල දේශගුණයක්. වැස්ස දිගටම “කන්ටිනිව්” කරනවා කියලා පොඩි එකෙක් කියනවා. දවසම වැඩ කටයුතු ඇනහිටින විදියට වහිනවා.නෑගණහිර පලාතට තමයි ගොඩාක් ආපදා. වැවි ඉතිරී යනවා. අවතැන් වුවන් ලක්‍ෂ 1.5 ක් විතර කියලා පළ වෙනවා.
වගාබිම් වලට ගොඩාක් හාණිවෙලා .අනාගත ආහාර පීළිබද ප්‍රශ්නයක් ඇතිවෙයි. ඒත් ගංවතුර බැහැලා ගියාම බෙරිහන් දෙන දේශපාලකනට ඒක අමතක වෙනවා. භාන්ඩ දුලබ උනහම මිළ ඉහල යනවා .ගෙදර තියෙන මුව හමට තලන්නා වගේ කළු කඩ කාරයින්ට බැණ වදිනවා.
දැන්ම ඉදන්ම මාර්තු අප්රේල් වලට ලෑස්ති වුනොත් පාරිභෝගිකයා ගොඩ.

අද 12 යි.

අදත් දවස පුරාම වැස්ස. 15 වෙනිදා කියන්නේ තායි පොන්ගල් දවස. එදාට හැම අවුරුද්දේම වහිනවා කියලා තමයි වහරේ එන්නේ . එත් මේ වැස්ස නම් කාල ගුණ දෙපාර්තමේන්තුව කියනවා වගේ වැස්සක්. ලෝකේ බොහෝ රටවල කාලගුණික විපර්යාස. 2012 වෙනවා කියන ලෝක විනාශය එන්නද හදන්නේ.

වැස්ස නිසාම දෛනික කටයුතු වෙනස් වෙලා . මම ගේ ඇතුලේ හිරකාරයෙක් වුනා වයසටද කොහේද හීතල ඔරොත්තු දෙන්නෙත් නෑහැ.

මාලනි බුලත් සිංහලගේ – මා එක්කලා අමනාප වී දඹර – දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර ……………… සිංදුව යුටියුබ් එකෙන් අරන් කඩුල්ලට එකතු කලා. මම සිංදුවට ආසයි.
ඒ වගේ අත්දැකීමක් අපේ අම්ම තාත්තගේ ජීවිතවලින් අපිට ලැබුනේ නෑ.ඒත් අපේ ජීවිතවල නම් දඹර සාමාන්‍ය දෙයක්. ගෙදරින් යන්න විතරක් මේ දශක තුනේම සිද්ධ නොවුනේ මම යුද්ධය අතහැර රනිල් මහත්තයා වගේ පහු බහින හින්දා.
කඩුල්ලි අනාගතය ඕනාවට වඩා දකිනවා. මම වර්තමානයේ විතරයි ජීවත්වන්නේ. මම වැරදියි. අපි දෙන්නත් රනිල් මහත්තයයි මහින්ද මහත්තයයි වගේ.
ඒත් මම කවදාවත් වැරද්ද හදාගත්තේ නෑ.
අද 13 යි.
උදේ ඉදන් අහස පැහැදිලි වෙන්න උත්සහාකරලා හවස දෙක විතර වෙන කොට පැහැදිලි අහසකුත් දීප්තිමත් හිරු එළියත් ලැබුනා. දවස් ගානක තෙත රෙදි පැයෙන් කර කර ගත්තා.කඩුල්ලී දවසේ සමරිය හැටියට විශේස ප්‍රකාශණයක් ඩිනර් ටේබල් එකේදී කලා.

දේශගුණික විපර්යාස නම් අපි බලෙන් කැදවා ගත්ත ඒවා කියලයි මම හිතන්නේ. පරිසරය වෙනස් කරන්න දගලන කොට පරිසරය අපට එරෙහි වනවා. ඒත් පරිසරය සමබරව පවත්වා ගෙන යන්න සාමුහික ප්‍රයත්නයක් ලෝකජනතාවටත් ලෝක පාලකයින්ටත් නැහැ.

අපේ රටේ නෙමෙයි හැම රටේම ඉන්න පාලකයෝ නම් ” ලෝකයෝ”.

අද 15 යි.

අද තෛයි පොංගල්. හින්දු භක්තිකයන්ගේ අළුත් අවුරුද්ද. හින්දු කැලැන්ඩරය පළවෙනි මාසේ පළවෙනි දවස තෛයි පොංගල් දවස. හෙට මාටු පොන්ගල් කියලා සමරනවා. නිවසේ ඇති කරන ගව මහිෂාදීන් නාවා සරසා සැලකිලි කිරීම මෙදාට කරනවා. කෘෂි ආර්ථික රටාවක වැදගත්ම නියෝජනයක් පශු සම්පතට ඉතිහාසයේ තිබුන බවට හොද සාධකයක් කියලා මට හිතුණා.

16 ,17 සහ 18
කාලෙකට පස්සේ ඒක පුද්ගල චාරිකාවක ට කඩුල්ලී විසින් කඩුල්ල මුදා හැරියා.මිටෙන් ඇරිය කුරුල්ලා වගේ ගෙදරින් ගියත් වසම පාළුවක් දැනුනා. ඇතිවත් බැරි නැතිවත් දෙයක් කියා හිතුනා කඩුල්ලීගේ සෙවන.

19 .
පොඩ්ඩක් වෙනස් පරිසරයක දවස.පුංචි ලස්සන කතාවක් තියෙනවා. බිව්වාම මිනිස්සු සිංහයෝ වෙනවා. මම විවාහ උත්සවයක පරිපාලකයෙක් වුනා අද දවසට. අමුත්තෝ අධිකරණ ක්‍ෂෙත්‍රයට සම්බන්ධයි. බීලා ගෙදරත් ගෙනියන්න හිතුන මහත්තෙක් මට කියනවා  ” මම වැඩ කරන්නේ උසාවියේ – මට බෝතල් බාගයක් එවන්න අතනට කියලා. ” මාත් අතඇරියේ නෑ ” මහත්තයා මම වැඩ කරන්නේ අධිකරණ සේවා කොමිසමේ ” කියලා කිව්වා. මහත්තයා හිරු දුටු පිණි පොදක් වගේ වාෂ්ප වුනා. මම මගේ රාජකාරියට මාරු වුනා.

20.යි 22යි .
පේන්නේ නැති අයට පෙනෙන්න සලස්සන එකත් පින්කමක්. පේන්නේ නැත්තේ ඇස් විතරමද ? ‍සමාජයට ඇස් ඇරලා බලපුවම, මිනිස්සු කරන කියන දේවල් බලපුවම මේ මිනිස්සු හැම ක්‍රියාකාරකමකින්ම අන්ධයි කියලා කඩුල්ලට හිතුනා. වයින් ස්ටෝර්ස් එකෙන් එලියට බහින මිනිහාව පෙනෙන්න බැරි කරන කොට – ඇස් කන්නාඩි කඩෙන් එලියට බහින මිනිහාට පේන්න සලස්වනවා මේ දෙකම එකම තැනෙන් වෙන කොට ඒකත් පේන්න බැරි දෙයක්.
22.,23,24,25
මේ දවස් හතරටම අද තමයි පුංචි විවේකයක් ලැබුනේ මම කඩුල්ලට වියමනක් කරලා නැහැ බොහෝම දවසකින් .ඇස් කන්නාඩි කඩේ තමයි හේතුව. පරිසරය වෙනස් වුනාම ඔක්කොම අවුල් වෙලා. හෙමින් සැරේ යථා තත්වයට පත් වේවි. බණක් භාවනාවක් කර ගෙන ඉන්න හිතා ඉන්න කාලේ පුංචි එකෙකුට අත්වැලක් වෙනවා. ඒකත් පිණක් එලොවදී පල දෙන.
හෙටවත් කඩුල්ලට මොනවා හරි ලියන්න ඕනී.
26.
මගේ මිත්‍රයෙක් – විශ්ව විද්‍යාල ඇදුරෙක් කතා බහට එකතු වුනා. මාතෘකාව ආහාර තාක්‍ෂණය.නිෂ්පාදනය හාල් පිටි. ප්‍රශ්ණය ඇල් වතුර මිශ්‍ර කර හාල් පිටි වලින් ආහාර නිෂ්පාදන සදහා මහා පරිමානයෙන් සකස් කර ගැණිමට ඇති නොහැකියාව. උත්තරයක් තාමත් නැති කම අඩුපාඩුවක්. ඒත් අපේ විශ්ව විද්‍යල වල කරන්නේ මොන මල ඉලව්වක්ද ? ආහාර තාක්‍ෂණය ගැන පොත පෙරලනවා හැරෙන්න දේශිය ආහාර ගැන පරීක්‍ෂණ කරන්න මේ වියතුන්ට බුද්ධියක් නැද්ද ? හැමදාමත් පරණ සටහන් ටික කළු මැද මැද දරුවන්ට වන පොත් කර විභාග පාස් කරවන මේ වියතුන් හරියට යුද්ධයට නැති කඩුව වගෙයි. මේ ගොල්ලා් කරන්නේ කොස් කොටන එක.

One comment on “පුද්ගලිකයි රහසිගතයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )