මගේ දුවේ ඔබ – දිවුල්ගනේ


මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ කියන දේවල් ඔබටමයි.

සේපාලිකා මල් බිමට බැහලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොළව කෙතරම් සුන්දරද
මගේ දුව තනිවන වෙලාවේ

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ කියන දේවල් ඔබටමයි.

ඝණ කළුවරට අප පෙම් කලොත්
ඉර – හද කළුවරට ණයගැතියි
ලොව දුන්න දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි.

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ කියන දේවල් ඔබටමයි.

කරුනාරත්න දිවුල්ගනේ.

Advertisements

2 comments on “මගේ දුවේ ඔබ – දිවුල්ගනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )