2011 රටට කොහොමද ?


ඇමති මණ්ඩලය

හැමදාමත් එකම මන්තරය ජප කලත් යකා යන්නේ නැත්නම් මන්තරකාරයාගේ ජප කිරිල්ලෙන් පලක් නැත. කාලය එක ලෙසම ගෙවී යන්නේ ද නැත. ජනතාව ට කොකා පෙන්වමින් සැමදාම බණ දේශනා කරමින් සිටියත් කොකා බිම වහපු විට උගේ දුඹුරු පාට හදුනා ගන්නවාක් මෙන් ජනතාව සුද හා දුඹුරු පාට හදුනා ගනිමින් සිටින වකවානුවක 2010 වසර ගෙවී ගියේය.

ආණ්‌ඩු පක්ෂය ජනාධිපතිවරණය මීට මාස 11 කට පමණ පෙරත් අභියෝගයක්වු සමානුපාතික ඡන්ද ක්‍රමය ජය ගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න මංත්‍රී ධුර ප්‍රමානයක් සහිතව මීට මාස 8 කට පෙර මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේය. වරදාන පතා ආණ්ඩුවට එකතුවු ජාති හිතෛෂින් නිසා අද වන විට ආණ්‌ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට වඩා වැඩි බලයක්‌ ද ලැබී ඇත.

එවැනි ජවයක් ඇති ආණ්ඩුවක් පසුගිය අවුරුද්දේ කලේ හීතලේ කල්මැරීමය. අයවැය නැති— වැය අයක් මාස තුනෙන් තුනට ඉදිරිපත් කරමින් ජනතා ප්‍රශ්න මග හරිමින් සහ කල් දමමින් වසරම ගෙවා දැමීය.අවුරුද්ද අවසන් වන විට ආණ්‌ඩුවේ ආශ්චර්ය ගැන ජනතාවට තිබු විශ්වාශය මේ කල්මැරීම නිසා බිද වැටීමක්‌ ජනතාව තුල කතාබහට ලක්විය.

ආණ්‌ඩුව ජනාධිපතිවරණ සමයේ පොරොන්දු වූ රුපියල් 2500 යේ රජයේ සේවක වැටුප් වැඩිවීම දීම කල් මැරීය. වාහන බදු සහන දීමට ඉක්මන්විය. අවුරුද්දක් කල්මරා ඉදිරිපත් කල 2011 අයවැයෙන් 2500 වෙනුවට සියලු රජයේ සේවකයන්ට 5% ක පඩි වැඩිකිරීමක්‌ සමග රුපියල් 600 ජීවන වියදම් දීමනාවකුත් විසිකලේය.
මැතිවරණ සමයේ සෑම තරාතිරමකම රජයේ සේවකයිනට රු. 2500 පඩි වැඩිවීමක් දෙන බව වගකීමකින් ප්‍රකාශ කලේය. සරත් ෆොන්ස්කාගේ 10000/= විහිළුවක් බව රජයේ සේවකයා තේරුම් ගත්තත් රුපි 2500 නම් වගකිව යුතු ප්‍රකාශයක් බව පිලිගත්තේය. එහෙත් වැටුප් වැඩිවීම දෙනවිට එය ලබා දෙනු ලැබුයේ වැටුපෙන් ප්‍රතිශතයක්‌ හැටියට නිසා ඇත්ත වශයෙන්ම මැද මට්‌ටමේ සිට ඉහළට ඇති වැටුප් ශ්‍රේණිවල රජයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාව ද එකතු කළවිට මැතිවරණ සමයේදී පොරොන්දු වූ අර 2500 හෝ ඊට ඉතා ආසන්න ගණනක්‌ හෝ ලැබෙන බව පැහැදිලිය.

තමන්ට බෙදා ගන්න ඉක්මන්වන ජනතා නියෝජිතයෝ ජනතාවට බෙදන්න ලෝභ වන බව පෙන්වීය. සියලුම රජයේ සේවකයන්ට පොරොන්දු වූ 2500 ඒ ආකාරයෙන්ම දීමට නොහැකි වීම නිසා‌ ආශ්චර්යවත් ආණ්‌ඩුව මඩේ එරුනේය.

මෙයත් සමගම ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්‌ඩ වල මිල බොහෝ සෙයින් ඉහල යාම නිසා මඩේ එරුන ආණ්‌ඩුව මහා ගංවතුරකටද යටවිය. සාමාන්‍ය යෙන් උත්සව සමයත් සමග එලබෙන වසර අවසානයේදී ඇතැම් භාණ්‌ඩ වල මිල විශාල වශයෙන් වැඩිවෙයි. එය පසුගිය දශක පහ හයක කඩුල්ල ලැබු අත්දැකීමක් විය. නමුත් ඒ වැඩිවීම ජ්‍යොෂ්ඨ අමාත්‍ය වරුද ඇතුළුව හැට හුට හමාරක් ඇමතිවරු ඇති ඇමති මණ්ඩලයට හදුනා ගැණීමමට නොහැකි විය. වෙළද ඇමතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයට බඩු මිළ පාලනය කර ගැණිමට පෙර සුදානමක් තිබුනේ නැත. ඉදිරි දැක්මකින් වැඩක් නොකරන ඉන්නවාට ඔහේ ඉන්න වරදානම පතන ඇමතිවරුන්ගෙන් නම් රටට වැඩක් නැත.
සෑම අත්‍යාවශ්‍ය භාණ්ඩයකටම ඇමති කෙනෙක් පත් කලත් අපේ රටේ නම් මේ මිනිසුන් ගෙන් විසදුම් ඇති විය නොහැක. අනාගත සැලසුම් නැති තමන්ගේ බඩ මිස රට ගැන හිතක් නැති මේ මිනිසුන් පත් කල අපිට පාඩමක් වසර අවසානයේ ඉගැන්වුවාට ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුය.

2010 අවසන් සති දෙකේදී පමණ ජ්‍යොෂ්ඨ අමාත්‍ය වරයකු වන රත්නසිරි වික්‍රමනායක මහතා, ජ්‍යොෂ්ඨ අමාත්‍යවරුන්ට ලැබෙන සැලකිල්ල පිළිබඳ මැසිවිලි ප්‍රසිද්ධියේ කියා පෑමට පටන් ගත්තේය. මේ කතා කරන්නේ ජනතාව ගැනද ?.

අද පවතින මේ ආණ්‌ඩුව අලුත් ආණ්‌ඩුවක්‌ නොවේ. 1994 සිට අවුරුදු 16 ක්‌ පුරා පැවත එන ආණ්‌ඩුවකි. අවුරුදු 16 ම මේ රටේ සිටියේ ශ්‍රී. ල. නි. ප. ජනාධිපතිවරුය. මාස 30 ක පමණ කාලයක්‌ එ. ජා. ප. ය පාර්ලිමේන්තුව තුළ බලය පිහිටුවාගෙන ආණ්‌ඩුවක්‌ ගෙන ගියත් ඉතිරි මුළු කාලපරිච්ඡේදයම සම්පූර්ණ බලය හෙබවූයේ ශ්‍රී. ල. නි. ප. යයි.

මේ තරම් දීර්ඝ කාලයක්‌ ආණ්‌ඩු බලය හොබවන විට වයසත් සමග මුල සිට ඉන්නා පිරිසක්‌ අනිවාර්යයෙන්ම විශ්‍රෘම යැම සිදුවිය යුතුය. එහෙත් හැට පැන්නත්, මහළු වයසේ වැඩ බැරිවුවත් මේ මිනිස්සු ගෙදරට වී විවේකයෙන් ඉන්න අකමැතිය. රටටම වැඩ කිරීමට කැමැත්ත ඇත්තෝය. සාමාන්‍ය රටවැසි සේවාදායකයා නම් හැට පැන්න විට අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුතුය.

අලුත් ඇමැතිවරුන් බිහිවීමට අවස්ථාවක් ඇති නොවී කිසිම රටක ආණ්‌ඩුවකට අවුරුදු 22 ක්‌ පමණ දීර්ඝ කාලයක්‌ තුළ පැවතිය හැකිද?. මේ නොහැකියාව තේරුම් නොගන්නෝ රටටම බරක්ව සැප විදින්නට දගලන්නේය. නිසි තක්සේරුවක් නොකර මැතිවරණයේදී වැඩ වරද්දා ගත් ජනතාවට මොවුන් විශ්‍රාම යැවීමට තව අවුරුදු පහක්වත් ඉවසිය යුතුය. ( රත්නසිරි වික්‍රමනායක මහතා නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව සංක්‍රමණය කල බව මතකය.)
මැතිවරණය මුලදිම මෙය කල්පනා නොකර චන්දය පාවිච්චි කිරිමෙන් හැමදාමත් සිදුවන්නේ කළු කාසියට පෙම් බැද තියෙන ආණ්ඩුව විනාශ කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න සිහින දකින, රට වෙනුවට බඩ ගැනම හිතන අයට සදාකාලිකවම පෙම් බැදීමට ජනතාවට සිදුවීමය.

2010 වසර පිළිබදව තක්සේරු කර 2011 කොහොම වේවිද කියා අනාවැකි පලකරන්න ඔබට බාරය.

ගංවතුරට යටවෙලා.

Advertisements

2 comments on “2011 රටට කොහොමද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )