විජේසෝම – කාටුන් 03


G.S.F ගෙන් පසු කඩුල්ල සිත් බැද ගත්තේ දිවයින සහ දී අයිලන්ඩ් පුවත්පත් සදහා කාටුන් සිතුවම් කල විජේසෝමය.
විජේරූපගේ විජේසෝම යන් ගේ නිර්මාණයක්වු “ පුංචි සිඤෝ “දශක දෙකකට පමණ පෙර අප දකින විට රෙද්ද සහ බැනියම ඇදි අළුත් පහේ කුඩයක් අතින් ගත් අභිමානවත් චරිතයක් විය.
ඒ අතීතයේ සිට විජේසෝමයන් උපාලි පුවත් පත් සමාගමෙන් සහ ජීවිතයෙන් සමුගත් කාලය වන විට ක්‍රමයෙන් රෙද්දට සහ බැනියමට අණ්ඩ වැටී කුඩය කැඩී අවසන් කාලය වන විට අණ්ඩ වැටුන බැනියමෙන් විලිවසාගත් ඉතාමත් අසරන බවට පත්වු චරිතයක් බවට පත්වී සිටියාය.

දශක දෙක හමාරක් පමණ කාලයක් පාලකයන්ගේ සුරාකෑමට ලක්වු අපි වැනි පුංචි සිං‍ඤෝලා මැනවින් කාටුනයෙන් දුටුවේ විජේසෝම යයි කඩුල්ල සිහිපත් කරන්නේය.

රජයේ ලලිත කලායතනයේ චිත්‍ර ශිල්පය පිලිබද උසස් අධ්‍යාපන ලත් විජේසෝමයෝ ෆෝස්ටර් ශිල්පියෙකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා සෝදුපත් කියවන්නනෙකු ලෙස පුවත්පත් කලාවට පිවිස, සන්ඩේ ටෛම්ස් ඉරිදා ලංකාදීපය, හරහා උභාලි පුවත් පත් සමාගමට කාටුන් ශිල්පියෙකු වශයෙන් එක්ව දිවයින සහ THE ISLAND පුවත් පත් වලින් ජන විඥාණය අවදි කරමින් උපන් දේශයට ණය නැතිව වියපත්ව ජීවිතයෙන් සමුගත්තාය.

විජේරුපගේ විජේසෝම – දිවයින සහ THE ISLAND

One comment on “විජේසෝම – කාටුන් 03

  1. අවුරුදු ගාණකට ඉස්සර වත්මන සඟරාවෙ විජේසෝම මහත්තය ගැන දිග විශේෂාංගයක් ගියා. ඒක මම කියෙව්වෙ කාටුන් කියන්නෙ මොනවද කියන එක ගැනවත් අවබෝධයකින් නෙවෙයි. ඒත් විජේසෝම මහත්තයගෙ අවබෝධය ගැන ඒ දවස්වල පොඩි එකෙක් වුණ මටත් දැණෙන්න තිබුණ නිසා වෙන්න ඇති…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )