දේශපාලන කාටුන් 01.


විජේසෝමගේ පුංචි සිංඤෝ

කාටූන් කී පමනින් ඔබේ සිත් ඇදුනේ කාටූන් චිත්‍රපටි විය යුතුය . එහෙත් කඩුල්ල අවධානය යොමු කරන්නේ දේශපාලන කාටුන් වෙතය.
කඩුල්ල පාසල් අවධියේ සිටම දේශපාලන කාටූන ප්‍රිය කරන්නෙකි. ඒ නිසාම කාටූනයේ ඉතිහාසය පටන් කියවන්නට ලැබෙන තොරතුරු ද එකතු කරන්නෙකි. මීට පෙරද කාටූන පිළිබද තොරතුරු වියමන් කරන්න උත්සහා කලත් එක් වියමනක ඇතුලත තොරතුරු ලඝු කර ගන්නට නොහැකිව ඒ වෑයම අත්හැර දැමුවෙමි.
එම වියමනද අනෙක් බ්ලොග් ලියන්නන්ගේ වියමන් හා සසදන විට නී රස කෘතියක් ලෙස සිතුන නිසා කියවන්නන් නොමැති වේ යයි සැකයක්ද හිත තුල පැළපදියම් විනි.
නැවතත් මේ උත්සහාහය ඒ නීරස වියමන පළකිරීමටයි.

කඩුල්ල පාසල්වියේදී දිනපතා ලංකාදීපය සොයා ගියේ මැද පිටුවේ පළවු G.S.F සන්නම සහිත ගම්වාසී සෙනරත් ප්‍රනාන්දු‍ ගේ කාටූනය බැලීම සදහාය. එම කාටුනයෙන් එකල සිටි සර් ජොන් වැනි නාහෙට නාහන දේශපාලන චරිත අමු අමුවේ පට්ටා ගැසූ නිසා කඩුල්ලට පුංචි සතුටක් තිබිනි. එය වර්තමාන ආණ්ඩුවේ ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාළකන්නි සතුටට නම් සමාන කළ නොහැක.

අදත් කඩුල්ල පුවත් පතක පළමුවන පිටුව කියවා ඊලගට සොයා යන්නේ කාටූනය ඇති පිටුවයි. කාටූනය බැළුවිට එදින වැදගත්ම ප්‍රවෘත්තිය සම්පූර්න යෙන්ම අපේ ඇසින් කියවා හමාර කළ හැකිය.

මේ අනම් අස්සේ කාටුනය ගැන වියමන් කළ යුතු වැදගත්ම දේවල් ගිලිහි යා හැකි බැවින් ඒ කෙරෙහි අවධාණය යොමු කිරීම වැදගත්ය.
ඉතාලියේ සහ ප්‍රශයේ 15 වන සියවසේ සමකාලීනව කාටූන් චිත්‍ර උපත ලද බව කාටුනයේ ඉතිහාසය සොයා යන විට වාර්තා වන්නකි. ඉන්පසු 18 වන සියවස වන විට එංගලන්තයට පැතිර ගිය කාටූනය පසු කළක ලෝක ව්‍යාප්ත විය.
විකට රූප CARICATURE විකට චිත්‍ර CARTOON විකටකථා COMIC STRIP යනු වෙන් වෙන්කර දක්වන කාටුන් කලාව නව මාධ්‍යන් තුල නවීකරණය වී සජීවද දක්නට ලැබී ඇත.

1740 දී ඉංග්‍රීසි ජාතික මුද්‍රණ කරුවෙකු වන ආතර් ෆොන්ඩ් විසින් චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙක් ගේ කාටුන විසිපහක එකතුවක් පොතක් වශයෙන් පළකර ඇත.1760 පමණ ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් ටවුන්සෙඩ් ඇදි විකට චිත්‍ර “ද ලන්ඩන් මැගසින්” , “ පොලිටිකල් රෙජිස්ටර්”හා ‘ටවුන් ඇන්ඩ් මැගසින්’ වැනි සගරාවල පළකර ඇත.

කාටූනයෙන් දේශපාලන උපහාසය ආරම්භව ඇත්තේ ප්‍රශයේ දීය. ඔනෙරේ ‍ඩෝමියර්ගේ දේශපාලන කපටියෙකුවු රොබට් මැකෑයර් චරිතය , හෙන්රි මෝනියර්ගේ ජෝශප් පෘදෙම් චරිතය , සහ ග්රෑ‍න්ඩ් විල් ගේ විකට චිත්‍ර සමග පළවු “ ලා කැරිකේචර්’ සගරාව විකට චිත්‍ර කලාව වඩාත් ප්‍රචලිත වන්නට දායක විය. 1830 දී තෝමස් මැක්ලියන්ගේ “ ද මන්ත්ලි ෂි ඔ‍ෆ් කැරිකේචර්ස් ” රොබර්ට් සෙයුමුර් දේශපාලන විකට චිත්‍ර 1841 පන්ච් සගරාවේ පලකල පන්ච් කාටුන්ද ජෝන් ටෙනියල්ගේ “ඩ්රොරපින් ද පයිලට් ” කාටුන්ද අමරිකා එක්සත් ජනපදයේ ඩේවිඩ් ක්ලේපුල් ජොන්ස්ටන් , තෝමස් නාස්ට් ජෝසප් කෙප්ලර් හා බර්න්හාඩ් ගිලම් වැනි ශිල්පීන් ජාත්‍යන්තර කාටුන් ඉතිහාසයේ සලකුණු තබා ඇත.

මෙරට කාටුන් ශීල්පීන් හා ඔවුන් ඇදි කාටුන් චරිත කිහිපයක් සදහා මීලග වියමන වෙන් කරන්නට කඩුල්ල අදහස් කරයි.

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )