Quote

වෛජයන්ත ප්‍රාසාදය – පොලොන්නරුව

වෛජයන්ත ප්‍රාසාදය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද එතුමාගේ රජ මාළිගය යි. ඉන්ද්‍ර දෙවියන්ගේ දේව භවන හදුන්වනු ලබන්නේද “වෛජන්ත” නමිනි. මෙම නම අණුකරනය කරමින් වෛජයන්ත ප්‍රාසාදය ලෙස නම් කරන්න ඇතැයි සැලකේ.

චූල වංශයට අණුව මෙම ගොඩනැගිල්ල සත් මහලකින් යුක්ත වුවකි.
ගොඩනැගිල්ලේ පාදම සහ බිත්ති නිරීක්ෂණය කරන්නෙකුට මේ බව තහවුරු කර ගැණිමටද හැක. දැනට ඉතිරිව ඇත්තේ මහල් තුනක් පමනකි. පහත මාලයේ සිට එක් බිත්තියක උස අඩි තිහක් පමණවේ.පියගැට පෙළක කොටස්ද තවමත් දක්නට ඇත.මෙම බිත්ති වල දැවමය බාල්ක යොදා තිබු විවර දකින්නට ඇත. ඒවායේ ප්‍රමාණය අනුව ඉහල මාලයන් සදහා දැව උපයෝගීකර ගන්නට ඇතැයි උපකල්පනය කරනු ලැබේ.

වෛජයන්ත ප්‍රාසාදය – පොලොන්නරුව

 

වෛජයන්ත ප්‍රාසාදය – පොලොන්නරුව


වෛජයන්ත ප්‍රාසාදය – පොලොන්නරුව

3 comments on “වෛජයන්ත ප්‍රාසාදය – පොලොන්නරුව

  1. තට්ටු 7 කින් යුක්ත වූ නිසා “සත්බුමුපාය” ලෙසත් මේ හඳුන්වා තියෙනවා. ඒ වගේම වෛජයන්ත ප්‍රාසාදය කෙටියෙන් “විජයොත්පාය” ලෙසත් හඳුන්වනවා.

    මාළිගාව දිගින් හා පළලින් අඩි 150 ක බිමක ඉදිකර තිබෙනවා. කාමර 100ක් මෙහි වූ බව චූලවංශය දක්වනවා. කාලිංඝ මාඝගේ ආක්‍රමණයෙන් මේ මාලිගාව ගිනිබත් කල අතර උණු වී ගිය ගඩොල්, යබොර කුට්ටි තවමත් මාළිගා බිමේ දැකගත හැකියි.

    ඒ වගේම පොළොන්නරුව කෞතුකාගාරයේ මේ මාලිගාව පවතින්නට ඇතැයි කියන ආකාරයට නිර්මාණය කරපු ආකෘතියක් තියෙනවා. ඒකේ ඡායාරූපයක් එකතු කරන්න පුලුවන් වඩාත් හොඳයි.

    • හසිත වෙත.
      මගේ මෙවර පොලොන්නරු සංචාරය අවිධිමත්. නිකම්ම ගියා ආවා වගේ ගමනක් . ජීවිතය මේ දවස් වල අවිවේකියි. යලිත් යථා තත්වයට පත්වෙන්න මාස දෙකක් තුනක් යාවි. ඉන්පස්සේ සැලසුම් සහගත ගමනකට අවස්ථාව ලබා ගන්න ඕනී. එවිට පින්තූර ටිකක් එකතු කර ගෙන එන්නම්. වන්දනාවේ යන කාලේ මම ගවේෂණයක සුන්දරතාවය අත්විදිනවා. – කඩුල්ල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )