ගුරු සිත නොරිදවා අකුරු කරමු.


ඡායාරූපය දිවයින පත්‍රයෙනි


ඡායාරූපය දිවයින පත්‍රයෙනි

උසස් අධ්‍යාපන අමාත්‍යංශය ආක්‍රමණය කරමින් ඇති කළ කළහකාරි තත්වය මේ වන විට විශ්ව විද්යා‍ල තුල කළහකාරී වාතාවරණයක් දක්වා නිර්මාණය වෙමින් පවතී. විභාග වර්ජනය කරමින් විභාග සදහා ඉදිරිපත් වන සිසුන්තේ ඔළු පලමින් විශ්ව විද්‍යාල ඇදුරන්ගේද ඔළු පළමින් හැසිරෙන මේ දරුවන් යන්න සුදානම් වන්නේ කාගේ අතකොළුවක් වෙමින්ද යන්න වැඩිහිටියෝ සිතන්නට පටන් ‍ගෙන ඇත.

අවුරුද්දේ වැඩි කාලයක් අධ්‍යාපන කටයුතු වලට යොමු විය යුතු ශිෂ්‍යයෝ අවුරුද්දේ වැඩි කාලයක් විශ්ව විද්‍යාල වසා තැබීමට උවමනා කරන අමුද්‍රව්‍යය‍ විශ්ව විද්‍යාල පාලනාධිකාරයන් වෙත සපයමින් තමන්ගේ අධ්‍යයන කටයුතු කල් දමා ගැණීමටත් උසස් පෙළ සමතුන්ට විශ්ව විද්යා ල ප්‍රවේශයට ඇති අවස්ථාව කල් දමා දීමටත් කටයුතු කරමින් අනියමින් ජාතික ධනයත් වටිනා තරුන වියත් විනාශයට පත් කරදීමට සහය වේ.
කළහකාරී ශිෂ්‍යයෝ අන්තර් විශ්ව විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් යයි පවසති. විශ්ව විද්‍යාල අභියස “දියව් , කරව් , පන්නා දමමු “ වැනි විධාන ඇති පුවරු අවුරුද්දේ ඕනෑම කාලයක ප්‍රදර්ශණය පිණිස තබා තිබීම සුලබ දර්ශණයකි. මේ සුලබ බව නිසාම වැඩිහිටි අවධාණය ඒ පුවරු වල දැක්වෙන කරුණු වෙත යොමු වීම නොවන බව මේ දරුවන්ට නොතේරෙන එක් කරුණකි.ඒවා වැඩිහිටියන් සාමාන්‍ය විහිළු ලෙස සැලකිමට පුරුදුව තිබීම මීට හේතුව බව සිසුන් නොදනී.
එක් පාර්ශවයකින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් රජයට සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරයට අභියෝග කරමින් හිතුවක්කාරීව කටයුතු කරන බවක්ද රජය වෙනදාට වඩා ඉවසිල්ලෙන් ශිෂ්‍යය ප්‍රශ්න වලට මුහුණ දෙන අයුරුදද පෙනෙනෙන්ට තිබේ. ශිෂ්‍යයන් එවන ‍බෝලය දෙමව්පියන් වෙත හරවා යවීමට රජය සමත්ව ඇති බවක් වැඩිහිටි අදහස්තුලින් නිරූපනය වන්නකි.
ශිෂ්‍ය ප්‍රශ්න සදහා පිළියම් යෙදීම වහාම කළයුතු දෙයක් වන අතර ඒ සදහා රජය සහ පාලානධිකාරයන් ආර්ථිකව සහ කළමනාකාරිත්වයෙන් ශක්තිමත්ද යන්න ගැනත් සිසුන් සිතිය යුතු තවත් කරුණක් බව අප සිහිපත් කළයුතුය.

රජයේ මැති ඇමතිවරුන් සහ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල විසින් විනාශ කරන ධන සම්භාරයන් දෙස ඇගිල්ල දික් කරමින් වෛරය ශිෂ්‍ය මනස් තුල රෝපනය කරන බලවේග අපේ මේ අඩු පාඩු සකස් කර දෙන්නේ නැද්ද යන්න ප්‍රශ්නය තරුන මනස් විකෘති කිරීමට වුවද හැකියාව ඇති බව ශිෂ්‍යයන්ට පමනක් ඇගිල්ල දික් කරන පාලකයින්ටද නොතේරීම අරුමයකි .

විශ්ව විද්‍යාල අචාර්ය වරුන්‍‍ගේ ඔළු පලන , සිසුන් පසුදාට තම ගුරුවරුන්ගේ මුහුණ බලන්නවත් ආත්මයක් ඇත්දැයි හැටේ සහ හැත්තෑව දශකයේ සිසුන් වන අපට සිතෙන්නේ අපි තාමත් අපේ ගුරුවරුන්ට දෙවියන්ට මෙන් සලකන මෝඩ පිරිසක් නිසා විය යුතුය. අප බලහත්කාරයෙන් ලබා ගත් දෙයක් නොමැති බව 1971 සහ 1987-1989 අතර පිබිදීම් වලින් හොදින් අවබෝධ කරගෙන ඇතත් අසුවේ දශකයේ උපන් මේ දරුවන් ඒ අත්දැකීම විද නොමැති වීම තවමත් අත්හදා බැලීම් කරන 87-89 නායකයන්ට සම්පතක් වී ඇත.

දෙමව්පියන්තම ආර්ථික දුෂ්කරතාවයනට මුහුණ දෙමින් ඉතා අසීරුවෙන් පෝෂණය කරන දු දරුවන් බිල්ලට ගෙන අනාත දේශපාලනය සනාථ කරගන්නට කරන වෑයම තේරුම් ගැනීමට විශ්ව විද්‍යාල සිසු ප්‍රජාවට නැණස පහල විය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )