සැමරුම් දින කිහිපයක්.


href=”https://kadulla.files.wordpress.com/2010/10/dsc08589.jpg”>

ලෝක ලමා දිනය, වැඩිහිටි දිනය, ගුරු දිනය, පසු ගිය සතියේ සමරනු ලැබීය.මේ චරිත සියල්ල අපේ ජීවිත හා බැදුන චරිතයන් වේ. මේ සියල්ලෝම සමරන දිනයන් ප්‍රකාශයට පත් කර උත්සව ශ්‍රීයෙන් සැමරීමට කටයුතු සලස්වා ඇති නිසා එදාටවත් මේ චරිතවල වැදගත් කම සිහිවීමත් යහපත් සංකල්පයකි.
මේ දිනයන් සැමරූ එම සතියේම අමද්‍යප දිනයත් යෙදී තිබිනි. එදින සැමරීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සියළුම මත්පැන් හල් වසා තැබීමට නියෝග කර තිබු අතර අමද්‍යප දිනය සැමරීම සදහා අත්‍යාවශ්‍යම ආම්පන්න අතරට මත්පැන්ද ඇති බැවින් හොර පොළවල් වලට හොරෙන් ‍හොරෙන් ඇදුන මත්ලෝලින් දැක ගත හැකිවිය.

අපේ රටේ තිස්‌ අවුරුද්දක් තිස්සේ ඇදුන වියසනයට පසු උතුරු නැගෙනහිර ළමයින් සිය ළමාවියේ අසිරිය භුක්‌ති විඳින මේ අවස්‌ථාවේදී ලෝක ළමා දිනය උදාවීය .
ළමයාගේ ළමා විය විනාශ කරන්නේත් සූරා කන්නේත් දූෂ්‍ය කරන්නේත් වැඩිහිටියාමය. මේ වැඩිහිටියා යන වචනය නිර්ණය කිරීමේදි ළමා වියේදී ළමා ජීවිතයට සම්බන්ධ වන ගුරුවරයාද වැඩිහිටි ගොන්නට එකතු වන චරිතයකි. මේ සියල්ලෝම සැමරීම එකම කාල වකවානුවක යොදා තිබීම ගුරුවරයාටද වැඩිහිටියාටද කර ඇති එක්තරා අන්දමක සරදමකි.

ගුරුවරුන්ද ළමයින් විෂයයෙහි කරනු ලබන අකටයුතු කම් පිළිබදව යලි යලිත් හිතන්න ‍පසු ගිය සතිය යොදා ගත්තා නම් අතිරේක පන්ති ඉබේටම නතර වනු ඇත. පාසල් විෂයය නිර්දේශය පන්ති කාමරය තුල නිවරදි කාල වකවානුවකට අවසන් කර දරුවා විභාග සදහා සුදානම් කරන්නේ නම් අතිරේක පන්ති අවශ්‍ය වන්නේ නැත. ඒ පිළිබඳ ස්‌වයං විවේචනයක්‌ කර ගුරුවරයා ලෝක ගුරු දිනය සැමරුවානම් එය අර්ථවත් ක්‍රියාවක් වනු ඇත.
වයස අවුරුදු 14 , 15ළමා වියේ දැරියන් විවාහ කරදෙන සහ එම දරුවන්ගේ විවාහ සාවද්‍ය ලෙස වයස සටහන් කර එම විවාහ ලියා පදිංචි කළ උපත් විවාහ හා මරණ ලියා පදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර් වරුන් කිහිප දෙනෙක් පිළිබදව ප්‍රවෘත්ති වාර්තා පළවුයේත් පසු ගිය සතියේය.විවාහක පවුල් වලට පමනක් රජයේ ඉඩම් බෙදා දීම සදහා නිර්නායකයක් ඇති විම නිසා ඉඩමක් ලබා ගැනීම සදහා මෙසේ විවාහවු බව එම ප්‍රවෘත්තිය තවදුරටත් පවසා තිබිනි. අවුරුදු 14 ක දැරියක යනු මාපිය තුරුළේ සනසනු ලැබීමට ලක්‌ විය යුතු කෙනෙකි. ඇය තවමත් වැඩිහිටි ජීවිතයට නුහුරු තැනැත්තියකි. එසේ තිබියදී ඉඩමක අවශ්‍යතාවය සදහා ලමා විය මිළ කිරීමට ‍ කටයුතු යොදා ඇත්තේද වැඩිහිටියෝය. එම විවාහ නීතීය උල්ලංඝණය කර ලියාපදිංචි කර ළමා විය කළු කඩ ජාවාරමක යොදවා ගෙන ඇත්තේද වැඩිහිටියෝය.
මේ සැමරුම් දිනයන් සදහා පාත්‍ර වර්ගයා බවට පත්වු සියලු දෙනා කල්පනා කළ යුතු වැදගත් කාරණයක්‌ තිබේ. ඒ වූ කලී වැඩිහිටි සහ ගුරු තමන් ඉදිරිපිටදී ළමයා කොතරම් අසරනද යන්නය.
වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් තම යුතුකම් සහ වගකීම් ඉටු කිරීමේදී කරනු ලබන වැරදි සලකා බලන විට වැඩිහිටි සහ ගුරු දිනයන්හීදි සිදුවිය යුත්තේ වැඩිහිටියන් සහ ගුරුවරුන් තමන් මෙතෙක්‌ කරන ලද වගකීම් සහ යුතුකම් පැහැර හැරීම් ගැන මෙනෙහි කිරීමත් එම දුර්වලතා සදහා වන්දි ගෙවන හැටියක්‌ ගැන කල්පනා කිරීමත් බව කඩුල්ල සිතිවිල්ලකට එකතු කරයි.
ළමා ලෝකය පාලනය කරන්නේ වැඩිහිටියා සහ ගුරුවරයාය . ඒ සත්කාර්යෙන් දීප්තිමත්ව අනාගතය දකින්නේ ළමයාය.

3 comments on “සැමරුම් දින කිහිපයක්.

  1. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් http://www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts “on”කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති “Like” බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති “Subscribe via SMS”යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )