ඇයි මේ ලහිය?.


ව්‍යවස්ථාව වෙනස් කරන බවටත් පාර්ලිමේන්තුවට වගකිවයුතු රාජ්‍ය නායකත්වයක් ස්ථාපිත කරන බවත් මහින්ද චින්තනයේද සදහන්ව ඇත.චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද මේ බයිලාව ගායනය කරමින් සිට ධුරකාල දෙකක් රට කර විශ්‍රාම ගත්තීය.දැන් ලහි ලහියේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ධුරකාලයේ සීමා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටියි.
ජනාධිපතිවරණය අවසන්ව වර්තමාන ජනාධිපතිවරයා තම දෙවෙනි ධුර කාලය සදහා තවමත් දිවුරුම් දුන්නේ නැත.එතුමාට තවත් අවුරුදු හයක් ඉදිරියට නොබියවම අපේ සුභ සිද්ධිය අරමුණු කර ගෙන ( එසේ කියනු ලැබේ.) රට පාලනය කළ හැක. වෙනත් අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු කටයුතු තිබියදී තව අවුරුදු හතර පහකින් වුවද සිදු කළ හැකි කටයුත්තක් කිරීමට ඇයි මේ ලහිය ?. අපට ඇති වන ප්‍රශ්නයකි.

ව්‍යවස්ථාව යනු එක තැන පල්විය යුතු ලියවිල්ලක්ද නොවේ. වර්තමාන ව්‍යාවස්ථාව ජේ.ආර් ගේ නිර්මාණයකි. ඔහුගේ පාලනයටත් ,ඔහුගේ වයසටත් ගැලපෙන අයුරිනුත් කඩිමුඩියේ දොරට වැඩි මෙ ව්‍යවස්ථාව නිවරදිවිය යුතු තැන් නිවරදි කර යාවත්කාලීන විය යුතු බවට විවාදයක් නම් ඇති විය නොහැක.

සිරිමාවෝ මැතිණිය ගෙනා ව්‍යවස්ථාව මෙන් පුළුල් සාකච්ඡාවකට භාජනය නොවු වර්තමාන ලියවිල්ල පිළිබදව එදා ආචාර්ය එන්. එම් පෙරේරා පලකල න්‍යාත්මක විග්‍රහයන් ප්‍රායෝගික තලයේ දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව සිට අත් වින්දේය.ඔහු ජනාධිපති බලතල තුල හිරවී තම පාලන බලතල අහෝසි කර ගත්තේය. එවකට සිටි ජනාධිපතිනියටද වසරක් යන තුරු තම බලාධිකාරය කොටුවී දුක් විදින්නට සිදුවිය. රට තුල අරාජිකත්වයක් ගොඩනැංවීය.
තවදුරටත් එහි එහි විපාක වශයෙන් සටන් විරාම ගිවිසුම වැනි හානිකර ගිවිසුම් ඇතිවිය.පාර්ලිමේන්තුවේ අස්ථාවර තත්වයට පත්වීම නිසා ප්‍රභාකරන් හට අස්ථාවරත්වය ප්‍රයෝජනට ගෙන අවුරුදු තිහක් තමන්ගේම රටට වින කළහැකි විය. විදේශික බලපෑම් වලට රට නතු කර ගත හැකිවිය.

මේ අස්ථාවර භාවයට පත්වීමට හේතු වු එක් කරුණක් ලෙස පාර්ලිමේන්තුව තුල ස්ථාවර රාජ්‍ය බලයක් ගොඩ නංවා ගැනීමට නොහැකි , පාර්ලිමේන්තු මැතිවරණයකට අප රටට මුහුණ දීමට සිදුවීම නිසා බව කඩුල්ල උපකල්පනය කරන එක් කරුනකි.

අතීතයේ අපට හුරු කොට්ඨාශ මට්ටමේ මැතිවරණ වලදි මුහුණට මුහුණදි කරන සටනක්ව කොළ හෝ නිල් බහුතර කන්ඩායමක් පාර්ලිමේන්තු ආ ක්‍රමයෙන් බැහැරවී සමානුපාතික ක්‍රමය තුල එක් එක් සුළු පක්‍ෂ වලට වරදාන ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය විය. මැතිවරණයෙන් ජයගත් මෙම කන්ඩායම් පාර්ලිමේන්තුව තුල තම දේශපාලන වටිනාකම පෞද්ගලික ස්වාර්ථය සදහා අලවි කලේය. පාලක පක්යෂට අලවි කල මුදලට වඩා වැඩි මුදලක් විපක්‍ෂ බලවේග ගෙවන විට ඒ වෙනුවෙන් බලය විපක්‍ෂයට මාරු කලේය. මේ අයුරින් ආණ්ඩුවටත් විපක්ෂයටත් කරනම් ගසිමින් ස්වාර්ථය සලසා ගත්තේය.

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව මෙන් ප්‍රමානයක් ලැබීමෙන් ජනාධිපති තනතුර තුල බලය ඒකරාශි වීමේ ස්වභාවය තුලින් ස්ථාවර පාලනයක් ස්ථාපනය වන්නේය. මෙම ස්වභාවය ජේ.ආර් , මෙන්ම කලක් චන්ද්‍රිකාට ද හිමිව තිබී වර්තමානයේ මහින්දට හිමිවී ඇත. හිතුවක්කාරි පාලකයෙක් සිටි අවස්ථාවල හැර රටට හානිකර නොවු ජනාධිපති තනතුර සෘජු නිවරදි තිරණ ගැණීමේදි වාසිදායක විය.හාණිකර තීරණ ගැණීමේදී අවාසිදායක විය.

අප බලා සිටියේ මේ බහු බුත මැතිවරණ ක්‍රමය වෙනස්ව පාර්ලිමේන්තුවට වගකිව යුතු ජනාධිපතිවරයෙකුගේ සෙවනේ රට වැඩෙනවා දකින්නය. අඩු තරමින් රටට බරක්වු එක් මැතිවරණයක් හෝ විශ්‍රාම හැර එම වියදමද අඩු කරගන්නය. එහෙත් මේ වෙන්න යන්නෙ ඊට වඩා වෙනස් දෙයකි. රටට හිතැති බව පෙන්වා බඩ අත ගා ගැණීමකි.
කරනෑවැමියා ළග දැළි පිහිය තිබීම වැඩ දායකය.බැරිවෙලාවත් වදුරාට දැළි පිහිය ලැබුනොත් එදාට අපේ බෙල්ල යනු ඇත.

7 comments on “ඇයි මේ ලහිය?.

  1. අපි බලාපොරොත්තු වෙන හැම දේම වෙන්නේ නැහැ.. බලයට පත්වුනාම හැමෝම කරන්නේ තවතවත් බලයේ ඉන්න පුලුවන් ක්‍රම හොයන එක මිසක් වෙන එකක් නෙවෙයි කියල මහින්ද මහත්තයත් පෙන්නුවා.. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවට දැන් හොයන්නේ තව අවුරුදු කීපයක් බලයේ ඉන්න පොටක් විතරක් කියන එක නම් පැහැදිලියි.

  2. ඔබතුමා අහන ප්‍රෂණයේ තේරුමක් තිබෙද යන්න මට සැකයි. අපිටනෙ මේක ලහියියේ කරනවා කියලා හිතෙන්නේ. මෙන්න කියවලා බලන්න 2010 අප්‍රේල් මාසේ සිට මේ දේ කිරීමට ලැස්ස්ති වෙලා තමයි හිටියෙ. ඒ කියන්නෙ ජනවාරියේ ඡන්දෙන් පස්සේ මේවා ලැහැස්ති කරගෙන් හිටිය වෙන්න ඇති. කොහොම උණත් වාර ගාන ගැන මට එතරම් ගාණක් නැහැ. මොකද අන්තිමේදී මිනිස්සු ඡන්දේ දීල පත් කර ගන්න ඔනේ නිසා. ඡන්ද දිනීමෙ ක්‍රමයක් (නීති විරෝධී හෝ) තියෙනවානම් විතරයි වාර ගණන වැදගත් වෙන්නෙ. ඒ උණාට 17ත් වැන් සංශෝධනයෙන් ගෙනාපු මිනිසුන්ට බලය ලැබෙන් දේ නැවත කප්පාදු කිරීම තමයි මෙතන තියෙන බැ‍රැරුම්ම දේ. 82දි ජේ ආර් කළා වගෙ ලාම්පු සෙල්ලමක් දාල වාරය දික් කරගනීද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. බලයෙන් උමතුවූ මිනිසුන් රටේ අනාගතය ගැන අමතක කරලා තමන්ගේ උන්නතිය සඳහා දේවල් කරනවා 80 දශකයේ අපි බලා සිටියා නොවැ. දැන් ඒකේ රිපීට් එක බලන්න කාලය පැමිණ ඇත. පසුගිය දිනවල මාරන්තික උපවාස කරමින් ජනාධිපති ක්‍රමය ගැන කැ ගැසු අය සහ ජනාධිපති අධිකරණයට යටත් විය යුතුයි කිවූ හෙල උරුමය, සමාජවාදය වලපල්ලට ගෙනිච්ච සමාජවාදි පක්ෂ මොනවාද කරන්නේ කියලා බලාගෙන ඉන්නත ආසයි. මෙය සම්මත වුවහොත් මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු සුලු පක්ෂ සියල්ලන්ටම ශාප කරන්නට මම නම් අමතක කරන්නේ නැහැ.

      • @ මුදිත

        17 වන සංශෝධනය ඉවත් කිරීම ජනාධිපති ධූරයේ වාර ගනන අසීමිත කිරීම සමග සම්බන්ධ වෙන ආකාරය ඊට වඩා සංකීර්නයි.ස්වාධීන පොලිස් කොමිසම වගේ ආයතන ඉවත් කරල පොලිස් සේවය,රාජ්‍ය සේවය,අධිකරනය – මේ සියල්ල ජනාධිපතිගේ අනසක යටතට අරගත්තම එම සියලු රාජ්‍ය බලය සමග බලයේ සිටින ජනාධිපති දිගින් දිගට මැතිවරන තරග කරන තත්වයක් මින් එහාට ගොඩනැගෙනවා.මෙවැනි පසුබිමක සම්මත රාමුව තුල වැඩ කරන විපක්ෂයක් අතිශය අවාසිදායක අඩියකට වැටෙන එක නැවැත්වීම අමාරුයි.

        • රාමචන්ද්‍ර අඩ්විය ලියන්නේ ඔබ කියලා හිතනවා. ඔබගේ පොස්ට් එක ගැන මට අදහස් කිහිපියක් ලියන්න උවමනාව තිබෙනවා. නමුත් මා ඔබගේ ලිපිය මුණු පොතේ දැම්මා. කොහොම උණත් මට හිතෙන්නේ දැනුයි කියලත් පොලිසිය සහ රාජ්‍ය සේවය නිදහස් කියලා මම නම් හිතන්නේ නැහැ. වාර ගණන සීමා කළයුතු බව ඇත්ත නමුත් මෙම සංශෝධනය ගෙන එන්නේ බලය වැඩි කර ගන්න කියන එක විමල් විරවංශම පිලි ගන්නවා. ඔහුට අනුව මෙය බටහිර බලවේගයන්ට විරුද්ධව කරන දෙයක් කියලා. http://www.youtube.com/watch?v=alHRxba26bk
          360 කරන ගැනි ගැන වෙනම කථා කරමු.

          මට හිතෙන්නේ 80 දශකයේ සිදුවූ සියල්ලක්ම නැවත සිදුවීමේ අවදානම වැඩි කිරීමක් තමයි පසුගිය අප්‍රේල් මාසයේ සිදුවුණේ කියලා. ජනතාව හැටියට අපිට කල හැකි දෙයක් නැතැයි කියාද සිතෙනවා. සුලු පක්ෂවලට තර්ජනය කොට ඔවුන්ගේ ඡන්ද කැඩීම පමණයි දැන් කල හැකි එකම දෙය. මුස්ලිම් ජනතාව තමන්ගේ පක්ෂයේ නායකයින්ව දැන්ම හමුවුවහොත් හොඳයි. නැත්නම් මෙහි ශාපය ඔවුන් මත වැටෙන්න වැඩි කල් යන එකක් නැහැ.

          • කඩුල්ල අදහස් කරන්නෙත් වියමනක (කඩුල්ලේ අදහස ) අඩු පාඩු සමග අන් අය සමග සාකච්ඡා කිරීමයි රාමචන්ද්‍ර ිඩවිය ලියන්නේ මම නෙමෙයි. මට ඔබ නම් හොද සංවාදකයෙක්https://kadulla.wordpress.com/wp-admin/#comments-form.

  3. මේ රටේ ඔක්කොම ප්‍රශ්ණ විසඳිලා රට්ටු සුඛිත මුදිත වෙලානෙ ඉන්නෙ. ඒක නිසා දැනට තියෙන එකම ප්‍රශ්ණෙ ඔන්න ඔය ලියවිල්ලෙ අඩුපාඩුකම් විතරයි. ඒකත් ලිහල එකලාසයක් කරාම ඉවරනෙ.

    වඳුරට තමයි දැලිපිහිය දැනටම ලැබිල තියෙන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )