හොරුත් සමග හෙළුවෙන්.


පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා මහතා හට යොමුවී ඇති විවිධ චෝදනා නිසා ඔහුගේ නම නිතර නිතර කථාබහට ලක්වන මාතෘකා වක් බවට පත්ව තිබේ. කඩුල්ලට යුද හමුදාපති ජනරාල් සරත් ෆෝන්සේකා වීර චරිතයකි. නිර්පාක්ෂික තේමාවකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව නාමයෝජනා භාර දී මැතිවරණ වේදිකාවට නගින තෙක් කෙටි කාලය දේශපාලන අනුගාමිකයෙකි.
ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවක බලාපොරොත්තු නොවු “කලවැද්දා , පාහරයා , කටුලෙවකන්න වේවි, ජම්පර් අදින්න වේවි, හිරේ ලගින්න වෙවී ” වැනි ප්‍රකාශ ඔහුගෙන් නිකුත් වෙන විට කඩුල්ල දෝලනයවී තම අනුගාමිකත්වය “සුදු කොඩි කතාවත්” සමග අත්හැර ඡන්දය දෙන දා වන විට මහින්ද ලග නැවත නතර කලේය. සරත් ෆොන්සේකාම තමා ජනාධිපතිවරයෙකුට නුසුදුසු බව රටට පෙන්වා දුන් පුද්ගලයෙකු බව තින්දු කලේය.
සරත් ෆොන්සේකාට එරෙහි වර්තමාන හැසිරීම සමාජයේ කාටත් එක ලෙස ක්‍රියාත්මක කල හැකි නීති ක්‍රියාදාමයක් වුවත් ශ්‍රී ලංකා මොඩලය තුල එය සැමටත් – සැම එකාටත් ක්‍රීයාත්මක නොවන නිසා මේ ක්‍රීයාවලිය සත්භාවයෙන් යුතුව කෙරෙන නීති කටයුත්තක් නොවන බව කඩුල්ල සිතයි.
එසේම සරත් ෆොන්සේකාගේ රටාව තුල ජනාධිපතිවරණය අනෙක් අතට කැරකි සරත් ෆොන්සේකා ජයගෙන ජනාධිපති වුවා නම් රාජපක්ෂවරුන්ට සහ සරත් ෆොන්සේකා ට එරෙහිවු විරුද්ධ මතධාරීන්ට මීට වඩා දරුණු ආකාරයේ අත්දැකීම් විදින්නට සිදුවනු ඇතැයිද කඩුල්ල උප කල්පනය කරන්නකි.
යුධ ජයග්‍රහණයක මායිමකවත් නොසිට අනතුරට ලක්ව මියගිය ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු පිරිස වෙනුවෙන් ජනතාව හැසුරුණ ආකාරය අපට සිහිපත්වේ . කිසිවකුගේවත් මග පෙන්වීමක් ද නොවී එවකට පැවති රජයට එරෙහි මතවාදයක් සහ විරෝධතාවයක් ඇතිව ජනතාව වීදි බැස්සේය. ඔවුන් අපේ සැබෑ වීරයන් බවට අදත් සිහිපත් කරන තැනට ජනතාවගේ සිතිවිලි එක් තැන්වුනි.
එහෙත් යුද්ධයේ අවසාන පංගු කරුවෙකු වු සරත් ෆොන්සේකා වෙනුවෙන් වර්තමානයේ ජනතාව දක්වන්නේ මිලිනවී ගිය ආකල්පයකි. ඔහුගේ පසු ක්‍රියාකාරකම් ජනතාව අනුමත නොකරන බවක් මින් පෙනෙන්නේ යයි කඩුල්ල සිතයි.
ජනාධිපතිවරණයේදී ඔහුට දේශපාලන න්‍යාය පත්‍රයක් නොතිබිනි. එහෙත් තම අතීත ප්‍රධානින් සහ සගයන් වෙනුවෙන් වෛරී හැගුම් සමුදායක් තිබිනි. එය තේමා කර ගත් දේශපාලන ව්‍යාපෘතියක් ඇති බව බොහෝ චන්දදායකයෝ හදුනා ගත්තේ ඔහුගේ මැතිවරණ වේදිකාවෙනි.
මහින්ද අපට දෙනවායි කිවු තවමත් නොලැබුනු රුපියල් දෙදහස් පන්සිය ( මේ මුදල් හම්බන්තොට වරායට මේ වසරේ යොදා ගන්නට ඉඩ දුන් බව අපේ මිත්‍රයන්ගේ විහිළු කතා අතරට එක්ව තිබේ. ) වෙනුවට රුපියල් දස දහසක් වේදිකාවට විසි කල සරත් ෆොන්සේකා වැඩ කරන ජනතාවට විහිළුවක් වු බව නම් ප්‍රසිද්ධ කරුනකි.
දේශපාලනය ගැන හසරක් නොදන්නා ජෙනරාල් පිටුපසින් නැගෙන බෙර හඩට ඔහු නටනා බව ජනතාව හදුනා ගත් අතර වේදිකාවට ඉදිරියෙන් රැස්ව ප්‍රීති ‍ඝෝසා කළ පිරිස දුටු ජෙනරාල් ජයග්‍රහණය පිළිබදව තිරසාර බවක් ඇති කරත්තේය.එතැන් සිට තම කට අසංවර ලෙස මුදා හැරියේය. අපේ රටේ චන්ද දායකයෝ මීට දශක දෙක තුනකට පෙර මෙන් දැන් රැවටීමට නොහැකි බව තවමත් මේ ඇත්තෝ තේරුම් ගෙන නොමැත. ඔවුන් මේ ඡන්ද මුදලාලිලාට ඉදිරියෙන් සිටින බව තවමත් එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් හදුනා ගෙන නැත.
චන්ද දායකයනට රට වෙනුවෙන් උදාර පරමාර්ථ තිබේ. පුද්ගලික මතවාද වෙනුවෙන් රට උගසට තබන්නට ඔවුන් සූදානම් නොවෙති.
අද දකින්න ලැබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් දේශපාලන වේදිකාවේ සරත් ෆොන්සේකා පෙන්වා ඔවුන්ගේ බඩ වියත සුරක්ෂිත කර ගැනීමට ගන්නා උත්සහායකි.
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී හිටපු හමුදාපතිව සිට මේ තත්වයට මුහුණ පෑවා නම් ජනතාව සරත් ෆොන්සේකාට පක්වෂ වීදී බසින්නට කිසිවෙකුගේ පෙළඹවිමක් අවශ්‍ය නොවනු ඇති බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නට මේ ඉරණම අත් නොවෙන බවත් කඩුල්ල උප කල්පනය කරන්නකි.
ඒ ලාංකීය දේශපාලනයේ ඇති හැඩ රුව සහ ගුණ සුවදයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන් සතු අක්කර දහස් ගානක් ඉඩම් පුතිසංස්කරණ නීතිය යටතේ රජයට පවරා දී තිබියදීත් ඉතා සුළු ඉඩම් ප්‍රමානයක් පිළිබදව එතුමිය‍ගේ ප්‍රජා අයිතිය අහිමි කලේ දේශපාලනයේදී එතුමිය ජේ.ආර්.ගේ ප්‍රබලම තරගකාරිණියවු නිසාය . දේශපාලනව එතුමිය නිහඩ කර තැබීමේ අවශ්‍යතාවයටය. එසේ නුනා නම් ජේ.ආර්ට පළමු රජ කාලයෙන් එතෙරට යාමට නොහැකි වනු ඇතැයි ඔහු සිතුවේය . සරත් ෆොන්සේකාගෙන් එවැනි අනතුරක් රාජපක්ෂලාට ඇතිවන්නේ නැත.

රජුන් සමග අත්වැල් බැද ජීවත්වීම පහසුය. එසේ අත්වැල් බැද සිට හොරකම් කර වංචා කර යම් යම් රාජ්‍ය දුෂණ කර ඇත්නම් ඔවුන්ට එරෙහිවීම අනතුරුදායකය. තමන්ගේ තුරුම්බු බලවතුන් අතට පත් කර ඇති විට තමන්ට එරෙහි වන්නන් මෙල්ල කරගැණිමට ඒවා යොදවා නීතිය ක්‍රීයාත්මක කරන බව සමහර නීති ක්‍රීයා තුලින් අපට හදුනා ගැනීමට හැකිය.
සරත් ෆොන්සේකාද හමුදාපති පදවියේ සිට තම තනතුර වපසරියේ නීත්‍යානුකූලව කටයුතු කර එලියට බැස්සා නම් මේ එක චෝදනාවක්වත් එල්ල කිරීමට ආණ්ඩුවට බැරිවන්නේය. බියවීමට කරුණු ඇතිවන්නේද නැත. එහෙත් මේ එල්ල කරන චෝදනා අනුව නිවරදි කාරයා වන තෙක් එසේ කටයුතු කලා යයි ජනතාවට තහවුරුවන්නේද නැත.
සරත් ෆොන්සේකා වරදක් කර නැත්නම් තමන් නිවරදි නම් නීතියට බියවිය යුතුද නැත. තමන් නිවරදි නම් මේ මඩ දියවී සුදු පැහැයෙන් බැබලෙන්න ඔහුට හැකිය. එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් නීතිය මහ පාරේ අභියෝගයට ලක් කර වීදී බැස විකාර කර රටවැසියනට වැරදි පූර්වාදර්ශ ලබා දීම නම් සුදුසු නැත. නීතිය අභියෝගයට ලක් කල යුත්තේ නීතී රාමුව තුල සිටමය.ඔවුන් එසේ ක්‍රියාත්මකව සරත් පොන්සේකාට උදවි විය හැකිය.

පසුගිය දිනක ස්වර්නවාහිණී ප්‍රවෘත්ති තුලින් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මුවන් ජෝඩුවක් පන්සලක් තුල ඇති කිරීම නිසා එය වන ජීවි අණ පනත් යටතේ වරදක් බව පෙන්වාදී, මුවන් ජෝඩුව නිදහස් කරගෙන යාමට පොලිසිය හා වන ජීවී නිලධාරීන් උත්සහා කරන අන්දමත සහ එම භික්ෂූන් වහන්සේ පන්සල් දොර ටුවේ බිම වැතිරී මුවන් ජෝඩුව වන ජීවි නිළදාරින්ගේ භාරයට ගැණීමට අවහිර කරන අන්දමත්, එම භික්ෂූන් වහන්සේ මෙම නීතී ටයුත්තට අවහිර කර තාවකාලිකව ජයගන්නා අන්දමත් , අධිකරණ නියෝගයක් රැගෙන එන බව පවසා එම නිලධාරීන් පිටව යන අන්දමත් විකාශණය කලේය. රටේ සියල්ලෝම නීතිය මේ ලෙස නීතිය අභියෝගයට ලක් කරන්නේ නම් අනාගතයේ කුමක් සිදුවිය හැකිද ?.

කඩුල්ල මුලින් සදහන් කලාක් මෙන් මේ රටේ සැම තරාතිරමකම ඇත්තන් සිදුකරන දූෂණ,වංචා වෙනුවෙන්ද සරත් ෆොන්සේකාට මෙන් නීතිය සමානව ක්‍රියාත්මක වීම වැදගත්ය . එහෙත් අවාසනාවට එසේ නීතිය සක්‍රීය වන්නේ බලවතුන්ට එරෙහි වීමෙන් පමනක් නම් එයින් සමානාත්වය සහ සාධාරණය විද්‍යාමාන වන්නේ නැත.

Advertisements

One comment on “හොරුත් සමග හෙළුවෙන්.

  1. ලිපිය කියවූ මට ඉමහත් ශෝකයක් ඇතිවිය. ඔබ සරම කඩුල්ලේ පටලවාගෙන ඇති බවක් හැඟී යයි.
    1. උපදේශකයන් පිරිවරා මැතිවරන ව්‍යාපාරය මෙහෙයවූ වසර 40 ක අත් දැකීම් ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමග සරත් ෆොන්සේකා සැසදීම.
    2. මාධ්‍ය හැසිරුණ අකාරය ගැන දැනීමක් නොමැති වීම.
    3.මෙතෙක් නොලැබුණු 2500 ක මුදල ගැන බලාපොරොත්තු තබාගැනීම හා හම්බන්තොට වරායට එම මුදල් යොදා ගත්තාය කියා ස්වයං වින්දනයක් ලබා ගැනීම.
    4. රජුන් සමග අත්වැල් බැඳ සිටියානම් වරද හෙලි නොවන බව.
    5.(එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් නීතිය මහ පාරේ අභියෝගයට ලක් කර වීදී බැස විකාර කර රටවැසියනට වැරදි පූර්වාදර්ශ ලබා දීම) එතකොට ප්‍රජාතත්ත්‍රවාදය ?(ඉඩි අමින් පුනරාවර්තනය)
    6.ස්වර්නවාහිණී ප්‍රවෘත්ති තුලින් පෙන්වන කුණු පුවත් වලින් මෝඩ වින්දනයක් ලබා ගැනීම.
    7. අවසානයේදී මැදහත් බවක් පෙන්වා ලකුණු එකතු කරගැනීම.
    ඔබගේ මෙම ලිපිය තුලින් දැකීමට හැකි කරුණු වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )