උස්සන්ගොඩ.USSANGODA






තංගල්ල – හම්බන්තොට මාර්ගයට සමීපව පිහිටි හෙක්‌ටයාර 712 ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතිය කළමැටිය අභය භූමිය ලෙසින් හැදින්වේ. ඒ අතරින් හෙක්‌ටයාර් 111 ක්‌ පුරාවිද්‍යාත්මක උරුමයන් ලෙස ද නම් කොට ඇති උස්‌සන්ගොඩ හම්බන්තොට වරාය වැඩ බිම බලන්න යන එන අයගේ අවධාණයට ලක් වන භූමි භාගයකි.
රාවානා පුරාවෘත්තයට අනුව නම් උස්සන්ගොඩ ගුවන් තොටුපලකි. රාවනාගේ “දඩු මොනරය” සීතා දේවිය සමගින් ගොඩ බට ස්ථානය උස්සන්ගොඩ රතු පස් සහිත භූමියයි. බලි තොවිල් වලදී කියවෙන යාදිනි, මංගර හෑල්ල,මහසොහොන් සමයම,දෙවෙල්මඩු වලදී කියවෙන යාදිනි වල උස්සන්ගොඩ ගැන සදහන්වේ.
උස්සන්ගොඩ පිහිටි රතු පස් නිකල් . ප්ලැග්ටිනම් වැනි ලෝහ සංයුතියකින් යුත් බව වර්තාමානයේ හදුනා ගෙන තිබේ.නොවිකුනන දෙයක් නැති අපේ ඇත්තෝ තවමත් මේ නිධිය අලවි කිරීමට අවධාණය යොමු නොවී තිබීම නම් පුදුමයකට කරුනකි.
මේ පරිසරය නැරඹීමටත් මුහුදේ නෑමට පැමිනෙන සමහර අයත් ඉතිරි කර යන පොලිතීන් , පොලිතීන් බදුන්, මධු විත හිස් කල වීදුරු බෝතල් තැන තැන විසිර තිබේ.

ඒ අපි පරිසරයට ආදරේ කරන අයුරු සජීවව දැකීමට ඇති නිදසුන්ය.

2 comments on “උස්සන්ගොඩ.USSANGODA

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )