සුසන්ත අරුණ බංඩාරගේ සොහොන මත ඉදිකරන මාළිගාව.


රුහුණු විශ්ව විද්‍යාලිය සිසු සුසන්ත අරුණ බංඩාර ගේ මරණය පසුගිය සතියේ අවධානයටත් කතා බහටත් පත් වු පුවතක් විය.මේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කතා දෙකකකුත් ( මේවා කතා ලෙස හැදින්වීමට කැමැත්තෙමි). උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කතාවකුත් , අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංවිධාණය සහ ජනතා විමුක්ති පෙරමුණ තව කතා දෙකකුත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අපට අසා බලන්නට ප්‍රචාරය කරන ලදී.

සුසන්ත අරුණ බංඩාර ගේ අයිතිය නිසැකෙන්ම දෙමව් පියන්ට ඇති අතර මරණයේ අයිතිය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංවිධාණය සහ අන්තර් විශ්ව විද්යාතලීය ශිෂ්‍ය මධ්‍යස්ථානය ( ආණ්ඩුවේ කට්ටිය) බෙදා ගෙන තිබුන බවක් සහ බෙදා ගන්න සටනක් ද තිබු බවක් පැහැදිලිව දක්නට ලැබිණි.

වරක් කඩුල්ල අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංවිධාණයට ප්‍රාදේශීය විශ්ව විද්‍යලයක සිට නායකත්වයක් දුන් සාමාජික දරුවෙකු හට මේ කටයුතු අත්හැර තම අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර ගෙන පංති සාමාර්ථයක් ලබා ගැණීමට මෝඩ උපදෙසක් දෙන ලදී.

විශ්ව විද්‍යාලයේ දැනට ඇති සියළු අධ්‍යාපන , මානව, සහ භෞතික සම්පත් ලබා ගෙන ඇත්තේ ඔවුන් ගේ ශිෂ්‍ය ව්‍යාපාරයේ දැඩි කැපවීම සහ පරිත්‍යාග නිසා බව පවසමින් : ඔවුන් මේ ශිෂ්‍ය සටන් නොකරන්නේ නම් අනාගත පරපුරට අංග සම්පූර්න විශ්ව විද්‍යාලයක් ඇති නොවන බව දැඩි ආවේගයෙන් තර්ක කල බැවින් කඩුල්ලට සිදුවුයේ බණට වාඩිවු උපාසකයෙකුට මෙන් මේ දරුවාට සවන් දීම පමනි.

එහෙත් ඇත්තටම මෙම ආයාතන තුල සිදුවන්නේ කුමක්ද ?.

මේ දරුවා උදාහරණයට ගත් විශ්ව විද්‍යාලයේ උපත කඩුල්ල දකින්නේ ඕපාපාතිකව සිදුවූවක් ලෙසිනි. මීට දශක දෙකකට පමණ පෙර විශ්ව විද්‍යාල අනුබද්ධ ආයාතනයක් ලෙස බිහිවන මෙම ආයාතනයට භෞතික සම්පත් ලෙස හිමිවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් කාර්යාල සහ නිල නිවාස සමූහයකි. කාර්යාල සහ නිල නිවාස සමූහය ඉදි කිරීමට පෙර මෙම භූමිය ප්‍රදේශය අසංවර්ධිත කොටසක් ලෙස පැවතියේ ජලය ලබා ගැණීමට කොහෙත්ම නොහැකි භූමි ප්‍රදේශයක්වු බැවිනි. එබැවින්ම කලාන්තරයක් තිස්සේ ජන ශූණ්‍ය ප්‍රදේශයක්ව පැවතිනි. පවුල් දහයකටවත් ප්‍රමානවත් ජල සම්පත් නොමැති මෙම භුමි ප්‍රදේශය අද හාර පන් දහසකට නවාතැනකි.

මෙම හිස් භූමියේ ජන ශුන්‍ය බව පමනක් සලකා විශ්ව විද්‍යාල අනුබද්ධ සමයේ දඩි බිඩියේ ඉදි කල දේශණ සාලා කිහිපයක් සමග ස්වාධීන විශ්ව විද්‍යාලයක් බවට පත් පත් කරන ලදී. මෙයට දේශපාලන සහ වෙනත් මග පෙන්වීම් ද ඇතිවිනි.කාලය දශකයක් පමණ ගෙවි ඇති මෙ වන විටත් පාලක පක්ෂයට අති විශාල ජනගහනයට ප්‍රමානවත් පහසුකම් ඇති කිරීමට හැකියාවක් තවමත් ලැබී නැත. වර්තමාන තත්වයට සුදුසු ලෙස සංවර්ධණය වීමට සැලසුම් ඇතත් ක්‍රියාත්මක විමට ප්‍රතිපාදන නැතිකමින් ඒවා සම්පූර්ණ වන්නේ ඉබි ගමනිනි.

මේ තත්වය අද සටනක් වී සිසුන් වීදි බැස උද්ඝොෂනය කරන තැනට පත්ව ඇති බව අපට පැහැදිලි කිරීමට හැකි වුවත් සවන් දෙන්නෙක් නම් ශීෂ්‍ය ප්‍රජාව අතර නැත.
මෙම දරුවන් අධ්‍යාපනය පසක තබා සටන් කරති. පංති තහනම් කර ගනි. ශිෂ්‍යභාවය නැති කර ගනිති.ඔවුන් සිතන්නේ අනාගත සිසු පරපුර වෙනුවෙන් කැප කිරීම් කරන බවකි. ඇත්තෙන්ම සිදුවන්නේ එය නොවේ .

මෙම දර්ශණ රටටම පෙන්වමින් මේ අපේ වැඩ කියා ගන්නා පිරිසක් රජ වෙන්න වලි කයි.එය සිසුන් අවබෝධ කර නොගනී.
රජයකට සියළු අංග වලින් සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් එකවර මවන්න බැරි නිසා වෙන් වාර්ෂිකව යම් යම් ඉදිකිරීම් සහ ඊට අනුරුප මානව සංවර්ධණ වැඩ පිළිවෙළක යෙදි සිටින බවක් අප දකිමු. එම වැඩ පිළිවෙල මන්දගාමීව ඇදී යන බවක් අපට තේරුම් ගත හැක.
කවුරුන් මොන ලෙස සටන් කලත් මේවා ඒ ආකාරයෙන් ඇදිම වලක්වා ගත නොහැකි වන්නේ මුදල් ප්‍රතිපාදන නොමැති කමයි.

මෙම සංසිද්ධිය පවතින රජයට විරුද්ධ කොටස් සටන් කර අයිතිවාසිකම් දිනාගත යුතුය යන මුවාවෙන් තම දේශපාලන පක්ෂ අළවි කර ගැනිම සදහා ප්‍රචාරත්මක ව්‍යාපාරයට දරුවන් ක්‍රියාන්විතයක් ලෙස දරුවන් යොදා ගැණිම මනාවට සිදුකෙරේ.
මේවාට අතකොළු වන්නේ මා සමග කරුණු ඉදිරිපත් කල දරුවාට මෙන් විෂ පොවන ලද අපේ දරුවෝ යයි කඩුල්ලට සිතයි.

කඩුල්ලට දන්නා දෙමවිපියන් කිහිපදෙනෙකුම දරුවෝ විදේශීය උසස් අධ්‍යාපනය කරා යොමු කලේ මෙරට විශ්ව විද්‍යාලවල පවතින පහසුකම් මද නිසා නොවේ. මෙම දරුවන් විශ්ව විද්‍යාලයට ගොස් උපාධිය ලබා ගැණීමට ගන්නා කාලයට අඩු කාලයකින් විදේශීය විශ්ව විද්‍යාලයකට ‍ගොස් උපාධිය ලබා ගෙන පැමිණිය හැකියයි උපකල්පනය කරමිනි. ඔවුන් මෙරට විශ්ව විද්‍යාල තුල පවතින අනාරක්‍ෂිත තත්වයත් සහ අර්බූදකාරි තත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කර ගැනීමත් පරමාර්ථ කරගන්නා ලදි.

මෙ ලෙසින් කටයුතු කිරීමට නොහැකි දෙමව්පියන් අමාරුකම් මැද්දේ තම දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු කල විට අතලොස්සක් පිරිස මෙම දරුවන්ටද බාධා වෙමින් කටයුතු කරන බව රහසක් නොවේ.
විශ්ව විද්‍යාල සිසුන් වැඩි පිරිසක් අධ්‍යාපන කටයුතු නිදහසේ කර ගෙන යාමට කැමත්තෝ වෙති. ඔවුන්ට බාධා කරන්නවුන් සංවිධාණයේ හෝ මධ්‍යස්ථානයේ සිටියද එකම වර්ගයේ යක්‍ෂයන් පිරිසක් ලෙස අධ්‍යාපන කටයුතු නිදහසේ කර ගෙන යාමට කැමති පිරිස විසින් හදුන්වති.

සුසන්ත අරුණ බංඩාරද මෙම යක්‍ෂයින් විසින් විනාශ කරන ලද එක් බිල්ලකි. ඔවුන් මේ වලිකන්නේ සුසන්ත අරුණ බංඩාර වැන්නන්ගේ සොහොන මත ඔවුන්ගේ මාළිගාව ඉදිකිරීමටයි.
මෙය අද දවසේ අප තේරුම් ගත යුතු සත්‍යයයි.

One comment on “සුසන්ත අරුණ බංඩාරගේ සොහොන මත ඉදිකරන මාළිගාව.

  1. මේක තේරුම් ගන්න තරම් බොහොමයක් දෙනාට මොලේ නෑ… තිබුනත් හරියට පාවිච්චි වෙන්නේ නෑ.. මම දන්න කීපදෙනෙක් ඉන්නවා විශ්ව විද්‍යාලෙට තේරුණත් ඒක අතහැරලා රසායන විද්‍යා ආයතනයේ උපාධිය කරලා හොඳ ‍හොඳ තැන්වල ඉන්නවා… ඒ අය අවුරුදු 4න් උපාධියත් කරලා පශ්චාත් උපාධිත් කරලා බොහොම හොඳට ඉන්නවා…
    ඒ ආයතන වල මේ කිසිම අරගලයක් නෑ… තියෙන එකම අරගලය පන්ති අරගලය… ඒ කියන්නේ ප්‍රථම පන්තියේ හෝ දෙවන පන්තියේ සාමාර්ථයක් ගන්න තියෙන අරගලය….

    විශ්ව විද්‍යාලවලට විනයක් ලබා දෙනතුරු මොලේ පෑදෙන්නේ නෑ…. වෙනත් රටවල විශ්ව විද්‍යාල ඇතුලේ පොලීසි තියෙනවා… ආරක්‍ෂාවට… අපේ උන් හිතන්නේ පොලීසියක් දාන්නේ උන්ට ගහන්න කියලා….
    ජේවීපී එක ගියෙන තාක් කල් ව්ශ්ව විද්‍යාලවල ප්‍රගතියක් දකින්න ලැබේවිද කියලා බොහොම සැක සහිතයි…
    ඔබතුමාගෙ ලිපිය නම් මසුරන්…

    මෙයට
    ඇල්කෙමියා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )