ලෝකාන්තය මායිමේ ඛෙදාන්තය.


ලෝකාන්තයට යන්න තියෙන එක් මාර්ගයක් ලෙස කඩුල්ල බෙලිහුල්ඔය -නොන්පෙරියල් මාර්ගය හදුන්වා දුන්නා.
නොන්පෙරියල් වතුයාය අවසන් වන්නේ හෝර්ටන් තැන්න මායිමේ පිහිටි “නාගරක්” කියන කොටසෙන්. මෙම කොටසේ ද්‍රවිඩ පවුල් හැටක් පමණ ජීවත් වනවා. මොවුන්ගේ ජීවන වෘත්තිය කම්කරුවන් ලෙස එම වත්තේ සේවය කිරීමයි. මෙම ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නය ගමනා ගමන පහසුකමක් නොමැතිවීමයි. නාගරක් කොටසේ සිට කිට්ටුම පිහිටි (නොන්පෙරියල් ) විවේකානන්ද දෙමළ විද්‍යාලයට කිමි 09ක් දුර ගෙවා ගෙන පයින් එන්න ඕනි. මෙම වතු මාර්ගයේ කිසිදු ප්‍රවාහන පහසුකමක් නැහැ. නෙලා ගත් තේ දළු ප්‍රවාහනය කිරීම සදහා දිනපතාම හවස පහට හයට නාගරක් කොටසට එන නොන්පෙරියල් වත්තේ ලොරිය තමයි ඔවුන්ට තිබෙන එකම ප්‍රවාහන පහසුකම.
මේ නිසා මෙම ද්‍රවිඩ පවුල් වල කිසිදු දරුවෙක් අකුරු කරන්නේ නැහැ.දෙමළ නොව කිසිම භාෂාවක අකුරක් වත් නොදන්න දෙමව්පියන් 90%ක් පමන ඔවුන්ගේ අනාගත පරපුරටත් තමන්ගේ ඛේදවාචක ඉරනම තවදුරටත් ඉතිරි කරලා. මේ සදහා පිලියමක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙත් තමන් සදාකාලිකවම කඹුරන නොන්පෙරියල් වත්තේ කළමනාකරණයටත් නැහැ.
පාසල් යන වියේ දරුවන් නිවසේ රදවා ගෙන ඇත්නම් එය වැලක්වීම සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යන්හි සේවයේ නියුක්ත පරිවාස නිළදාරින් සහ අධ්‍යාපන නිලධාරීන් සොයා බලා කටයුතු කරන වැඩ සටහනක් තියෙනවා. එම වැඩ සටහන මගින් එවැනි දරුවන් සොයා ගොස් දෙමව්පියන් දැනුවත් කරමින් දරුවන් පාසල් කරා යොමු කරන උපදේශන සේවාවක් ඇති බව කඩුල්ල අහලා තියෙනවා.අධ්‍යාපන නිලධාරින්ට පාසලට ලමයි නොයවන දෙමව්පියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලතල තියෙනවා. මෙතෙන්දී වරද කරන්නේ මේ කම්කරු පවුල් වහල් සේවයේ යොදා ගෙන තියෙන වතු පාලනාධිකාරිය. ඔවුන්ට මේ දරුවන් හට අඩු තරමින් අකුරු ලියන්න කියන්න වැඩ පිලිවෙලක් සකස් කර දෙන්නට තරම්වත් යුතුකමක් සහ වගකීමක් තියෙනවා. උදේට ලමයි ටික නොන්පෙරියල් විවේකානන්ද පාසලට ගෙන එන්න තරම් සංවේදී හදවතක් වත්තේ කළමනාකරණයට නැහැ.
මේ දරුවන් ජීවත් වන්නේ ප්‍රධාන මාර්ගයේ සිට කිමි 19ක් ඈත නිසාවෙන් සහ ප්‍රවාහන පහසුකම් නැති නිසාවෙන් අධ්‍යාපන හෝ පරිවාස නිලධාරින්ගේ ඇස මේ දරුවන් හා ගැටෙන්නේ නැහැ.ඔවුන් දැනුවත් කලත් පළමු ප්‍රශ්නය එහෙට යන්නේ කොහොමද ?.දෙවනි ප්‍රශ්නය වෙන්නෙ පිටස්තරයෙකුට නවාතැන් ගන්න තැනක් නෑ කියන එකයි.කඩුල්ල මේ ඛේදවාචකය සුන්දරත්වය සොයා යන චාරිකාවක හමුවුන අසුන්දර මතකයක් ලෙස සටහන් කරනවා.

මේ විසි එක්වන සියවසයි.එහෙත් ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ තාමත් සුද්දන්ගේ කාලේ ?.

නාග්රට් කොටස හදුන්වන පුවරුව


නාගරක් කොටසට ඇති එකම ප්‍රවාහන පහසුකම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )