බෙලිහුල්ඔය සිට හෝර්ටන්තැන්නට


හෝර්ටන්තැන්නේ මායිම -නොන්පෙරියල් වත්තේ නාගරට් කොටස

මායිමේ පිහිටි නොන්පෙරියල් වත්තට අයත් වතු බංගලාව

සුන්දර දසුන්.

සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ 4 මාර්ගයේ කොළඹ සිට 167 -171වෙනි කිලෝමීටර අතර ප්‍රදේශයේදී බෙලිහුල්ඔය ග්‍රාමීය නගරය හමුවේ. ආසන්තම ප්‍රධාන නගරය බලන්ගොඩ වන අතර බලන්ගොඩත් – බෙලිහුල්ඔයත් අතර දුර කි.මි 15.9කි.
බෙලිහුල්ඔය 170 කිමි.ය පසුකර මීටර් 500ක් පමණ දුරක් බදුල්ල දෙසට යන විට නොන්පෙරියල් වත්තට යන අතුරු මාර්ගය හමුවේ. මෙම මාර්ගයේ කිමි 29ක් දුර ගෙවන විට හමුවන්නේ හෝර්ටන්තැන්නේ දකුණු මායිමයි. මෙම මායිමෙන් හෝර්ටන් තැන්නට පිවිසෙන වනගත මාර්ගයක් ඇති අතර එම මාර්ගය “ලෝකාන්තය” ලෙස අප හදුන්වන ස්ථානයෙන් හෝර්ටන් තැන්නේ නිල මාර්ගයට සම්බන්ධවේ.මෙම මාර්ගය වර්තමානයේ අනවසර මාවතකි.
ප්‍රසන්නගේ පිටුවේ මේ සම්බන්ධව යම් යම් තොරතුරු වියමන් කර ඇත.

මග දෙපස විවිධ පරිසර පද්ධතීන් දැක බල ගැනීමේ අත්දැකීමක් ලෙස නොන්පෙරියල් වත්ත මැදින් හෝර්ටන් තැන්නට යාම සදහන් කල හැක.මෙම ගමන සදහා ජීප් රියක් වැනි වාහනයක් යොදාගැනීම කල යුතුම කටයුත්තකි.එසේ නැතිනම් නොන්පෙරියල් වත්තේ කර්මාන්ත ශාලාව දක්වා ( කිමි.9 ) සාමාන්යත වාහනයකින් යා හැකි අතර ඉතිරි දුර යායුතු වන්නේ පා ගමනිනි.
මෙම මාර්ගයට අමතරව බෙලිහුල්ඔය තානායම අසලින් ඇති බෙලිහුල්ඔය – ඉහල ගලගම මාර්ගයේ ගල්පොතුතැන්න නම් ස්ථානයෙන් හැරී කිමි 10 ක් පමණ දුර ගෙවන විට හෝර්ටන්තැන්නේ දකුණු මායිමට ලගා විය හැකි මාර්ගයක් තිබේ. මෙම මග සම්පූර්ණයෙන්ම ගෙවා යා යුත්තේ පා ගමනිනි. අති දුෂ්කර දූර්ගයක් පසු කර යුතු මේ ගමන සුන්දර අත්දැකීමකි.

ඈතින් පාර පේන හැටි

බේකර් වංගුව

බේකර් වංගුව සමීපව

3 thoughts on “බෙලිහුල්ඔය සිට හෝර්ටන්තැන්නට

    1. කඩුල්ල

      අනවසර මාවතක් කියලා සදහන් කලේ හෝර්ටන් තැන්නට විධිමත් ලෙස ඇතුල්වීමට ප්‍රවේශ මාවත ලෙස නම් කරලා තියෙන්නේ ඔහිය සහ නුවරඑළිය පැත්තෙන් එන මාර්ග පමනයි. මේ මාර්ග වන නිළධාරීන්ගේ අධීක්ෂනයට යටත්ව පාලනය වනවා. එහෙත් බෙලිහුල්ඔය පැත්තෙන් තිබෙන මාවත එසේ පාලනයක් නැහැතපුවේශ පත්‍ර ගන්නත් ස්ථානයක් නැහැ.
      මේ ගැටළුව නිසා වනාරක්‍ෂක නිළධාරීන්ගේ ප්‍රස්න කිරීම් වලට ලක් වන්න පුළුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න