මිලි බෑන්ඩ්ලගේ කෙනෙහිලි කම්


මැතිවරණයට පෙර නම් විමල් වීරවංශ කියලා කෙලින්ම නම කිව්වත් තරහා යන එකක් නෑ. ඒත් දැන් භාරධුර ඇමති වරයෙන් නිසා ඇමති තුමා කියන්න එපාය.

ඇමතිතුමාගේ අනුගාමිකයෙක් එහෙම නෙමෙයි කඩුල්ල. ඒත් පහුගිය දවස් වල කරපු උපවාසේ නම් නියමයි. අපි හිතා ගෙන හිටියේ කතාවට විතරක් ‘රට‘ කියලා දැනුයි හිතෙන්නේ කතාවට විතරක් නෙමෙයි හදවතින්ම ‘ රට ‘කියලා.පසුගිය කාලේ මහින්ද මහත්තයත් එක්ක යුද්ධය පැත්තට රට හරවලා අනෙක් ප්‍රශ්න පත්‍ර වලින් රට නිහඩ කරන කොටත් මැතිවරන වලදිත් ඇමති තුමා ගේ කතා රට එක දිසාවකට යොමු කරවන්න මහත් සේවාවක් කලා. ඒ ‘කට ‘දොඩ වන්නේ ‘ඇගෙන්මයි‘ කියලා උපවාසෙන් තමයි ඔප්පු වුනේ.

ඇමති නෙනෙක් කවදාවත් ඔය වගේ දුෂ්කර ක්‍රියාවකට යන්නේ නෑ මේ සම්මජාතියේ . විදිනා සැප සම්පත් අතහැර දාලා මොහොතකටවත්.ඒත් ඇමති තුමා ඒක කලා. උපවාසෙන් මිලි – බෑන් චූන් වුනාද? – අකුල ගත්තද ? කියලා බලන්න ඕනි නෑ. ඇමති තුමා ගේ මේ ඉදිරිපත් වීම විතරක්ම අති විශිෂ්ඨයි.

කඩුල්ලට වැරදි විදියට පේනවද මන්දා.
මේ වැඩේදිත් එජාපය ගත්තේ ‘බෑන් චූන්‘ ගේ පැත්ත. අපිට යුරෝපා ප්‍රජාව කචල් දාන්නේ කොයි කාලේ ඉදන්ද ?. රටේ වැඩිපුර ඉන්න ජනතාව මේ ජාත්‍යන්තර කෙනෙහිලි කම් අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් ඒ පැත්තට කතා කරන කොට එජාපය ගොඩ එන්නේ ජාත්‍යන්තර මැතිවරණයක් තිබ්බොත් විතරයි . අපි ගැන තාම අදහසක් එජාපයට නෑ. ඒක නිසා එජාපය විපක්‍ෂයටම සින්න වෙනවා. මේක තේරුම් අර ගෙන ආණ්ඩුව රට බඩගින්නේ තියාගෙන ජාත්‍යන්තරට ලංකාවේ මාධ්‍ය වලින් කචල් දාලා අපිට පේන්න වීර චරිතය රගපානවා.

ඔය යුරෝපා ප්‍රජාවට සිංහල දෙමල අපි කාගෙත් අයිතිවාසිකම් අවුරුදු තිහක් තිස්සේ මතක නැති වෙලා තිබුනා – පෙනුනේ නෑ. යුද්ධයකුත් එක්ක හමුදාවට පිරිත් කියන්න බැහැ. ප්‍රභාකරන් යක්ෂ යෙක් වුනත් පිරිත් වලට බය නෑ . පාවිච්චි කලේ බෝම්බ තුවක්කු වගේ දේවල්. ඒවට පිලිතුර මෛත්‍රියෙන් බෑ කියලා අවුරුදු තිහක් තිස්සේ අත්දුටුවා. ඒ නිසා ඔය තරමින් කරගත්තා ඇති.

මේ මගේ රට – මේ රටට ආදරෙයි කියලා කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් පෙන්නපු ඇමති තුමා ට තියෙන්නේ ආණ්ඩුවට ඔය එක එක බැංකු වලට ණය අයදුම් පත් දාන්නේ නැතිව තියෙන හැටියට වැඩ කරන හැටි උගන්වන එකයි. රටේ තියෙන නාස්තිය නැති කරලා -කාර්යක්‍ෂමතාවය වැඩි කරන එක උගන්වන එකයි. ඒක ඉගනගත්ත දාට එක එක බෑන්ලා ට අපිට ජාති දාන්න නිකම්ම බැරි වෙනව.

බොහෝ ඇමතිවරුන්ට රටට වඩා වැදගත් වෙනත් දේවල් තියෙනවා.ඒවා කරන විට රට අමතක වෙලා බඩ මතක් වෙනවා. අපි හැමදාම ණය වෙනවා.

ලෝකෙට ණය වෙන එක අත් හිටවන්න පුළුවන් නම් උපවාස ඕන වෙන එකක් නෑ.මිලි බෑන්ඩ්ලට අපේ රට ගැන සොයන්න කොමිසම් , උපදේශක කමිටු දාගන්න ඕන වෙන එකකුත් නෑ.
නය ඉල්ලන කම් මිලි බෑන්ඩ්ලගේ කෙනෙහිලි කම් නම් නතර වෙන්නේත් නෑ.

One comment on “මිලි බෑන්ඩ්ලගේ කෙනෙහිලි කම්

  1. obage kathawa 100% hari. ape aya rata wenuwen ekathu wela Ban ki moon ta wiruddawa inna one welawe Mr Wimal Weerawansa karapu waede mata nam wishwasa karanna wath bae. mokada Amathi kenek me wage wadak karanawa thiya hithanne wath na ne.Me wage thamange jeewithaya paraduwata thiyala karapu wade api paksha bedayen thorawa agaya karanna one. Mr WW ta apahasa kirimen apahasa kara ganne apitama kiyala apahasa karana aya dana ganna one.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )