පරෙයි දූපත – Pigeon Island.


පෙරවරු 1ට පමන

නිලාවෙලි වෙරලේ සිට මෝටර් බෝට්ටුවකින් විනාඩි 15 ක පමණ ගමනකින් පරෙයි දුපතට ලගා වෙන්න පුළුවන්. දූපත කොටස් දෙකක්. පරෙයි දූපත ට පුංචි පරෙයි දූපත කියලා හදුන්වන තවත් පොඩි දූපතකුත් අසල තියෙනවා.
පරෙයි දූපත දවල් කාලය නම් තද හිරු රැසින් නෑවිලා. මුවා වෙන්න ගහක්වත් නෑ.එත් මුහුද නම් හරි නිසංසලයි. දියේ බැහැලා ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒකටත් පොඩි අවහිරයක් වෙන්නේ කොරල් පර වලින් බිදිලා වෙරළට පාවෙලා ඇවිත් තියෙන කොරල් අවශේෂ කොටස් වලින් වෙරළත් නොගැඹුරු මුහුදත් පිරී තිබීමයි. මේවට අපේ අත් පා සීරෙනවා කැපෙනවා.මේ පුංචි බාදක නොසලකා හැරියාම පරෙයි දූපත සුන්දර ස්වභාව පරිසර නිර්මානයක්.
හිරු බැස යන වෙලාවට මුහුදේ සහ අහසේ මැවෙන අපූරු වර්ණ රටා අමතක කරන්න නම් බැහැ.දුපතේ නැගණහිර පැත්තේ නොගැඹුරු මුහදේ පුංචි පුංචි ලස්සන‍ මාළුවෝ අපිව දකින්න බලා ගෙන ඉන්නවා.
පරෙයි දූපතට යන කොට තමන් ගත කරන්න බලාපොරොත්තු කාලය ගැන හිතලා කෑම බීම අරගෙන යන්න ඕනී.විශේෂයෙන් වතුර ගෙනියන්නම ඕනි. යොදාගන්න බෝට්ටු කරුට අපේ කාල සටහන නොදුන්නොත් අපට ඔහුගේ කාලසටහනට වැඩ කරන්න සිද්ධ වෙනවා . මතක ඇතිව ගෙනියන බෝතල් , පොලිතීන් ආපහු ගේන්න වෙනවා . නැත්නම් මේ සුන්දර පරිසරය අනාගතයට ඉතිරි වෙන එකක් නැහැ.
පරෙයි දූපතට අපි ගෙන යන බෝට්ටු සේවය වර්තමානයේ සංචාරකයෝ ගසා කන ව්‍යාපාරයක්.කඩුල්ල 2009 අගෝස්තු මාසේ පරෙයි දූපතට ගියා. පුංචි එවුනුතු සමග දහයක කන්ඩායමක්පරෙයි දුපතට ගෙනයන්න බෝට්ටු කරු රුපියල් 2000/= ඉල්ලුවා. නඩේ ගුරාත් එකොලොස් වෙනියාත් වු කඩුල්ලට බෝට්ටු කරුත් එක්ක තර්ත විතර්ක කරලයි ගමනට එක් වෙන්න සිද්ධ වුනේ. කඩුල්ලට මේ බෝට්ටු ගමන පිලිබද නිසි අවබෝධයක් තිබුනේ නෑ. පර්ස් එකෙන් ඇදලා ගත්ත රුපියල් 2000/= සුද්දා වගේ ගෙවලා දැම්මා. යන්නයි එන්නයි විනාඩි තිහක් හෝ හතලිහක් ගතවෙන්න ඇති. මේවර අප නතරව හිටපු හෝටල් කරු වියදම අඩකට බැස්සුවම තමයි ඩීසල් වියදමත් එක්ක මේ ගාන නම් සාධාරණ නැහැ කියලා හිතුනේ. කඩුල්ල මීට වඩා දුර මුහුදු ගමනක් වු නාගදීපයට යන්න වැය කලේ රුපියල් විස්සයි. දහ දෙනෙකුට රුපියල් 200/=යි.

මේ පැත්ත ගැන වගකියන නැගනහිර පලාත් සභාවේ සංචාරක ඇමති තුමා දන්න කෙනෙක් ඉන්නවා නම් මතක් කරන්න මේ අව නඩුව.

Pigeon Island is situated 1km off the coast of Nilaveli. Just a few hundred meters offshore Nilaveli beach. (About a 15 min outboard motor boat trip) . The island‘s name derives from the rock pigeon. Pigeon Island contains some of the best remaining coral reef of Sri lanka’. Pigeon Island consists; large pigeon island and small pigeon island. The large pigeon island is fringed by a coral reef, and about 200m long and 100 m wide’ the small pigeon surrounded by rocky islets.

වෙරලේ ගොඩ ගැසෙන කොරල් අවශේෂ

වෙරලේ ගොඩ ගැසෙන කොරල් අවශේෂ

හිරු බැස යයි

ප‍රෙයි දුපතේ එකම ‍සෙවන

හිරු බැස යන සැන්දැ‍වේ සමුගතිමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )