පොල්රුප්පාවේ සිතිවිලි අතර – නිලාවේලි.


වැල්ලේ තාවකාලික නිවහන්

හෙට දවසෙත් බත සරිකර ගන්නට මහ මුහුද පෙර මග බලා ඉන්නවා.

සීමා මායිම් වැට කඩොළු ජීවත්වන පරිසරයට තියා තමන්ගේ ජීවිතවලටත් නැහැ.

මේ පුංචි එකාගේ මුහුනේ තියෙන බලාපොරොත්තුත් ඒ වගේම වෙනවා නම් එයාටත් සැහැල්ලු සුව බර අනාගතයක් බිහි වේවි.


දින දෙකක්ම අපේ කන්ඩායමට ඕන වුනේ මූදේ නාන්න. කඩුල්ලට සිද්ධ වුනා පොල් සෙවනක පරිප්පු අලවි කරන්න. එහෙමයි නිලාවේලි වෙරලේ සුන්දරත්වය ගැන කල වියමන අවසන් කලේ.
පොල් තුරු සෙවනේ එහෙ මෙහේ ගිය හිත නතර වුනා නවාතැන් ගෙන සිටි ධීවර පවුල් කිහිපයක් වැල්ලේ ඉදිකර ගෙන තිබු තාවකාලික නිවහන් පෙලක් දැකලා.. කඩුල්ල සිතින් කෘෂි කාර්මික රටාවට හුරු වුන ගොවි ගමක පවුල් ගෙවන දිනචර්යාවත් සමග මෙම පවුල්වල දින චරියාවත් ගලපන්න උත්සහා කලා. මෙ දෙගොල්ලම පරිසර දෙකක ගත කරන්නේ එක වගේ ජීවිතයක් කියලා කඩුල්ලට හිතෙනවා. ත්‍රස්තවාදී කරදරයන්ගෙන් මිදුනු මේ ධිවර ජනතාව අද ජීවත්වෙන්නේ සැහැල්ලුවකින්. ඔවුන්ට තම ජීවිකාව පවත්වා ගෙන යාමට නිදහස් පරිසරයක් උදාවෙලා.
මේ දෙගොල්ලටම පාරිභෝගික භාණ්ඩ අවම දිවි පැවත්ම ඔවුන්ගේ ජීවිත වලට සැහැල්ලුවක්.
එකිනෙකා පරදවමින් යාන වාහන,සුවිසල් නිවෙස්, ඉඩ කඩම්, අත්පත් කරගන්න තරගයක යෙදී සිටින නාගරික අර්ධ නාගරික සමාජය පිටුපසින් ණය දෙන ආයතන , බැංකු .නිරන්තරයෙන් පිටු පසින් එලවමින් සිටිනවා.සල්ලි හම්බු කරන්න හමුබු කරන ප්‍රමාණය වැඩි කරගන්න නොයෙක් ශිල්ප ක්‍රම යොදවනා. නින්ද නැතිව දිවා රෑ මේ ගණුදෙනු ක්‍රම විධි තුලනය කරමින් මේ සමාජයේ සාමාජිකයන් සිතෙන් අහස පොලොව ගැටලන විට මේ ධිවර පවුල් වල සාමාජිකයන්ට – ඒ කිසි අතවරයක් නෑ. අතපය දිග හැර නිදහස් අවකාශයෙන් ගලා එන සුළං රැල්ලක සිසිලස සමගින් සුව බර නින්දක් හිමිවෙනවා. හෙට දවස දකින්නට.හෙට දවසෙත් බත සරිකර දෙන්නට මහ මුහුද පෙර මග බලා ඉන්නවා. සීමා මායිම් වැට කඩොළු ජීවත්වන පරිසරයට තියා තමන්ගේ ජීවිතවලටත් නැහැ.
මේ පුංචි එකාගේ මුහුනේ තියෙන බලාපොරොත්තුත් ඒ වගේම වෙනවා නම් එයාටත් සැහැල්ලු සුව බර අනාගතයක් බිහි වේවි.

මේ සිතිවිලිත් එක්ක බුදුරජානන් වහන්සේ දේශනා කල ධම්ම පදයේ ප්‍රිය වග්ගයේ සදහන් වන ජනප්‍රිය ගාථාවක් කඩුල්ලට සිහිපත් වුනා. මෙතනට එහි ගැලපීමක් ඇතිවෙයිද කියලා තර්කයක් ඇතිවෙන්න පුළුවන්. ඒත් අපේ මනස නොසන්සුන් වෙලා තියෙන්නේ නම් මේ තරගකාරී සමාජයේ තමන්ට හිමි කර ගන්න තියෙන ප්‍රමානය වැඩි කරගන්නා උත්සහාය නිසා කියලා කඩුල්ල නිලාවෙලියේ තනිවු පරිසරයේ සිට සිතන්නට පටන් ගත්තා.

තණ්හාය ජායතී සෝකො -තන්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස – නත්ථී සෝකො කුතෝ භයං?

අශාව නිසා ශෝකය උපදී – ආශාව නිසා බිය හට ගනී
ආශාවෙන් වෙන් වුවහුට ශෝකයක් නැත
එසේ නම් බියක් කොයින්ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )