මදුනාගල උණුදිය උල්පත්
උද්‍යනායක් ‍සකස් කර ඇත.
මදුනාගල උණු දිය උල්පත්.
ස්නානය කරන ජනතාව කන්නියා උණුවතුර ලිං
කන්නියා උණුවතුර ළිං
කන්නියා උණ්වතුර ලිං

ත්‍රීකුණාමලය සංචාරය සදහා යන බොහෝ දෙනා කන්නියා උණුවතුර ළිං වෙතද යනු ලබයි. ත්‍රීකුණාමලය නගරය සිට කි.මි 05 ක් දුරින් පුත්තලම පාරේ කන්නියායි වල කන්නියායි උණුවතුර ලිං පිහිටා තිබේ. මෙම ස්ථානය දැන් ත්‍රීකුණාමලය නගර සභාව මගින් නවීකරණය කර දියනෑමේ පහසුකම් වැඩි දියුණු කර ඇත.සටන් විරාම සමයේ කඩුල්ල කන්නියා වට යනු ලැබුවේ LTTE සාමාජිකයින් යයි සිතිය හැකි තරුනයින් අලවි කල රුපියල් විස්සක අවසර පත්‍රයක් මිළදී ගෙන සහ මානසික සැහැල්ලුවකින් තොරව අවිනිශ්චිත පරිසරයක් ඇතිව උවද වර්තමානය සැහැල්ලු සිතින් උණු දිය ළිං වෙත යාමට කඩුල්ලට හැකිවිය.

මදුනාගල උණුවතුර ළිං ඒ 18 මාර්ගය කි.මි. 66-67 අතරින් හැරි සුරියවැව මාර්ගයේ 11 වන කි.මි පිහිටි මහ පෑලැස්සේ., මදුනාගල උණුවතුර ( මපෑලැස්ස උණු වතුර ළිං ලෙසද හදුන්වයි.) ළිං පිහිටා තිබේ.දකුණු පලාත් සභාව මගින් දැකුම් කළු උද්‍යානයක් සේ නවීකරණය කර ඇති මෙ ස්ථානය සංචාරකයින්ගේ සනීපාරක්ෂ පහසුකම් ඉටුකර ගැනීම සහ උණු වතුර නෑම සදහා ඇදුම් මාරු කර ගැනීම ආදී පහසුකම සපයා දී ඇත.

කන්නියා උණු වතුර ළිං පිලිබදව ඇති ජනප්‍රවාදයක් ත්‍රීකුණාමලය නගර සභාව විසින් ඉදිකර ඇත් සටහන් පුවරුවේ මෙසේ සටහන්ව ඇත. “රාවනා රජු තම මවට පුද පූජා කිරීම සදහා කෝනේෂ්වරම් දේවාලයේ ඇති සිවරූපය රැගෙන යාමේ අරමුනින් භාවනා කර ඇත.මෙ සදහා දෙවියන්ගේ අවසරය නොලැබීම නිසා කෝපයට පත් රාවනා රජු කඩුවෙන් කපා සම්පූර්න කෝවිලම රැගෙන යාමට උත්සහා ගෙන ඇත. කෝවිල ගලවා ගැණිමේ උත්සහායේදී කොනේෂ්වරම් කන්ද සෙලවීම නිසා විමසිසිලිමත්වු දෙවියන් වහන්සේ කන්ද උසුලා ගැණීමේ උත්සහාය ව්‍යාවර්ත කිරීම සදහා තම මාපට ඇගිල්ල කන්ද මත තද කිරිම නිසා ඇතිවු පීඩනයෙන් කන්ද පත්ලේ සිටි රාවනා රජු කන්දට යට විය. මෙම පුවත රාවනා රජුගේ මවට සැලවීමෙන් පුතා මිය ගියේයැයි සැකයෙන් වු කම්පනයෙන් ඈ මියගියාය.
මෙහිදී ශිව දෙවියන්ගේ දර්ශණය රාවනා රජුට ලැබුන අතර ශිව දෙවියන් විසින් දීර්ඝා යුෂ සහ වීර කඩුවක් රජතුමාට දී ආශිර්වාද කර ඇත.
රාවනා රජු මවගේ මරණයේ අවසාන කටයුතු කිරීම සදහා අවශය ජලය ලබා ගැණිම සදහා මෙම කඩුවෙන් පොළව විද වතුර ලබා ගැණිමට උත්සහා දැරීමේදී සත් පොළකින්ම වතුර මතුවි ළිං හතක් බවට පත්විය. මෙම ජලය උණු වතුරෙන් යුක්ත විය.
කන්නියා උණු වතුර ළිං හතේ ඉතිහාසය ත්‍රීකුණාමලය නගර සභාවත් මෙම ජනප්‍රවාදය විශ්වාස කරන බවක් ප්‍රදර්ශණ පුවරුවේ සටහන් කියවන විට කඩුල්ලට සිතුනි.
හින්දු භක්තිකයන් විසින් අදත් රජතුමා විසින් මුල පුරන ලද පූජා විධි දානමය කටයුතු මෙම ස්ථානයේ සිදු කරනු දක්නට ලැබේ.

“හෝර්ටන් තැන්නේ සීතා අග්ගලා “වියමන සමග මහාචාර්ය සෙනරත් පරණ විතාරනයන්ගේ අදහස වු රාමා රාවනා වටා ගෙතුන කතා සාහිත්‍යමය නිර්මාන මිස ඉතිහාසය නොවන බව කඩුල්ල පල කලාය.උණු වතුර ළිං පිළිබදව භූගෝලීය විද්‍යාත්මක අදහස් පලවි ඇති මෙ සමෙහි ත්‍රීකුණාමලය නගර සභාව ඒවා අධ්‍යයනය නො කර ජනප්‍රවාද මතම යැපීම නම් නම් මෝඩ කමක් ලෙස කඩුල්ලට සිතිනි.
හම්බන්තොට මදුනාගල උණු වතුර ළිං සම්බන්ධයෙන් මෙවැනි ප්‍රබන්ධ ඇතත් , නැතත් දකුණු පලාත් සභාව එම උල්පත් වල ජලයේ සංයුතිය ප්‍රදර්ශණය කිරීමට තරම් ප්‍රබුද්ධව කටයුතු කර ඇත.
එම ජලයේ සංයුතිය කන්නියා උණු දිය උල්පත්වලටද ගැලපෙන්නට බොහෝ විට ඉඩ ඇත.
කඩුල්ල අනාගත වියමනක් තුල මෙම භු ගත විපර්යාසයන් ගැන කරුණු පලකිරීමට අදහස් කරයි.

එම ජලයේ සංයුතිය මෙසේය.

Temperature 44.0 0C , pH 7.0 ,conductity 7.1 smi,Total solids mg/1 5288,H20 mg/1 20.1,Cl mg/1 2590,(SO 4) 2 mg/1 138.4,(NO3 ) 2 mg/1 1.02,(Po4 )3 mg/1 3.7,SiO mg/1 54.9,Mg mg/1 4.80
Na mg/1 1110.0,K mg/1 22.6,Li mg/1 0.4,Fe mg/1 0.03,Zn mg/1 0.01,Pb mg/1 0.08 .