හෝර්ටන් තැන්න -2. සීතා අග්ගලා


මින් දශක තුන හතරකට පෙර හෝර්ටන් තැන්න අනවසර මැණික් ගරන්නන්ගේ පාරාදීසයක්ව පැවතිනි ‍මේ බව පෙර වියමනේද කඩුල්ල සදහන් කලේය . බස්නාහිර බෑවුමේ වැසියෝ යල මහ ගොවිතැන් කටයුතු වලින් විරාම ලැබු විට එම කාලය මැණික් ගැරීම පිණිස හෝර්ටන් තැන්නට යාම එකල අනිවාර්ය කටයුත්තක් වී තිබින. ඔවුන්ට ආවේණික නම් වලින් ප්‍රදේශය නම් කර තිබූ බව කඩුල්ලට මතකය. කළු දෝවේ මැණික් බහුලව ලැබෙනු බවක් නිතර කියවුන අතර එම කොටස කළු පොකුණ (Black pool) ලෙස මෑත හඳුන්වන බව කඩුල්ල අනුමානය කරයි .
මේ දශකයන් හී මැණික් පතල් කැණිම් වලදී මතුවු පාෂාණ විශේෂයක් පතල්කරුවෝ ගම්වලට ගෙන ආවෝය. ඒවා අගල් 0.5 පමන උපරීම විශ්කම්භයෙන් යුතු බිත්තරයක හැඩයෙන් යුත් විවිධ ප්‍රමානයේ ඒවා විය. ඉතාමත් මෘදු වු මෙම පාෂාන වි‍ශේෂය රසක් නොමැති විය. මෙම මෘදු ද්‍රව්‍යයන් රාම කුමරුන් විසින් සීතා කුමරියට සකස් කල ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය වල ඉතිරි ඒවා බවත් ඒවා පස් අතර තිබී සමු වන බවක් එකල ප්‍රචලිත විය.
කඩුල්ලට එම අවධියේම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දේශනයක් පටිගත කරන අවස්ථාවක් නැරඹීමට වාසනාව ලැබීය. එදින මහාචාර්ය පරන විතාන යන් “රාම රාවන කතාව මිත්‍යාවක්ද “ යන මාතෘකාව යටතේ පැවත්වු දේශනයක් පටිගත කරන ලද අතර දේශනය ඇසීමට ආරාධිත පිරිසක් ද විය. එතුමා‍ගේ දේශනයෙන් රාම සීතා කතාව හුදෙක් සාහිත්‍යමය ප්‍රබන්ධදයක් ලෙස තහවුරු කරන කරුනු ඉදිරිපත් විය. භාරතයේ මහා කාව්‍යක්වු රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් විනා ඉතිහාස පොතක් නොවන බව එතුමාගේ අදහස විය.
මෙම අවස්ථාවට සහභාගිවු ගුරුවරයෙක් යයි උපකල්පනය කල හැකි වැඩිහිටි මහත්මයෙක් දේශනය අවසානයේ සාකච්ඡා වාරයේදී පරනවිතානයන්ට අභියෝගාත්මකව රාම- සීතා කතාව ඉතිහාස කතාවක් බවත් ඔහු නුවර එළියෙන් එහා පවතින රාවනා ඇල්ලට ත් ඒ අසල ඇති රාවනා ගුහාවට ගිය බවත් ඒ ගුහාවේ රාමා හා සීතා භාවිතා කර ඉතිරිවු අග්ගලා සහ බෙහෙත් ගුලි හමුවු බවත් පැවසිය. පරන විතානයන් “ අග්ගලා නම් කමු කෝ බලන්න “ යන්නෙන් පිළිතුරු බැද නිහඩ විය.
පරන විතානයන්ගේ උපහාසත්මක පිලිතුර නිසා මේ මතකය තවමත් කඩුල්ලට සිහිවටනයක් ව ඇත. මේ සීතා අග්ගල කතාවත් හෝර්ටන් තැන්නේ ඇති වසර දශ ලක්ෂ 300-400 අතර කාලයේ පටන් පැවත්වී එන පාෂාණයන්ගේ දිරා යන අවශේෂත් අතර ඇති කතාව ගලපා ගන්නට එම මහතාට ඕනෑ කමක් ඇතිවී නැති බව කඩුල්ල එකල සිතීය.
හෝර්ටන් තැන්නේ පස ඔබට වෙනත් ප්‍රදේශයකදී දක්නට නොලැබෙන සුවිසේෂී ලක්‍ෂණ පෙන්වනු ඇත.
*මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් ලැබෙන වර්ෂාපතනයයෙන් පසට ලැබෙන ජලය ස්පොන්ජියක් මෙන් උරා ගන්නා ස්වභාවයත් මෙම පසේ මතුපිට ස්තරය තුල ඇති බව ඔබට නිරීක්‍ෂණය කල හැක. ඓන්ද්රීතය හා තෘණ සහිතව ස්වභාවික ධර්මය විසින් ස්පොන්ජියක් වන් මතපිට පසක් නිර්මානය කර ඇත්තේ ජලය නිසි පරිදි කලමනාකරණය කර බෙදාහැරීමට යයි සිතන්නට හැකිය. හෝර්ටන්තැන්න තුල ඇති පස රතු සහ කහ පොඩිසොලික් ( Red yellow podzolc ) ගණයට අයත් අතර ආම්ලිකතාවෙන් ඉහල අගයක් ද ගනී. මෙම තැන්නේ දී හමුවන පාෂාණ යන් වසර දශ ලක්ෂ 300-400 අතර ඉතිහාසයකින් යුත් උස් බිම් ‍ශ්‍රේණි‍යේ ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත්වන පාෂාණයන් ලෙස හදුනා ගෙන ඇත.
*(‍මෙම තොරතුරු සපයා ගැණිමේදී හෝර්ටන් තැන්න වනජීවි නිලධාරීන්ගේ සහය ලබාගත් බව සලකන්න.)

4 comments on “හෝර්ටන් තැන්න -2. සීතා අග්ගලා

  1. අපූරු ලිපි පෙලක්, මහත්තයො.

    බොහෝ කාලෙකට පෙර සතියක් මේහි ගතකල සොදුරු මතකයන් සිහියට එනවා. අපි නැවතිලා හිටියෙ “අල බංගලාව” කියන ගොඩනැගිල්ලෙ. අහපු විදිහට, කාලෙකට ඉස්සර කිසිම සෙවිල්ලක් නැතිව හෝර්ටන් තැන්නෙ අල වැව්වලු. අල නං බැස්සලු හි‍ටු කියලා, ඒත් ඒකෙන් වෙච්ච පරිසර හානිය නිසා පලාතෙම වතුර හිදෙන්න ගත්තලු. මේය දැන් රක්ශිත ප්‍රදේශයක් වීම ගැන නං සතු‍ටුයි.

    සුලං රටා වලින් හැදිච්ච අමුතුම හැඩ වල ගසුත්( wind turbine farm දාන්න නං අපූරු තැන), උදේ පාංදර පමනක් දැකියහැකි මීදුම් තට්‍ටු සහ ඒ අතරින් තාරුකා වගේ දිලිසෙන ගෝන, මුව ඇසුත් මවන අපූරු දසුන් දැකීමට අපට වාසනාව ලැබුනා.

    මහා දවාලෙත් අයිස් වගේ හීතල දොලේ වතුර ටිකක් නාලා, උණු උණු බතුයි, හැමතැනම ඉබේ වැවිලා තියන ගො‍ටුකොල වලින් හදපු සම්බෝලෙයි, කරවල බැදුමයි කනකොට නං ආයි කියලා වැඩක් නෑ. ආ තව එකක්, පොල් තෙල් රාත්තල් ගානට විකුනන්නෙත් ඔහේ විත්‍රක් වෙන්න ඇති, ගෙන්නෙ ෂොපි බෑග් වල. අර “Blck Pool” එකේ හිටපු රෝස පාට තඩි මාලු තාම ඉන්නවද?

    දිගටම ලියන්න, තව පින්තූර දාන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )