ඔන්න ඔහොමයි ශ්‍රී ලංකාවේ හැටි.


ගිය සතියේ ජනතාව පාර්ලිමේන්තු මංත්‍රී වරප්‍රසාද සහ තීරු බදු රහිතව මංත්‍රී ඇත්තන්ට ලැබෙන වාහන ගැන කතා බහ කර කර හිටියා. මේ මළදානය නිසා රජයට අහිමි වන බදු ආදායම කෝටි ගානක් කියලා මාධ්‍ය වාර්තා කලා. ආණ්ඩුවේ වත් විපක්‍ෂයේ වත් කවුරු වත් කට ඇරලා කියනවා අහන්න බැරි වුනා මේ වැඩේ නම් හරිම අපරාදයක් කියලා. අඩුතරමින් විදේශීය බලවේග සිහිනයෙන් පේන උදවිය වත් නාස්තිය දූෂණය රාජපක්ෂ සමාගම ගැන චිත්ත භීතියෙන් මොර දෙන උත්තමයෝ වත් කට ඇරියේ නෑ “ හ්ම්“ කියලා.
ජනතාව කසු කුසු ගගා ඉන්න කොට මේ සතියේ වාහන සදහා අය කරන ලද රාජ්‍ය බදු විශාල ප්‍රමාණයකින් අඩු කලා කියලා මාධ්‍ය වාර්තා කලා. ජනතාව ඒ ගැන කතා කර තර ඉදියි. ඒ අතර තීරු බදු රහිතවම ශ්‍රීලංකාවට ගොඩ බහින මොන්ටේරෝ පජරෝ වගේ අපි දන්න නම් නොදන්න නම් තියෙන අති සුඛෝපභෝගි වාහන රාජයෝ බැංකු වලින් සල්ලිත් ණයට දීලා පොලිය භාණ්ඩාගාරයෙන් දීලා – වාහන දියවන්නාවට ඇවිත් බද්ද දියවන්නාවේ නෑදෑයන්‍ගේ පුටු උඩ තියලා වෙළද පොලේ ඔප්පු වකින් පැවරිලා කාගේ හරි කළු සල්ලි කාරයෙක්ගේ මන්දීරයක් ලග වාහ‍‍නේ නතරවෙයි.,ලාබේ දියවන්නාවේ නෑදෑයින්ට ගිහින් නෑදෑ‍යෝ රාජ්‍ය ලාංචනයක් ගහපු වාහනය වලින් දියවන්නා‍වේ ‍තෙල් ගහ‍ගෙන සයිරන් ගහ‍ගෙන එහාට මෙහාට යයි.
මේ සතිය වන විට මාධ්‍ය මිත්‍රයින්ටත් ගිය සතියේ කතා බහට ලක්වුන දියවන්නාවේ ඇත්තන්ගේ තීරු බදු රහිත වු වාහන ගැන අමතක වෙලා. මේ සතියේ කතාබහට ලක්වන “හොට් නිව්ස් “ එක තීරු බදු අඩුවු වාහන.
කඩුල්ලට පරණ අත්දැකීමක් මතක් වුනා. වහින කාලයට කුලි ගෙදර තෙමෙනවා .කඩුල්ල ගෙයක් හදන්න හිතනවා . පායන කාලෙට කඩුල්ල ට ඒ වගක් නැහැ. කඩුල්ලිට මේ වැඩේට මරු ජුවල්.බේරෙන්න බැරි තැන ගෙයක් හදන්න මූලික වැඩ පටන් ගත්තා. ඉස්සෙල්ලම සොයන්න එකතු කරන්න පටන් ගත්තේ ලී දඩු.දොර උළුවහු වලට කොස්. වහලට රෙඩ් ගම් ,සපු වගේ ලී වර්ග. කොස් ලී සොයන්න ගිය තැන ලී මඩුවේ ගිනි ගනන් අහලා මහ ගෙදර වත්තේ ගස් දෙකක් බලා ගෙන අඩන කොට “ඉරා ගන් “ කියලා ඕඩරේ හම්බු වුනා.
මහ ගෙදර කොස් උනාට කපා ගන්න ගිහාමයි හිතුනේ අයිතිය මහ ගෙදරට නෑ කියලා. ග්‍රාම සේවකට කෘෂි කර්ම උපදේශකට පළදා වර්ධන (වර්තමානයේ ගොවි ජන සේවා ) කමිටුවේ සභාපති තුමාට ප්‍රාදේශීය ලේකම් තුමාට ඊටත් පස්සේ දිස්ත්‍රික් ලේකම් තුමාත් අත්සන් කරන්න ඕනි කොස් ගස් දෙක පෙල්ලා ගන්න. ඔය ඔක්කොම වැටවල් වලින් පැනලා මෝලට ගෙනියන්න මෝලෙන් ඉරාපු ලි ගෙදරට ගේන්න බලපත්‍ර ගන්නත් නිළදාරි දම්වැලක පුරුක් පස්සේ ගිහින් අවුරදු දෙකක්ම ගියා වැඩේට.
පසුගිය කාලෙක ඇමති මණ්ඩලේ හිටපු ඇත්තෙක් හිටපු හැටියේ තීරණයක් අරගෙන කොස් ගස් ඇතුළු තවත් ගස් වර්ග කිහිපයක ගස් කපන්න තිබුන තහංචි ඉවත් කලා. ජනතාවට ගෙවල් දොරවල් හදා ගන්න සහන සලස්වන්න. කඩුල්ලට හිතුනා මම දගලපු දෑගලිල්ල කියලා.මාස තුනක් ගියේ නෑ ලිහිල් කරපු නීති ආයෙත් පරණ තැනටම ගෙනාවා. කඩුල්ලටත් නිකම් ඉන්න බැහැනේ සොයලා බැළුවා මොකක්ද උනේ කියලා. එතුමාටත් ගස් ටිකක් කපා ගන්න ඕන වෙලා.
ඔන්න ඔහොමයි ශ්‍රී ලංකාවේ හැටි.
ඒක හින්දා පුංචි හරි වාහනයක් අඩු කරපු බදු වලට ගන්න ඕනි නම් බල ඉන්නේ නැතිව අද හෙටම ගත්තොත් බද්ද ඉතිරි වෙයි. දියවන්නා වේ ඇත්තෝ තීරුබදු රහිත වාහන ටික ගන්නකම් බල බලා හිටි‍යොත් වැ‍ඩේ බකල් ‍වෙයි.

3 comments on “ඔන්න ඔහොමයි ශ්‍රී ලංකාවේ හැටි.

  1. ඔබේ ලිපිය හොඳයි. ඔය කොස් ලී තහනම ඉවත් කිරීම ගැන මම ලියන්නයි හිටියේ .. ඊට කළින් ඔබ දැම්මා .. බොහොම හොඳයි.
    අනික , මම අහන්න හිටියෙ ඔබගෙ බ්ලොග් එකේ අකුරු ලොකුවට දාන්නෙ කොහොමද කියල.. මටත් ඒක කියල දෙන්න පුලුවනිද කරුණාකර…

  2. Tax eka iwath karapu eka hondai . mechchara kal aanduwata bena bena hitapu siyalu janathwao den athey mitey ethi keeya ho ekathu kara leasing paarak dama Maruti ekak wath geneemata try ekak denawa etha. Kotin ma kiyathoth GSP tax sahanya gahala giyath ey gena wagak nethi tharamata den laankika janathawa car – kattak nemethi sihinya piti passaey duwanu etha. Mahinda saha goala samoohaya newathak boalyak dama , jeewana wiyadama saha kada wetena aarthikaya nemethi maduru delen ringeemata samath wee etha ! Lankawata jaya wewa ! Wdi wediyen lankawata car wesi wesewa !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )