කිලිනොච්චිය


කිලිනොච්චිය LTTE ය අත්පත් කරගැනීමට පෙර යාපනයට දෙවෙනිවු විශාල වෙළෙඳ නගරයකි. උතුරට ඉන්ධන බෙදාහරින ප්‍රධාන ඉන්ධන ගබඩාව පිහිටා තිබුණේද කිලිනොච්චියේය. කිලිනොච්චියේ සිට පරන්තන් වලට ඇත්තේ සැතපුම් 4 කි. (6.4 කි.මී) පරන්තන් වල ශ්‍රී ලංකාවේ තිබූ එකම රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබුනේය. මේවා වර්තමානයට අහිමිය.
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි පිරිස්‌ මෙහි රැකියාව කළහ. යාපනය මුලතිව් ප්‍රධාන මාර්ගයේ ( ඒ 35) මංසන්ධිය වූයේද පරන්තන් නගරයයි.මෙම පිහිටීම නිසා කිලිනොච්චිය ජනාකීර්න බවක LTTE පාලනයට පෙර දක්නට ලැබී ඇත.
කිලිනොච්චිය දිගම නගරය වු බව ද එකල අප අසා තිබිනි. එහෙත් LTTE ය විසින් මේ සියල්ල කිලිනොච්චියට අහිමි කර නිද්‍රාවට පත් කර තිබිනි. LTTE ය පලවා හැරීමෙන් පසු යලිත් ටිකින් ටික නගරය යලිත් අවදි වන සෙයක් දක්නට ලැබේ.
එහෙත් තවමත් බිම් බෝම්බ අනතුර පහව ගොස් නැති බව මග දෙපස සංඥා අපට දෙස් දෙනු ලබයි.

මෙම වියමනත් සමග පලවන්නේ LTTE ය පසු බසිද්දී පුපුරුවා හැරි ජල ටැංකියයි. ඔවුන් වන්නියේ සහ උතුරේ ජනතාවට ඉතිරි කර ඇත්තේ කුමක්ද යන්න මෙය හොද උදාහරනයක් ලෙස කඩුල්ල දකී. LTTE ය ජනතාවගේ සුභ සිද්ධිය පිණිස පසුගිය අවුරුදු තිහ තිස්සේ කිසිවක් කර නැති බවත් භුමිය ලබා ගැණීම උදෙසා පමනක් අවධානය යොමු කර ඇති බවක් කඩුල්ල යාපන අර්ධද්වීපයේ සහ වන්නි ඒ 9 මාර්ගයේ මග දෙපස නැති සංවර්ධනය දෙස බලමින් සිතයි.

2002 සටන් විරාම ගිවිසුමක්‌ සමගම ජාත්‍යන්තර සංවිධානවලට ඉවක්‌ බවක්‌ නැතිව මෙරට ස්‌ථානගතවීමට ඉඩ ලැබුනි. නෝවිජියානු ස්‌විස්‌ – ස්‌විඩන්, ඩෙන්මාර්ක්‌ සහ ප්‍රංශ සංවිධාන රැසක්‌ කිලිනොච්චිය හා මුලතිව් හි ස්‌ථානගතවී ‌ ක්‍රියාදාමයන්හි නිරත විය. අද වන විට ඔවුන් කිලිනොච්චිය අතහැර ගොසිනි. සැබෑ මානව හිතවාදී සංවිධාන නම් අද ඔවුන්ගේ ක්‍රියාදාමයන් මගින් මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා කටයුතු කලයුතුය.

ඔවුන්‍ ‍ගේ ‍මේ ‍දෙබිඩි පිළි‍වෙත නිසාවත් ජාත්‍යන්තර කිඹුලන් අඩන් ‍නේ මන්දෑයි අ‍පේ ජාතික නායක‍යෝ ‍නොසිතන් ‍නේ මන්දැයි වවිනියා‍වෙන් ‍මෙපිට ‍ලෝකය දකිමින් කඩුල්ල කල්පනා ක‍ලේය.

2 comments on “කිලිනොච්චිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )