Near Chunnakkam there are 60 mini Dagobas in different sizes veering up to about 4m. thes dagobas made out of the coral.
    යාපන අර්ධ ද්වීපයේ දී කඩුල්ල දුටු බෞද්ධ අනන්‍යතාවය යම් තරමකින් සුරැකි ඇති ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථානය කන්තරොඩෙයි පුරාන විහාරයයි. මෙය කදුරුගොඩ පුරාන විහාරය ලෙසින් සිංහල සමාජය විසින් හදුන්වනු ලැබේ.

“පුවන්කු දිවයින“ – පුංකුඩුතිව් හි වැඩ වාසය කරන ලද රහතුන් වහන්සේලා හැට නමක් අපවත්වු බවත් එම භෂ්මාවශේෂ නිදන් කොට දාගැබ් හැටක් ඉදි කර ඇති බව ප්‍රවාදයේ පවතින්නෙකි. 1917 කැණීම් සිදු කර මෙම පුරාවෘත්තය තහවුරු කර ඇත. දේවා නම් පියතිස්ස රජු විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුර උතුරු දොරටුව දක්වා කරන ලද මාර්ගයේ කදුරු ගොඩ විහාරය පිහිටා තිබු බව සඳහන් වේ. මෙම ස්ථානයෙන් සොයා ගත් බුදු පිළිම සහ පුරා වස්තු යාපනය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇත.
බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් වන දාගැබ් වට දා ගෙයක නටබුන් ඇති මෙම ස්ථානයේ පුරා විද්‍යාත්මක වටිනාකම හදුනා ගත් 1917 දී යාපනය දිසා විනිසුරු ව සිටි පෝල් . ඊ . පීරිස් මැතිතුමන් විසින් එවකට පැවති ආණ්ඩුවට මේ බව දෑනුම් දීමෙන් පසුව 1917-1919 දක්වා කාලයේ කැණීම් සිදුකර ඇති බව සදහන් වේ. මෙම කැණිම් වලින් සොයා ගත් බුදු පිළිම ,වර්ණාලේපිත උළු කැබලි, හා කාසි අනුරාධපුර හා පොලොන්නරුව යන යුගවලට ත් 01 වන සියවසටත් අයත් වන අතර පලමුවෙනි පැරකුම්බා සහ මල්ල ,ලීලාවතී, බුවනෙකබාහු යන රජ වරුන්ගේ යුගවලට අයත් වු බව ප්‍රකාශිතය.
මෙම විහාර ස්ථානය මහනුවර යුගවල ලියවුන විහාර හා පූජා භූමි නාමාවලිය වන “ නම් පොත “ හෙවත් “විහාර අස්න“ හි “කදුරුගොඩ විහාරය “ලෙස හදුන්වා ඇත. මෙය පෘතුගීසි ලේඛනවල හදුන්වා ඇත්තේ “කන්දර්කුඩ්ඩෙයි“ යන නමිනි.
ක්‍රි ව නව වන සියවසේ හතර වන ක්‍යප රජු විසින් මෙම විහාරයට කරවන ලද ප්‍රධානයන් පිළිබදව මෙම ස්ථානය තුලින් සොයා ගනු ලැබු “ අත්තානේ ටැම් ලිපිය කරුණු හෙලි කර ඇත. මෙම ටැම් ලිපිය ක්‍රි.ව නව වන සියවසේද විහාරය පැවති බවට ප්‍රබල සාක‍්ෂියක් ලෙස සලකයි.
දහසයවන සියවසේ යාපනය පාලනය කල “ සංගිලි“ නම් ද්‍රවිඩ රජුගේ පාලන සමයේ කදුරුගොඩ විහාරය විනාශයට පත් කර ඇත.

    කඩුල්ල විසින් පල කරන ලද වියමනක බලන්ගොඩ කූරගල නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවරා ගත් ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථානය මුස්ලිම්වරුන් විසින් නවීකරණය කරමින් පවතින බව සදහනක් ඇත. මෙම ස්ථානයද අවට දෙමළ පදිංචිකරුවන් විසින් ආක්‍රමණය කර හුදකලා කර ඇති බවක් දක්නට ලැබිණි.

1948 වසරේ දී මෙම ස්ථානයේ නිරවුල් භාවය සුරැකීම පිණිස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර හතක් වු භූමි භාගයක් මිලට ගෙන තිබේ. 1965 දී පුරා විද්‍යා නීතිය යටතේ තහනම් ඉඩමක් බවට ප්‍රකාසය කලද අද වන විට ඉතිරිව ඇත්තේ අක්කර 03යි රූඩ් 08 යි පර්චස 33ක භුමි භාගයකි. එය ද පසු කලක දෙකඩ වන සේ මාර්ගයක් ඉදි කරමින් අවට නිවැසියන් භූමිය අල්ලා ගනිමින් සිටීන බව මෙම ස්ථානය නිරීක්ෂණය කරන විට දක්නට ලැබේ.

    ජාතික වටිනාකමකින් යුත් ඓතිහාසික ස්ථානයක් වුවද වර්තමාන සමාජයේ ජීවන අවශ්‍යතාවයනට නොවැදගත් වන බව කඩුල්ල කම්පා වෙන් සිහිපත් කරයි. සිංහල දෙමළ බෞද්ධ අබෞද්ධ භේදයකින් තොර ව රටක ඉතිහාසය සුරැකීම රට වැසි අපේ යුතුකම විය යුතුය.