නගුලේෂ්වරම් – කීරමලෙයි Nagulesvaram – Kearamalai.


Renowned for its freshwater spring, the place also offers some beautiful corals on the seashore. Nearby in the vicinity lies the Nagulesvaram Kovil with an old gopuram decorated with some very unusual themes. People believe that the spring water contains healing power.
නාගුලේෂ්වරම් කෝවිල වසර දෙදහසකට වඩා ඓතිහාසික උරුමයකට හිමිකම් කියන ශිව දෙවියන් උදෙසා කැප වු කෝවිලකි. කෝවිල තුල දකින්නට ලැබෙන කලාත් මක බව පෙන්වන්නේ , මෙම කෝවිල නිර්මාණයේදී ගෝපූරම් කලාව ගුරු කොට ගත් බවයි.
කෝවිල අසල පිහිටි පිරිමීන් සහ කාන්තාවන් සදහා වෙන් වෙන් ව සකස් වු ලද නාන තටාක දෙකකි. මුහුදු තීරයට සමීපව පිහිටි යත් මෙම තටාකයන් මිරිදියෙන් පිරි ඇත. මෙම නාන තටාකය දෙකෙහි දිය නෑ මෙන් දරු සම්පත් ලැබේ යයි හින්දුවන් අතර විශ්වාසයක් පවතී.

…………………………………නගුලේෂ්වරම් කෝවිල ප්‍රධාන ලෙසම ‘ශිවලිංගය’ වන්දනා කරන ශුද්ධ භූමියකි. මෙහි ආරම්භය වසර දස දහස් ගණනක් ඈත රාවණා යුගය තෙක් දිවයයි.
…………………………………….ලංකාවේ හතර කොනේ මේ වගේ ශිව කෝවිල් 4 ක් තිබෙනවා. මාතර දෙවුන්දර, ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම්, මන්නාරම් කේදීෂ්වරම් සහ යාපනයේ නගුලේෂ්වරම් එම කෝවිල් 4 යි. මෙහි ශිවලිංගය වන්දනා කිරීමයි සිදුවන්නේ. මෙම කෝවිල්වල ආරම්භය රාවණා රජ දවස තරම් ඈත අතීතයට යනවා.
විජය කුමාරයා ඉන්දියාවේ සිට ඇවිත් ලංකාවේ රජ වුණාට පස්සෙ මේ කෝවිල් 4 ටම ආශිර්වාද ලබා ගන්නට ගිය බවයි වාර්තා වෙන්නෙ.
මේ කෝවිල්වලින් ඔබ මේ දකින නගුලේෂ්වරම් කෝවිල හරිම සුවිශේෂයි. ඒකට හේතුව තමයි මෙහි වන්දනා මාන කිරීමට ඇති ශිව ලිංගය ලංකාවේ වෙන කිසිම කෝවිලක නැති නිසා.”
කුරුක්කල් තුමා අප කැඳවාගෙන විශාල ශිව ලිංගය අසලට ගොස් යළිත් විස්තරය ඇරැඹීය. “මේ ශිව ලිංගය ‘කළු ග්රැෙනයිට්’ කියන දුර්ලභ පාෂාණයෙන් හදලා තියෙන්නෙ. මෙය ඉන්දියාවෙන් මෙහාට ගෙනැවිත් මෙහි තැන්පත් කළ බවයි සඳහන් වෙන්නේ.
මේ ශිව ලිංගයේ පහළට වන්නට රවුම් 10 ක් දක්නට ලැබෙනවා. මේ එක රවුමක කුඩා ශිවලිංග 100 බැගින් තියෙනවා. ඒ කියන්නේ මෙතැන ශිව ලිංග දාහක් තිබෙන බවයි. ඔබ වරක් මෙය වටේට ගිහින් වන්දනාමාන කළොත් දහස් වරක් වන්දනා කළා වෙනවා. ඒ නිසා ම ලැබෙන ආශිර්වාදය හරිම ප්‍රබලයි…………………………………………………………………………………………..
සැබැවින් ම ශිව ලිංගය වන්දනා කිරීමෙන් දරුඵල නොමැති විවාහක කතුන්ට දරු ඵල ද විවාහය ප්‍රමාද වන අයට විවාහ සාර්ථක වීම ද රැකී රක්ෂාවල දියුණුව, ව්‍යාපාරවල දියුණුව ඇතුළු ජීවිතයේ බොහෝ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට ආශිර්වාද ලැබෙයි.
ශිව ලිංගයට අමතරව කෝවිල පුරා විවිධාකාරයේ දේව පිළිම තිබේ. මෙයින් එක් විශේෂ කුඩා පිළිමයක් වෙත අප කැඳවාගෙන ගිය කුරුක්කල් තුමා එය ඔසවන්නැයි මට කීවේය.
ඉතාමත් සැහැල්ලුවෙන් එය ඔසවන්නෙමියි සිතා මම උත්සාහ කළෙමි. එහෙත් එය සිතාගන්නට පවා අපහසු බරකි. සිනහවක් මුවට නංවාගත් ඔහු එහි විස්තරය ඇරඹුවේය.
“මේ පිළිමය රාත්තල් 500 කට වඩා බරයි. පිළිමයේ හිස මුදුනේ පසු පෙදෙසේ ඇතුළු විවිධ ස්ථානවල නවරත්න මැණික් අල්ලා තිබුණා.
පසුගිය කාලයේ කිසියම් කෙනෙක් යකඩ කපන කියත් මාර්ගයෙන් මේවා කපාගෙන සොරකම් කරලා. පිළිමයේත් තැන් තැන්වලින් කපාගෙන ගිහින්. සමහරවිට මේවා දඹ රන් කියල ඔවුන් රැවටෙන්න ඇති.”
වර්ග අඩි 5,000 ක පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති කෝවිලේ බිමේ ගණදෙවි කෝවිල අසල අලුතෙන් ම ටයිල් අතුරා සකස් කර තිබේ. එසේ ම නටරාජා පිළිරුව හිඳුවා ඇති ස්ථානයේ ද පිළිසකර කටයුතු කිරීම නිසා අලංකාරව ඇත.
උපුටාපලකලේ http://www.silumina.lk/2009/11/08/_art.asp?fn=av09110817 මග පෙන්වූයේ හසිත.

7 comments on “නගුලේෂ්වරම් – කීරමලෙයි Nagulesvaram – Kearamalai.

    • යාපන අර්ධද්වීපය තවමත් නිහඩ වතක් දරන ජනතාවට අයත්ය. අපට අදහස් හුවමාරුවට දෙමළභාෂාව නොදත් කම බලවත් අඩුපාඩුවක්ව පවතින අතර සිංහල කතාකරන්නට දන්නා අය යාපනය නගරයේදී පමනක් හමුවිය. කඩුල්ලට දෙමළභාෂාව යන්තම් යන්තම් කතා කර ගත හැකිවුවත් එම දෙමළද උතුරට වලංගු නැති වතුකරයේ භාවිතා වන දෙමළ භාෂාව වීම ගැටළුවක් විය.
      මෙම වියමන් පෙලෙහි අඩුපාඩුවු තොරතුරු එක් වියමනක ගොනු කිරීමට කඩුල්ල අදහස් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )