යාපන අර්ධද්වීපය

වර්තමානයේ දකුණේ සංචාරකයන් ගෙන් උතුර හා දකුනත් සම්බන්ධ වී ඇති අන්දම සති අන්තයන් සහ නිවාඩු දින වලදී ඒ 9 මාර්ගයෙන් දස දහස් ගනනින් සංචාරක ජනයා උතුර දෙසට ඇදෙනා සුලබ දසුනෙන් නිරීක්ෂණය කල හැක..
පසුගිය සතියේ උතුරේ වර්තමානය හදුනා ගැණිමේ අදහසින් කඩුල්ල උතුරට පිවිසියේය. ඕමන්ත මුරපලෙන් ස්කෑන් කරන ලද කඩුල්ල යාපනයට යාමට හමුදා වරම් ලැබීය. අප කිලිනොච්චිය අලිමංකඩ ඔස්සේ යාපනයට පිවිසියේ හිරු බස්නාහිර සිතිජයෙන් විවේකයක් ගන්නට හෝරා දෙකක් පමන ඉතිරිව තිබියදීය. කාලය ඉතාමත් අරපරිස්සමින් වැය කල යුතු කාල සටහනක් සකස්ව තිබු බැවින් පැය විස්සක් පමනවු එදින ගමන නාගදීපය ද වැද පුදා ගෙන ඉසුඹු ලන්නට කලමනාකරණයේ තීරණය විය.

    යුද්ධ‍යේ විනාශය පරිසර‍යේ සටහන්

අපි දහදියෙන් නෑවි නෑවී සිට මද මුහුදු සුලගින් වියලා ගත් සිරුර දියළුනු ආස්තරයකින් ආවරණය කර ගෙන සිටියෙමු. එහෙත් පිරි පහදු වන්නට කාලයක් නැත. නාගදීපය යන බෝට්ටු සේවය අපට ලබා දී තිබුණේ හෝරා දෙකක් පමණි. නැත්නම් අප පසු දින උදේ පාන්දර පහයි තිහට යා යුතු බව නිවේදනය විය. අපි යාපනයේ සිට කයිට්ස් ,මණ්ඩාතිවු ,පුන්ගුඩුතිව් දුපත් යා කරමින් මුහුදේ ඉදි කර තිබූ මුහුදු මහ මාර්ගය ඔස්සේ නාගදීප යට යා යුතු තොටුපල මුව දොරට ලගා විමු.
අවසන් පැය කිහිපය නිසා දිවා කාලයේ තිබු තදබදයෙන් අප කණ්ඩායම මුදවා ඇති බව හමුදා සොහොයුරෙකු අපට පැවසු වේ “දවල් ට නම් මෙතන තියෙන්නේ යුද්ධයක් “ යයි පවසමිනි. මග පෙන්වන හමුදා සොහොයුරන්ට දිනකට හාර පන්දහසක් එහා මෙහා යන තොටුපලක් බවට පරිවර්තනය ව ඇති නාගදීප මුව දොර බෝට්ටු හතර පහකින් මෙහෙයුම් කිරීම , යුද්ධයක ඉදිරි පෙල සටනක සිටිනවාට වඩා අපහසු කාර්යයක් ව ඇත. ජනතාව හැසිරවීම සදහා ශබ්දවාහිනි යන්ත්යක් පවා නොමැති මේ සොහොයුරන් හට උගුරේ ලේ රහ වෙන තුරු දිනපතා කොතරම් බෙරිහන් දෙන්නට සිදුව ඇත්ද යන්න කඩුල්ලට සිතන්නට විය.
විනාඩි විස්සක් – තිහක් වැනි මුහුදු ගමනකින් නාගදීපයට ගොඩ බට අප යළිත් නාගදීපයෙන් පිටත්ව යාපනය -චුන්නාකම් – ඔස්සේ සැතපුම් 30ක් පමණ දුර ගෙවා කන්කසන්තුරයේ අප වෙනුවෙන් බලා සිටි නවාතැනට වෙහෙසත් නුහුරු උණුසුමත් දරා ගෙන හමුදා මුර කපොළු දහයක් දොලොහකට අපගේ අනන්‍යතාවය තහවුරු කරමින් පැමිණෙන විට හොද පණත් ගොස් තිබූ බව සටහන් විය යුතු ය.

    නිරුපද්‍රිතවු පරිසර‍යේ අසිරිය

පසු දා කාල සටහන සකස් වුයේ යාපනයේ නගරය සහ අවට ගම් බිම් නිරීක්ෂනයට වුවත් බලාපොරොත්තු තරම් ගම් බිම් අපට දක්නට හමු නොවීය. යුද්ධයේ නටබුන්වල තවමත් බිහිසුනු බව පෙන්වන අවතාර අප දෙස බලා සිටියේ ප්‍රභාකරන් ගේ නිර්මාණය තුල අසරනවු යාපන අර්ධ ද්වීපයේ වැසියන් විදි දුක් ගැහැට යළි යළිත් අපට සිහි ගන්ව මිනි.

    මාවඩ්පුරම් කතරගම දේවාලයේ පැරණි ‍වේල් කරත්තයක දැව ප්‍රතිමාවක්

මාවඩ්පුරම් කතරගම දේවාලය, යාපනයේ නගරයේ පුස්තකාලය, නල්ලූර් කන්දසාමි කෝවිල, සාන්ත ජේම්ස් පල්ලිය , කීරමලෙයි දිය උල්පත්, නාගුලේෂ්වරම් කෝවිල, ඕලන්ද බල කොටුව, සහ කන්තරොඩි පුරාණ රජ මහා විහාරය, නැරඹීමෙන් එදින සවාරිය අවසන් කල කණ්ඩායම යළිත් කන්කසන්තුරයේ නවාතැනට පැමිණියේ ය.

    යාපන‍යේ ‍පොදු ‍වෙළදපල

පසු දින යාපනයේ නගරයේ පැය කිහිපයක් ගත කල අපි යාපනයෙන් ආපසු දකුණ බලා ගමන් ඇරඹුවෙමු. යාපනය නගරය කඩුල්ලට අදහස් හුවමාරුවට යොදා ගත හැකිවු එකම ස්ථානය විය. වෙළෙන්දෝ අතරින් තම වෙළද ද්‍රව්‍යය අළවි කර ගැණිමට තරම් සිංහල භාෂාව කතා කළ හැකි සුළු පිරිසක් කඩුල්ලට මුණ ගැසුනේය. “කොහොමද මගේ සිංහල “ කෙනෙක් අසන විට “ – “නල්ලම් – නල්ලම්“ යයි කියා උත්තර බැද කඩුල්ල දවසේ වීරයා විය.
පාසල් අවසන් කර යන කොළු නඩයක් කඩුල්ල මග හැර ගියේ “ සිංහල (…….අසැබි ලෙස දෙමළ භාෂාවෙන් ස්ත්‍රී ලිංගය…… ) මග (යනු දෙමළ භාෂාවෙන් පුතා යන්නයි) “ යන කටුක වදනක් පවසා වුවද ඒ පරම්පරාව තවමත් හඳුනා ගෙන ඇත්තේ පසු ගිය අවුරුදු තිහක භීෂණය පමනක් බැවින් දකුණේ අප කෙරෙහි අවබෝධයක් ඔවුන්ට නැතැයි සිතා කඩුල්ල සිත හදා ගත්තේ ය.
බලන්න දෙයක් ඇත් දැයි සොයමින් අපි උතුරට යා යුත්තේ නම් නැත. ඇත්තෙන්ම අනුරාධපුරය පොලොන්නරුව චාරිකාවකින් එකතු කර ගන්නා අතීතයත්, නුවරඑළිය මහනුවර චාරිකාවකින් ලබාගන්නා සුවපහසු සෞන්දර්ය අත්දැකීමත් නැගණහිර වෙරලේ ඉස්පාසුවත් යාපනයේ දී අපට හමු වන්නේ නැත.

    තවමත් අපත් ඔවුනුත් අතර ඇති වු විරසකය නිවී නැත. මේ විරසකය නිවා දැමීමට උතුරට යනවා මිසක් උතුරේ තවමත් අපට බලන්න දෙයක් නැත යන සිතිවිල්ලේ කඩුල්ල තනි විය.

    යාපන‍යේ ‍පොදු ‍වෙළදපල