ඡන්දය නැවත කියවමු


    දිවයින 2009 මැයි 02 දින පලකරන ලද කාටූනයකි.

අපේ ජීවන වියදම හිතෙන විට දෙවියන් සමග රට කරවන ඇත්තන්ගේ දෙමවිපියන්ද සිහියට එන්නේ නිතැතිනි. රට කරවන ඇත්තන් අවුරුදු තිහක් තිස්සේ යුද්ධය පෙන්නමින් නිදහසට කරුණු කී අතර බඩ වියත තදින්ම වියලෙන්නට වූ යේ යුද්ධයේ අවසන් අවුරුදු දෙක තුලදී බව සිහිපත් කල හැක.
දැන් යුද්ධයේ පීඩාකාරි යුගය අවසන්ය. උතුර නැගණහිර සංවර්ධන කලයුතුය. හම්බන්තොට මහා පරිමාණ ව්‍යාපෘති නිම කලයුතුය. ඒවාත් අවසන්ව දේශපාලනඥයන් අවඥාවට ලක් කල බඩ ගැන හිතන්නේද ?.
ජනතාව රට පෙරට තබා බඩ අමතක කලේය. දේශපාලනඥයන් තමන්ගේ බඩ ගැන සිහින යටි සිතේ රදවමින් ජනතාවට රට පෙන්වා දුන්නේය. දේශපාලනඥයන්ට මෙය “කල්ල මරේ න්‍යායක් “ වන්නට ඇත.එ‍හෙත් කවදා ‍හෝ ජනතාව ගොනාට ඇන්දවු බවක් තේරුම් ගතහොත් මහා නස්පැත්තියක් රටට සිදුවනු වනු ඇත
දැන් දැන් නිතර සාකච්ඡා වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැනය. ජේ.ආර් කලාක් මෙන් එයත් වර්ථමාන දේශපාලනඥයන්ගේ පැවැත්ම උදෙසා නිර්මාණය වන්නක් වෙතොත් ජනතාවට “බුදු සරණයි“ කියා හිත සනසා ලන්නට වෙන්නේය.

මැතිවරණ වලින් ම පිරි අවුරුද්දක අප 2009 වසරේ ජීවත් විය. පලාත් සභා මැතිවරණය කඩින් කඩ අවුරුද්ද පුරා පැවැත් විය. ඊලගට ජනාධිපතිවරණය පැමිණියේ ය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් බඩ කට පුරා ලැබ සිත් පහන් කර ගත්තේ ය. අඩු සොච්චම යථා කාලයේ පිරෙනු ඇත. රට ගැන ම සිතන කොටසක් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවී සිටිනා බවක් විද්‍යාමානවන බැවින් එයට සැකයක් ඇති කර ගත යුතු නැත.

පසුගිය අවුරුද්දේ බඩු මිල ඉහල යාම පාලනය සදහා ආණ්ඩුවේ මැදිහත්වීම උපරීමව දකින්නට තිබූ වසරක් ලෙස කඩුල්ල නිරීක්ෂණය කලේය. 2009 මුල් කාර්තුවේ ගෑස් , පරිප්පු, සීනි මිල තද කර ගෙන සිට සිංහල අවුරුද්දත් බස්නාහිර ඡන්දය නිම වනවා ත් සමග පුපුරවා හැරියේ ය. මෙය ආණ්ඩුවේ මැජික් වැඩක් ලෙස එකල කඩුල්ලටද සිතුනේය. මැතිවරණ පෝලිමත් සමග මේ සිංහල අවුරුද්ද දක්වා රජය බඩු මිලට මැදිහත් විය. යම් මට්ටමිකින් බඩු මිල පාලනය විය.

සහල් හා දේශපාලනඥයන් සහල් ඇටයත්- පොත්තත් සේ සම්බන්ධව ඇතැයි කතාවක් ගොඩ නැගී ඇත.මින් අවුරුදු දෙකකට පමණ පෙර රුපියල් තිහට තිබු සහල් කිලෝවේ අද අවම මිල රුපියල් හැටක් වී ඇත.එසේ සිදුව ඇත්තේ අපි බත් පමනක් කන ජාතියක් බව දේශපාලනඥයන් නොදන්නා නිසා නොව , අපේ කරුමය විසින් එය තේරුම් ගැනීමට දේශපාලනඥයන් හට දෙවියන් ඉඩ නොදෙන නිසාය.

ඩොලර පාලනය කිරීමට අපට බැරි වුනත් කපටි වෙලෙදුන් පාලනය කිරීම රජයකට හැකියාව ඇත.එය පසු ගිය වසරේ ආණ්ඩුව කරන ලද මැජික් සංදර්ශනයක් විය. දැන් දැන් ආණ්ඩුවට දුන් බලය ගැන සිත සිතා ඡන්දෙට සල්ලි පොම්ප කල කපටි වෙලෙදුන් සනස්වන කාලයට අවතීර්ණව ඇති නම් තුනෙන් දෙක ආසන්නයට තල්ලු කර ගෙන ආ ජනතා බලවේගයට දෙවියන් සමග රට කරවන ඇත්තන්ගේ දෙමවිපියන්ද සිහියට ඒමද වැලක්විය නොහැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )