පොඩ්ඩක් හිටපන් – මම බුලත් විටක් කනකම්


බාර් එකේ කොල්ලාට අවුරුද්දට නිවාඩු යන්න ලැබුණේ අවුරුදු පහු වෙලා. එක එක් කෙනා නිවාඩු යන්න දින බෙදා ගන්න කොට කොල්ලා අන්තිම අවුරුදු නිවාඩු රවුම තෝරා ගත්තේ කැමැත්තෙන්. අවුරුදු දවස් ටිකත් අමාරුවෙන් ඇදලා කොල්ලා නිවාඩු ගියේ පහළොස් වෙනිදා. අත මිට සරු කර ගෙන ගෙදර ගිහින් අත මිට හිස් කර ගෙන ඔන්න අද වැඩට ආවා.
ආදරේට කොල්ල කියුවත් නම ප්‍රසන්න. උසස් පෙල කඩුල්ල ලගට ඇවිත් අන්තිමට ලකුණු දෙක තුනකින් වැටුන පොල්ලකින් ප්‍රසන්න අතරමං වුනා. අවුරුදු දෙක තුනක් සා.පෙල ඒ හත අටයි, උසස් පෙල ඒ දෙකයි බී එකයි පෙන්නා පෙන්නා රස්සාවක් හොයන්න රස්තියාදු වෙලා ජීවිතේ අප්‍රසන්න වුන තැන නතර වුනා වෙටර් කොල්ලෙක් වෙලා. සල්ලි බාගේ තිබුනා නම් ඉදිරියට අධ්‍යාපනය කර ගන්න පුළුවන් කියලා ප්‍රසන්න නිතර හිතුවත් ප්‍රසන්නට ඒ වාසනාව තිබුනේ නෑ.

අවුරුදු පහු වෙලා බාර් එකටත් පරන බෝතල් පත්තර ආර්ථිකේ උදා වෙලා. අප්රේල් අන්තිමට ලැබෙන පඩියත් මුල් සතියේම ලැබිලා අවුරුද්දට වියදම් කරගෙන. ඔක්කොම කරකවලා අතහැර දාම්මා වගේ වෙලා.

ප්‍රසන්න වැඩට ඇවිත් මේස ටික දිහා බලා හිටියේ කම්මැලි කමින්. නැගෙනහිරින් හැමදා මත් ඉර පායන්න වගේ නාම සේන උන්නැහේ බාර් එකට පියමන් වුනා. ප්‍රසන්න සුරුස් ගාලා මේසේ ලගට ඇදුණේ කම්මැළි කමට වඩා අළුත් අවුරුද්දේ දැක්ක පලමුවන පාරිභෝගිකයා පිලිගන්න. “සර් සුබ නව වසරක්“ කියන ගමන් අළුත් වාක්‍යයකුත් අගට එකතු කලා “ සර්ට සුබ අනාගතයක් “ කියලා. නාමසේන උන්නැහේත් කට පුරාම හිනා වෙලා “ කොල්ලෝ උඹටත් එසේම වේවා “ කියලා ආදරෙන් උත්තර බැන්දා.

වැඩත් අඩු හින්දා උන්නැහේගේ කතාවක් වත් අහන්න හිතා ගෙන., ප්‍රසන්න ඇණවුමකින් තොර වම නාමසේන උන්නැහේ ගේ සුපුරුදු අඩුම කුඩු ම සෙට් එක මේසයට වැඩම්මෙව්වා . නාමසේන උන්නැහේ කතා කාරයෙක් නෙමෙයි. හැම දාමත් උත්සහ කරන්නේ බියර් බෝතලයකුත් එක්ක පැය ගණනක් අහස පොලව ගැටලන්න. ප්‍රසන්න වටයක් දෙකක් කැරකිලා අන්තිමේදි නාමසේන උන්නැහේ දැහැනට වදින්න ඉඩක් නොදී කතාවට අල්ලා ගත්තා.

සර් අද මහත්තුරු අඩු දවසක් ? . කියලා වටෙන් ගොඩෙන් අවදි කර ගත් නාමසේන උන්නැහේ ගේ සිත අතීත මතකයන් දක්වා අරන් යන්න ප්‍රසන්න සමත් වුනා. නාමසේන උන්නැහේට තරුන කාලේ පෙම්වතියක් හිටියා. සුගත් -දම්මිගේ කතාවට සමානව ඒ ප්‍රථම ප්‍රේම කතාවේ නැවතුම වෙනස් වන්නේ නාමසේන උන්නැහේ සුගත් කෙනෙක් නොවී විවාහයක් කරගෙන දූ දරුවෝ දැකලා හොද ආර්ථිකයක් හදාගෙන දැන් සියල්ලෙන් නිදහස්ව ජීවිත අතීතයේ සැරි සරන චරිතයක් බවට පත්වෙමින්.

“කොල්ලො අපි මුණ දෙන දේවල් වලට පුතිචාර ඇති කරගන්න ඕනි අපේ යහපතට“.ආදර්ශයක් හැටියට මේ මම කියලා උන්නැහේ තමන්ටම ඇගිල්ල දික්කර ගත්තා.

    මම උඹට හිනා යන සිද්දියක් කියන්නම්. “මගේ ප්‍රේමය බිද වැටුනානේ දඩස් ගාලා “ මට හෙන අප්සට් එක පාරටම වෙච්ච දේට මට හිතුනා ගගට පැනලා මැරෙන්න. කලබල වෙලා මම පෙරලි කරන කොට අපේ අම්ම කිව්වේ මොකක්ද දන්නවද ?.“පොඩ්ඩක් හිටපන් මම බුලත් විටක් කන්න හදාගන්න කම් – මටත් උඹත් එක්ක ඔය ගමන යන්න එන්න ඕනි“ කියලා.

නාමසේන උන්නැහේ වගේම උන්නැහේගේ අම්මත් කොච්චර හොදද කියලා උදාසීන පරිසරය දිහා බලා ගෙන ප්‍රසන්න හිතන්න පටන් ගත්තා.


ප්‍රසන්නගේ කතා පිටුවක් ලෙසින් පලකරන්න කඩුල්ල අදහස් කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )