සුබ අනාගතයක් ?.


කවුරුත් හදන්නේ අපට සුබ අනාගතයක දොරටු ඇරදෙන්න. එක එක්කෙනා පෙන්නනන පාරවල් වෙනස් වුනාට හැමෝම යන්න හදන්නේ එකම පාරෙන්.
අපේ ව්‍යවස්ථාවෙන් අපේ රටේ නායකයා පත්කර ගන්න දීලා තියෙන ඉඩෙන් නායකයා හැටියට මහින්ද මහත්තයා පත් කරගත්තා. අපිට විවිධ අදහස් තිබුනත් තරග කරපු අය අතරින් සුදුසුම කෙනා මහින්ද මහත්තයා තමයි. ඒකනේ වැඩි ජනතාවක් ඒ තීන්දුව ගත්තේ.
දැන් මහින්ද මහත්තයාගේ නායකත්වයට ඇහුම් කන් දෙන පාර්ලිමේන්තුවක් ඕනි වෙනවා.ඒකටත් ජනතාව හැටියට අපිට නිර්මාණය කරලා දෙන්න වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධාණයේ බලය සහිත පාර්ලිමේන්තුවක්.
ආරවුලක් නිර්මාණය කරලා රට අස්ථාවර කරන්න රටවැසියෝ හැටියට අපට බැහැ.අන්තිමටම විනාශ වෙලා යන්නේ අපේ සල්ලි.අ‍පේ රට.
රටේ ස්ථාවරත්වයට අපි ඒකට කැමතියි.
මහින්ද මහත්තයා නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාණයේ බුලත් කොළේට කතිරේ ගහන්න ඕනි. ඒත් පොඩි පොඩි ප්‍රශ්න හිතේ පැන නගිනවා. අපේකක උත්තමයින්ගේ මූනත් තහඩු දකින කොට.මේ මූනත් තහඩු අපි දකින්නේ අවුරුදු පහකට පස්සේ. අපි මේ ගොල්ලා ගාවට ගිහින් වැද වැටිලා තියෙනවා. අද අපි ගාවට ඇවිත් ඒ ගොල්ලා වැද වැටෙනවා වගේ. එදා අද අපි හිතනවා වගේ හිතන්න මේ ගොල්ලන්ට හිතක් පපුවක් තිබුනේ නෑ. බලය පෙන්නලා අපි තුට්ටුවකට වත් මායිම් කලේ නෑ.

මේ ගොල්ලන්ගේ දිල පලල වැඩි කරගත්තට අපි ඉරිසියා නෑ. රටටත් සේවයක් කරලා තිබුනා නම්.
ඒ ප්‍රතිපලයම අනාගතයේදීත් අපිට නැවත ලබා ගන්න මේ අවස්ථාවේ අපේ ඡන්දය නැවතත් දන් දෙන්න පුළුවන් ද කියන එක නම් ලොකුම පුශ්නයක්.
මේ ගොල්ල තමන් මාකට් කර ගන්න බැරි හින්දා අදත් මාකට් කරන්නේ මහින්ද මහත්තයාව.බැරි වෙලාවත් පාර්ලිමේන්තු මැතිවරණය කලින් තිබ්බා නම් “ බබිත් සුං – බබිගේ අම්මත් සුං “ රනිල් මහත්තයාගේ අවාසනාවට එහෙම උනේ නෑ.

කොහොම උනත් රටට සුබ අනාගතය සොච්චමකින් හරි උදා වෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධාණයේ

    බුලත් කොළේට කතිරේ ගහන්න ඕනි

කියලා කඩුල්ල සටහන් කරනවා.

2 comments on “සුබ අනාගතයක් ?.

  1. මේ ආන්ඩුව ඉතා සීඝ්‍රයෙන් රට උගන්ඩාවක්, මියන්මාරයක් කරමින් ඉන්නේ. එහ්ව් එකේ තව පාර්ලිමේන්තුවෙත් වැඩි චන්දයක් දුන්නොත් හොඳට තියේයි. හිට්ලර්ව පරාද කරනවා ඉක්මනින්ම.
    මේ එකාධිපති වියරුව පරාද නොකරොත් ඔහේලා කොච්චර කඩේ ගියත් වෙන පොඩ්ඩ වැරදුනොත් ඉවර කරලා දායි. ඒක නිසා පරිස්සමින්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )