මතකයේ සිරගත වෙමි.


කාලය ගෙවී යයි. අතීත දේශපාලන මතකයන් සමග වර්තමාන සිද්ධීන් එකින් එක ගළපන විට ඇති වන පරස් පරයන් විසඳා ගත නො හැකි අන්තයන් හී සිරගත වේ.
LTTE ක්‍රියාකාරකම් සිදුවු කාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා සම්බන්ධ වු මුල් පෙලේ පුද්ගලයින් කලින් කලට හැසුරුන ආකාරය වෙන් වෙන්ව සලකා බලන විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබදව ඇතිවෙන පරස්පරතා අප පුදුම කරවන ඒවා බවට පත්වේ.

මෑතක ආන්දෝලනයට ලක්වු කෙටි කලකින් හැසිරීම් රටා වෙනස් වු සිද්ධියක් ලෙස සරත් ෆොන්සේකා සිද්ධි මාලාව ඔබේ මතකයත් සමග ගලපා බලන්නට කඩුල්ල යෝජනා කරයි. මෙම වියමනේ යම් යම් මතක සිද්ධීන් සටහන් කරනු යේ අත්වැලක් වශයෙනි.

අපේ දේශපාලන පක්ෂ නායක කරකාදීන් ඔහු හමුදාපති ව සිටි අවධියේ ඔසවා තැබු අන්දම අපට සිහිපත් වේ. සරත් ෆොන්සේකා ද හමුදාපති ව සිටි අවධියේ ඔහුගේ මාධ්‍ය සාකච්ඡා අප අසා ඇත්තෙමු.ඔහුද රජයේ ක්‍රියා මාර්ග හා සමපාත ස්ථාවරයක සිටි බව අපට සිහිපත් කරගත හැක.

සරත් ෆොන්සේකා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ඇමරිකාවට යයි. ඇමරිකා රජයේ ප්‍රශ්න කිරීම් වලට ලක්වන බව ප්‍රකාශ වේ. ලක් රජය මැදිහත් වී ආපසු මෙරටට ගෙන්වා ගනි. ඉන් සති දෙක තුනක් ඉක්ම වන්නටත් පෙර මාණ්ඩලික ප්‍රධානි තනතුරෙන් විශ්‍රාම ගනී. ඉන්පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. මේ ඇමරිකා ගමනත් පසුව ජනාධිපතිවරණයත් – ජනාධිපතිවරණයෙන් පසුව ඔහුගේ හැසිරීම රටාව විමර්ශණය කරන්න.

අප වේදිකාවේ අසන්නේ සරත් ෆොන්සේකාට පක්‍ෂපාතිවු කන්ඩායම් ඔහු වර්ණනා කල අන්දම සහ රජයට පක්ෂපාත කන්ඩායම් ඔහු විවේචනය කල ආකාරයත් සරත් ෆොන්සේකාට පක්ෂපාතිවු කන්ඩායම් මහින්ද රාජපක්ෂ චරිතය විවේචණය කල ආකාරයත් අතර වූයේ මුල් කාලයේසිටි චරිත දෙකට වඩා විශාල පරස්පර චරිත දෙකකි.

පිම්බීමේ ස්වරූපය යථා පරිදි හදුනා ගැනීමට සරත් ෆොන්සේකාට අපහසුවේ. ඔහු ඒකාන්තයෙන්ම ජනාධිපතිවරණයෙන් දිනනු ඇතැයි විශ්වාසයෙන් සිටි බවක් පැහැදිලිව දකින්නට ලැබිණි.
ජනාධිපතිවරණය අවසන් අදියරට පැමිණෙන විට නාම යෝජනා දී මුල් සති දෙකෙහි සිටි සරත් ෆොන්සේකා පසුව වේදිකාව තුල හැසුරුන අන්දම මෙනෙහි කරමු . ඔහු දේශපාලනයේ ඔසවා තැබු රනිල් වික්‍රමසිංහ මහතා වැනි ප්‍රබල ෙද්ශපාලන චරිත හෑල්ලුවට පත් කරමින් ජවිපෙය සමග ඒක පුද්ගල ගමනක යෙදෙමින් සිටි බව සිහිපත් වනු ඇති.

ජනාධිපතිවරණය අවසන්වේ. ඉන් පසු සරත් ෆොන්සේකා හමුදා භාරයට පත්වේ. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්වේ. රනිල් වික්‍රමසිංහ මහතා මහත් උද්යෝගයකින් යුතුව සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ව්‍යාපාරයට දායකවේ. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවන තෙක් ඒ පිලිබදව දැක්වු උනන්දුව අද වෙන විට හුලං බැස ඇති බවක් පෙනෙන්ට තිබේ. ඒ අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් ෆොන්සේකා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාපයට එරෙහිව තරග කරයි.

සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි LTTE ක්‍රියාකාරකම් අවසන් අදියරේ පවත්නා වකවානුවේ සන්ඩේ ලීඩර් ඇතුළු මාධය ප්‍රධානීන්ට සිදුවු අනතුරු පිළිබදව නොයෙක් දෙස ඇගිල්ල දික්වී නොවිසදුනු ක්‍රියා කාරකම් බවට පත්වේ. එකල සන්ඩේ ලීඩර් කතුවරයා වු ලසන්ත වික්‍රමතුංගෙග් මරණය පිළිබදව ද යම් යම් අංශ වෙත ඇගිල්ල දික්විනි. එහෙත් ජනාධිපතිවරණය නිවේදනය කරත්ම සන්ඩේ ලීඩර් පත්‍රය සරත් ෆොන්සේකාට සහයට ඉදිරිපත්ව සති දෙකක් යත්ම ගෝඨාභය වෘත්තාන්තය එලි දක්වයි.

ඉන් හටගත් කම්පනය ඡන්ද හතලිස් ලක්ෂ යේ සීමාවේ සරත් ෆොන්සේකා නතර කරන්නට ජනතාවට බල කෙරේ. එම හේතුව ඔහු වර්තමාන තත්වයට පත් කිරීමටද යම් කිසි තරමක සාධකයක්ද විනි. එම ප්‍රකාශය පිලිබදව සන්ඩේ ලීඩර් මාධ්‍ය වේදිනිය පසුව අනුගමනය කල පිළිවෙත සිහිපත් කර බලමු. සන්ඩේ ලීඩර් පත්‍රය ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යම් කිසි සේවාවක් ඉටු කර ඇති බවක් වර්තමානයේ විද්‍යාමානවේ.

LTTE ක්‍රියාකාරකම් හා රජය තදින්ම ගැටෙමින් සිටින විට රජය ආරක්ෂා කර ගත යුතු ස්ථාවරයෙන් සිටි ජවිපෙය අයවැයේදී රජය අතහැර යයි. ජවිපෙය LTTE ක්‍රියාකාරකම් පිලිබදව දැක්වු ස්ථාවරය පිළිබදව බෙදීමක් තිබුන බවක් පැහැදිලි කරමින් දෙකඩ වේ. රජයත් යුද්ධයත් සමග සිටි සරත් ෆොන්සේකා පසුව රජයට එරෙහිව යුද්ධයත් සමග නොසිටි කන්ඩායම හා පෑහි ජවිපෙයේ වෙන් නොවුන කන්ඩායම සමග ජනාධිපතිවරණය දී එක්ව කටයුතු කරයි. වේදිකාවේ ඔවුන්ගේ නියෝජනය තිබුනේ කාගේ අරමුදල් සමගද යන්න අද වන විට ඩොලර් නෝට්ටුවලින් සහ ඔවුන් වේදිකාවේ කරනා නියෝජනයෙන් හෙලි දරව් වේ.

මේ සිහිපත් වන හේතු කාරනා කිහිපයකි.

අප අනතුරක සිටින බවක් අපට පැහැදිලි වේ . අප අනතුරකට ලක් කිරීමට අපේ නායක යන් මිළදි ගැනීමට කාට හෝ උවමනාවක් ඇති බවත් පැහැදිලි වේ . අපේ නායක යන් ඉතා ඉක්මනින් අලවි වන බවත් පැහැදිලිවේ. ඉතින් සැකයෙන් තොරව ජනතාව වු අප කාට විශ්වාසය දැක්විය යුතු ද යන්න සිතීම මංමුළාව අතරමං වන කාරණයකි.
කවුරු තෝරා ගෙන ඔවුන් හට විශ්වාසය පලකලත් ඔවුන් යන්නේ අපට දක්වන මාවතේ නොවේ. මේ සියල්ලෝටම සගවා ගත් න්‍යාය පත්‍රයක් ඇති බවක් මෙතෙක් කලක් පැවති දේශපාලන භූමිකාවන් විග්‍රහ කරන විට අපට පසක්වේ.
සියල්ලෝ ම අපට ප්‍රශ්න ඉතිරි කර මල්ල පුරවා ගන්නා බවක් නම් මෙතෙක් අප දුටු එක් සත්‍යයකි.

(මීදුමට කල වියමනකි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )